කොළඹ නගර සභාව වෙනුවෙන් ඡන්ද 81,814ක් සහිතව 36.92% ඡන්ද ප්‍රතිශතයක් සහිතව ආසන 48ක් දිනාගෙන සිටිනා ජාතික ජන බලවේගයට කොළඹ නගර සභාව පිහිටුවීම සඳහා ස්වාධීන කණ්ඩායම් සහ කොළඹට තරග කළ කුඩා පක්ෂ 09ක් එක්වීමට සූදානම් වී තිබේ.
ඔවුන් අතරින් සමනලයා ලකුණින් තරග වැදුන එක්සත් සාම සන්ධානයත්, තැපැල් කුළුන ලාංඡනයෙන් තරග වැදුන ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයත්, අද සිය සහාය ආන්ඩුවට ලබා දෙන බවට තහවුරු කළේය.
විපක්ෂය මේ වනවිට එල්ල කරන ලාභ මඩ ප්‍රහාර ප්‍රතික්ෂේප කරන බව එම පාර්ශව දෙකේ නායකයින් විපක්ෂයේ මෙන් මුදලට විකිණෙන දේශපාලනයක් තමන්ට මෙන්ම ආණ්ඩුවට ද නැති බව ප්‍රකාශ කළේය.
එමෙන්ම මේ වනවිට චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ තමන්ට කොළඹ නගර සභාවෙන් ලැබුණු එකම ආසනය විපක්ෂය පිහිටුවන කිසිම සන්ධානයකට එක් නොකරන බව චම්පික රණවක අද පැහැදිලිවම ප්‍රකාශ කළේය. දිලිත් ජයවීරත් ප්‍රකාශ කළේ සර්ව ජන බලය පක්ෂය කිසිම දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත නොවන බවය. ඔවුන්ට සභික ධූර 02ක් හිමි වී ඇත.
අද පැලවත්තේ ජාතික ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව ස්වාධීන කණ්ඩායම් ප්‍රකාශ කළේ අද ස්වාධීන කණ්ඩායම් සහ පක්ෂ 09ක් සාකච්ඡා කර ජාතික ජන බලවේගය හා එක්ව කොළඹ නගර සභාව පිහිටුවන්නට එකඟතාවයකට පැමිණි බවය. තවත් කණ්ඩායම් තුනක් සමග හෙට සාකච්ඡා කිරීමට නියමිත බවත්, මේ ප්‍රමාණය එක්වනවිට සභික ධූර 60කට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයට හිමි වන බවත් එම ස්වාධීන කණ්ඩායම් පැවසූහ.







