කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්ෂ විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කර තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාරය එච්.ඩී. කරුණාරත්නගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව යළි තමන් එම ධුරයට පත් කරන ලෙස ඔහු කර තිබු ඇයැදීම නොසළකා හරිමින් උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්ෂ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය කපිල සෙනෙවිරත්න විසින් විශ්ව විද්‍යාල පනතේ 34 (9) (බී) වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුවය.
පසුගිය 12 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම කර ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ පසුගිය කාලයේ සිදුවු බව කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශන කටයුතුවලින් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ ස්ථිර පත්කිරීම කරන තෙක් එම ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්ෂ පත් කර ඇති බවද වාර්තාවේ. ( ලංකාදීප )







