අවසානයේ දී 2026 කොළඹ මහ නගර සභාවේ අය වැය අද (31) වැඩි ඡන්ද දෙකකින් සම්මත වූයේය.
අද ඡන්ද විමසීමේ දී විපක්ෂව ඡන්ද 56ක් සහ අය වැයට පක්ෂව ඡන්ද 58ක් ලැබී තිබිණි.
ජාතික ජන බලවේගය බලය දරන කොළඹ නගරසභාවේ අය – වැය නගරාධිපතිනිය වූ ව්රායි කැලී බල්තසාර් විසින් මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ දෙසැම්බර් මස 22 දාය.
එම අවස්ථාවේ දී ඡන්ද 03කින් පරාජයට පත් වූ අතර පක්ෂව ඡන්ද 57ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබිණි.







