බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ නගර වැසියන්ගේ කොවිඩ් ගැන සජිත්ගෙන් ප්‍රශ්න වැලක්

by Lanka Sara Editor
නොවැම්බර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 වසංගතය වැඩිපුරම ව්‍යාප්ත වී ඇති කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා ප්‍රදේශවල රුපියල් 5,000 දීමනාව නිකුත් කිරීම දිනකට 100 දෙනෙකුට පමණ සීමාවන බැවින් එක් ග්‍රාම නිලධාරී වසමක 10,000කටත් වඩා අධික ජනගහනයක් නිසා බොහෝ පවුල්වලට එය ලැබීමේ දී සිදුවන ප්‍රමාදය වැළැක්වීමට කඩිනම් විසඳුමක් දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට පවසයි.

ස්ථාවර නියෝග 27(02) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්න මෙසේය.

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැනට බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති අතර, මින් දැනට වැඩිම බලපෑමක් සිදු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයටය.

කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, මෝදර, මට්ටක්කුලිය, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බ්ලූමැන්ඩල් ඇතුළු ප්‍රදේශ කිහිපයක් හා මහල් නිවාස කිහිපයක් ද හුදකලා කර තිබේ. මීට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, වත්තල, පෑලියගොඩ, රාගම සහ කැළණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් ද කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රදේශය ද හුදකලා කර තිබේ. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කොළඹ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ජනගහනය අධිකම දිස්ත්‍රික්කය වන අතර, කොළඹ නගරය තුළ පමණක් හුදකලා කළ ප්‍රදේශවල ලක්ෂ 03කට ආසන්න ප්‍රමාණයක ජනතාවක් ජීවත් වනු ලබයි. මෙම පිරිස අතරින් 60%ක් පමණ දෛනික ආදායම් ලබන පුද්ගලයින් වන අතර, බොහෝ පිරිස අඩු ආදායම්ලාභී පවුල් ලෙස ද හඳුනාගත හැකිය.

මේ වන විට මෙම ප්‍රදේශ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හුදකලා කර හෝ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති නිසා ජනතාවගේ ආදායම් ඉපයීමේ අවස්ථාවන් ගිලිහී ගොස් ඔවුන් අන්ත අසරණභාවයට පත් වී ඇත. 

හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින පවුල් සහ ස්වයං නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10,000 ක බඩු මල්ලක් ලබා දීමේ වැඩ පිළිවෙලක් සිදු කර ගෙන යන බවත්, ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වලට මාසිකව රුපියල් 5000ක දීමනාව ලබා දෙන බවත්, රජය විසින් ප්‍රකාශ කර ඇත. නමුත්, මෙම වැඩපිළිවෙල යටතේ සුදුසුකම් ලබන සියළුම පවුල්වලට එම ප්‍රතිලාභය මේ දක්වා ලැබී නොමැති බව වාර්තා වේ. මේ බව පසුගිය දින වලදී මෝදර අළුත් මාවත, ඉබ්බාවත්ත හන්දියේ මහල් නිවාසයන්හි පදිංචි නිවැසියන් හා හේනමුල්ල මහල් නිවාසයන්හි නිවැසියන් විසින් කොවිඩ් අවදානම් තත්ත්වය ද නොතකා වීදි බැස සිදු කරන ලද උද්ඝෝෂණ වලින් ද පැහැදිලි වේ. 

දීමනා බෙදාහැරීමේ යාන්ත්‍රණයේ පවතින දුර්වලතාවයන්ට අමතරව, මෙම දීමනාව එක් පවුලකට මාසයක් ජීවත් වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මම මේ අවස්ථාවේ දී පෙන්වා දීමට කැමැත්තෙමි. පසුගිය සතියේ මෙම සභාවේදී රජයේ අමාත්‍යවරයෙක් විසින්, “මාසයකට දෙනු ලබන රුපියල් 5,000 සතියකින් අවසන් කරගනු ලැබූ බවට” එම ජනතාවට චෝදනා නැගූ නමුත්, මීට පෙර සිටම මාගේ ස්ථාවරය වූයේ, රුපියල් 5,000 කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, අවම වශයෙන් එක් පවුලකට මසකට රුපියල් 20,000ක දීමනාවක්වත් ලබාදිය යුතුය යන්නයි. සාමාජිකයන් දෙදෙනෙකු සිටින පවුලකට වුව ද ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් මාසික ජීවන වියදම් ලෙස අවම වශයෙන් රුපියල් 15,000ක් වත් අවශ්‍ය වේ. මීට අමතරව, වත්මන් රජයේ ප්‍රතිපත්ති නිසා බඩු මිල ද දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින්, ජීවනෝපාය අහිමි නොවූ ජනතාවගේ ආර්ථිකය ද අස්ථාවර වෙමින් පවතී. 

