අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ නගරාධිපති ධුරයෙන් රෝසි ඉවතට…?

by Lanka Sara Editor
ජූනි 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය එම තනතුරින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණට සහය නොදී සමගි ජන බලවේගයට හෝ වෙනත් ඕනෑම පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට සහාය දක්වන නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරු, විපක්ෂ නායකවරු හා පළාත් පාලන ආයතනවල (එජාප) මන්ත්‍රීවරු ඉවත් කිරීමට පක්ෂය මීට ඉහත දී ගන්නා ලද තීරණයකට අනුව රෝසි සේනානායක ධුරයෙන් ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු නොකරන පළාත් පාලන ආයතනවල නියෝජිතයින් පිළිබඳව සොයා බැලීමේ රහසිගත වැඩපිළිවෙලක් එක්සත් ජාතික පක්ෂය විසින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කර තිබූ අතර ඒ අනුව රෝසි සේනානායක මහත්මියට එක්සත් ජාතික පක්ෂයේ වරප්‍රසාද ලබා ගනිමින් නගරාධිපති ධුරය ද හොබවමින් සමගි ජන බලවේගය ශක්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස ගණනාවක්ට කටයුතු කළ බව පක්ෂය විසින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත.

රෝසි සේනානායක මහත්මිය ඉවත් කිරීමෙන් පුරප්පාඩු වන නගරාධිපති තධුරය සඳහා කොළඹ මහ නගර සභාවේ වත්මන් නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ඉක්බාල් සහ මීට ඉහත අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කළ ටයිටස් පෙරේරා යන මහත්වරු ඉල්ලුම් කර ඇති අතර මේ පිළිබඳව අවසන් තීරණයක ඉදිරි කාලය තුළ එජාපය විසින් ගැනීමට නියමිතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර කොළඹ නගර සභාවේ එජාප සියලු මන්ත්‍රීවරු පළමුවෙනිදා සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත කැඳවා නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවති අතර ඊට නගරාධිපතිවරුන් හා තවත් එක් මන්ත්‍රී මන්ත්‍රීවරියක් සහභාගි වූයේ නැත.

මෙම රැස්වීමට අත්‍යවශ්‍ය හේතුවක් නිසා තමාට සහ සහභාගී වීමට නොහැකි බව නාගරික මන්ත්‍රීන් පක්ෂය වෙත දැනුම් දී තිබූ අතර නගරාධිපතිනිය එවැනි කිසිදු දැනුම්දීමක් කර නොතිබිණි.

මෙම නාගරික මන්ත්‍රීවරු දැනුවත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලන පක්ෂයක් හැදීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසිවිටෙක උපදෙස් නොදුන් බවයි.

පක්ෂයේ විනය කඩකරමින් ජාතික සමගි ජන බලවේගයෙන් නාම යෝජනා භාරදී සිටින සියලු එජාප සාමාජිකයින්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි කළ බවත් ඊට ප්‍රතිචාර ලැබුණු වහාම ඉදිරියට දින කිහිපය තුළ ඒ සම්බන්ධයෙන්යෙන් අවශ්‍ය තීරණයකට පැමිණෙන බව පැවසීය.

රැස්වීම් අවසානයේ නාගරික මන්ත්‍රීවරු සියලු දෙනා මෙවර මැතිවරණයේදී අලියා ලකුණ දිනවීමට කැපව ක්‍රියාකරන බවට සහ සහතික වූහ.

Tags: නවතම
Share81Tweet43
Previous Post

ජිල්මාට්වලින් කෝටි ගණන් ගිල්ල පරිගණක ඉංජිනේරුවා අල්ලයි…

Next Post

තොණ්ඩමන්ගේ පුටුවට තුන්කොන් සටනක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.