අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොස්ගොඩදී ඇල්ලු අයිස් තොගය එව්වේ මහනුවරටද?

ප්‍රවාහනයට යොදාගත් බස්රිය නුවර සිට ගිය එකක්

by Lanka Sara Editor
ජනවාරි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොස්ගොඩ ප්‍රදේශයේ දී අද අලුයම බස් රථයකින් ප්‍රවාහනය නරමින් සිටියදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18 ක තොගය මහනුවර සිටින ජාවාරම්කරුවකු වෙත ප්‍රවාහනය කිරීමට උත්සාහ ගත්තේද යන්න පිළිබඳව පොලිස් විමර්ශණ අංශ සැක පහළ කරයි.

මේ සැකයට හේතුවී ඇත්තේ එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බස් රථය මහනුවර පුද්ගලයකු විසින් අදාළ සැකකරුවාට ලබා දි ඇති බවට මූලික විමර්ශණවලදී අනාවරණය වී තිබීමය.

කෝටි ගණනක් වටිනා මෙම මත්ද්‍රව්‍ය තොගය පසුගියදා ඉන්දියාවේදී මිය ගිය අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුවාගේ‍ සමීපතම පාතාල අපරාධකරුවකු වන දැනට ඉන්දියාවට පැන සිටින ලඩියා නැමැත්තා විසින් මෙහෙයවනු ලැබ ඇති බවත් ඔහුගේ උපදෙස් මත හෝමාගම පදිංචි තිලංග නැමැති පුද්ගලයකු එම මත්කුඩු තොගය ප්‍රවාහනය කිරීමට යොදා ගෙන ඇති බවටත් සැක කෙරේ.

එම මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගත් මෙම සැකකරු ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ලඩියා නැමත්තා විසින් ඉන්දියාවේ සිට දුරකථන ඇමතුමක් ලබා දී මහනුවරට යවන ලෙසත් එහිදී තමන්ට ලැබෙන බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොස්ගොඩ ට රැගෙන එන ලෙසය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්දියාවේ නිෂ්පාදිත අයිෂර් වර්ගයේ ආසන 48 බස් රථය මධ්‍යම පළාත සංකේතවත් කරන ලියාපදිංචි අංකයක් සහිත වන අතර එය මෙම තිලංග නැමැත්තා කොස්ගොඩ පියගම තොරණ හන්දියට පදවාගෙන පැමිණ ඇත.

එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය බස් රථයට තවත් පාර්ශ්වයක් විසින් ලබා දී ඇති අතර ඔහුට උපදෙස් ලැබී ඇත්තේ එය යළි දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන එන ලෙසය.

කෙසේ වුවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරක් මත මෙම මත්ද්‍රව්‍ය තොගය ඔහු බස්රථය පදවාගෙන පැමිණෙද්දි අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මේ පිළිබඳව තවදුරටත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාර් එක පාර්ක් කර බස් එකෙන් කොළඹ යන Park & Ride ජනපති විවෘත කරයි

Next Post

වෛද්‍ය පාදෙනිය නිරෝධායනය උනේ පාටියක් නිසා නෙවෙයි – GMOA

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.