කොළඹ දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය අනුව ජනතාවගේ ආර්ථිකය ඉතාමත් අසීරු අඩියකට පත්ව ඇති අතර, අනෙකුත් දිස්ත්‍රික්කවල තත්ත්වය ද මීට වඩා යහපත් නොවන බව අප සැම දන්නා කරුණකි. මේ පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණක් වශයෙන් සළකා පහත ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.  

1. කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ, හුදකලා කර ඇති ප්‍රදේශ සහ හුදකලා කර ඇති මහල් නිවාසවල ජීවත් වන ජනසංඛ්‍යාව සහ පවුල් සංඛ්‍යාව කොපමණ ද? 

2. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් කීයකට මේ වන විට රුපියල් 5,000 දීමනාව ලබා දී ඇත් ද? රුපියල් 10,000ක බඩු මල්ල ලබා දී ඇත් ද? ඒ සඳහා වැය වූ මුදල වෙන් වෙන්ව සඳහන් කරන්නේ ද? එසේ නොකරන්නේ නම් ඒ මන්ද? 

3. මෙම දීමනාව කෙටි කාලයක් තුළ සෑම පවුලකටම ලැබෙන සේ මෙම යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සඳහා  වැඩපිළිවෙළක් සැකසිය නොහැක්කේ ද? එසේ නොහැකි නම් ඒ මන්ද? 

4. ජීවනෝපාය අහිමි වූ පවුල් වලට මසකට ලබා දෙන රුපියල් 5,000 දීමනාව ප්‍රමාණවත් බව රජය සිතන්නේ ද? එසේ නොමැති නම්, එම දීමනාව මසකට රුපියල් 20,000 දක්වා වැඩි කිරීමට ක්‍රියාකිරීමට රජය බලාපොරොත්තු වන්නේ ද? නොඑසේ නම්, වැඩි කළ හැකි ප්‍රමාණය කොපමණක් ද? 

5. ස්වයං නිරෝධායනය වන පවුල් වෙත ලබා දෙනු ලබන රුපියල් 10,000ක බඩු මල්ල තුළ රුපියල් 10,000කට සරිලන බඩු නොමැති බවට නිවෙස්වලම නිරෝධානයට ලක් වී සිටින බොහෝ පිරිසක් විසින් චෝදනා කර ඇත. මෙම තත්ත්වය නිවැරදි කිරීමට ගනු ලබන පියවර කවරේද? එසේ පියවර නොගන්නේ නම් ඒ මන්ද?

6. මෙම ප්‍රදේශ තව කොපමණ කාලයක් නිරෝධායන ඇඳිරි නීතිය පනවා හෝ හුදකලා තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට සිදුවනු ඇතැයි රජය සිතන්නේ ද? එම කාලය අනුව ඒ සඳහා සැලසුමක් රජයට තිබෙනවාද? එසේ නොමැතිනම්, එසේ සැලැසුමක් පිළියෙල නොකිරීම රජයක් ලෙස වගකීම් පැහැර හැරීමක් බව රජය පිළිගන්නවා ද? 

7. රටේ අනෙකුත් දිස්ත්‍රික්ක වල ද ඇඳිරි නීතිය සහ හුදකලා කිරීම් නිසා ජනතාවට ජීවනෝපාය අහිමිවීම් සිදුවී ඇති අතර, එසේ සිදු වූ ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේ ද? ජනතාවට සහන සැලසුවේ නම්, එසේ සහන සැලසූ පවුල් සංඛ්‍යාව සහ වැය වූ මුදල් පිළිබඳව වෙන් වෙන් ව දිස්ත්‍රික්ක මට්ටමෙන් මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද? 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොවැම්බර් 27 නිවෙස් ඉදිරිපිට පහනක් දල්වන්න… ටී.එන්.ඒ උතුරේ දෙමළ ජනතාවට කියයි….

Next Post

ආණ්ඩුව කාන්තාවන්ට සියයට 15 මෙන්සස් බද්දක් ගහලා

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.