අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ්වලට “බලු බෙහෙත්“ දෙන පිස්සුව නවත්වන්න… විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් අධ්‍යක්ෂ ජනරාල්ට ලියති

by editor
සැප්තැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • නිශ්පාදකයන් පවා කොවිඩ්වලට එරෙහිව අයිවමෙක්ටීන් ක්‍රියා කරන බව කියන්නෙ නෑ…

  • ඖෂධ නියාමන අධිකාරියද හදිසි භාවිතය සඳහා අයිවමෙක්ටින් ගෙන්වීමට රජයට සම්බන්ධ ව්‍යාපාරික බලවතකුට වැඩි අයිතියක් හිමි ඖෂධ සමාගමකට අවසරය ලබා දීලා…

කොවිඩ් 19 වෛරසය වැළැක්වීම හෝ ඊට එරෙහිව ප්‍රතිකාරයක් ලෙස  ලෝකය පුරා මත පළ වුණු අයිවමෙක්ටින් (Ivermectin) නැමැති ඖෂධය  ශ්‍රි ලංකාව තුළ භාවිතයෙන්  වළකින ලෙස ජ්‍යෙෂ්ඨ වෛද්‍ය විශේෂඥයෝ මහජනතාවට කියති.

එසේම කොවිඩ් මරණ  අඩු කර ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව ද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පසුගියදා ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ දැනට කොවිඩ් රෝගය වළක්වා ගැනීමේ පූර්ව ඖෂධයක් ලෙස අයිවර්මෙක්ටින් භාවිත කිරීම සුදුසු   බවට තහවුරු වන කිසිදු විද්‍යාත්මක සාධකයක් ලැබි නොමැති හෙයින් එය භාවිත කිරීමට අනුමත නොකළ යුතු බවටය.

මෙම ඖෂධය සේම හයිඩ්‍රොක්සිලෝරොක්වීනින්,  විටමින් ඩී, විටමින් සී වැනි ඖෂධ ද කොවිඩ් රෝගය පාලනය කිරීම සහ කළමනාකරණය   සඳහා ක්‍රියා කරන බවට විද්‍යාත්මක සාධක තවමත් නොමැති බවද එහි සඳහන් කර තිබේ.

මෙරට කොවිඩ් වසංගතය හමුවේ ඉදිරි පෙළ ක්‍රියා කරන පුමුඛ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  ඇතුළු විශේෂඥයන් 14 දෙනකු මේ බව පෙන්වා දෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට   මෙම ලිපිය ලියා ඇත. මෙම ඖෂධය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා දැනට දේශීය අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතින නමුත් එය තවමත් අනුමත කර නැති නමුත් එය භාවිත කිරීමට ඇතැම් පුද්ගලයන් හුරු වි සිටින බව මෙම විශේෂඥයෝ පවසති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අයිවර්මෙක්ටින් යනු පරපෝෂිත ආසාදන වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධයක්  වන අතර විශේෂයෙන් සතුන්ට වැලඳෙන   පරපෝෂිත ආසාදනවලදී බහුලව භාවිත වෙයි.

මෙම ඖෂධයේ පේටන්ට් අයිතිය හිමි නිෂ්පාදකයා වන මර්ක් සමාගමද මීට ටික කලකට ඉහත දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ අයිවමෙක්ටින් ඖෂධය සතුන්ගේ පරපෝෂිතයන් සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීමට නිර්මාණය කළ ඖෂධයත් බවත් එය කොවිඩ් හමුවේ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව සමාගමේ පර්යේෂකයන් තවමත් පර්යේෂණ කරමින් සිටින බවත්ය. එමෙ පර්යේෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් කොවිඩ් වෛරස ආසාදනයට එරෙහිව ක්‍රියා කරන ඖෂධයක් ලෙස තමන්ට නිර්දේශ කළ නොහැකි යයි නිෂ්පාදකයාද සඳහන් කර තිබුණි.

එවැනි තත්ත්වයක් පැවතුණද ලෝකයේ බොහෝ රටවල මෙම ඖෂධය සඳහා ඉල්ලුම දැඩි ලෙස වර්ධනය වී තිබේ.  මෙරටට ආනයනය කරන ලෙස සමහර උපදේශකයින් කළ ඉල්ලීමකට අනුව, වෙළඳපොළේ ඇති අයිවර්මෙක්ටින් පෙති පරිභෝජනය කරන පුද්ගලයින් පිළිබඳව පසුගිය දිනවල වැඩි වැඩියෙන් වාර්තා විය.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියද හදිසි භාවිතය සඳහා අයිවමෙක්ටින් ගෙන්වීමට රජයට සම්බන්ධ ව්‍යාපාරික බලවතකුට වැඩි අයිතියක් හිමි ඖෂධ සමාගමකට අවසරය ලබා දී ඇති බවද සඳහන් වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්තම්මාගේ හත් දවසේ දානය දා උපන්  පින්නවල නිවුන් අලි දරුවෝ !

Next Post

ඊයේ නුවරින් කොටු වුණු හොර සීනි ගබඩාවේ  “ වහ සීනී“ තොගයක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.