අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් හැදුණු අය කොල්ලකන “හෙල්ත් පැකේජ“වලට අහුවෙන්න එපා

by Lanka Sara Editor
ඔක්තෝබර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා

කොවිඩ් -19 වෛරසය ආසාදනය වුණු පුද්ගලයන් අතරින් සියට 10ත් 30ත් අතර පිරිසකට ඔවුන්ට රෝගය ආසාදනය වී සති හතරකට පමණ පසුව පසු කොවිඩ් අපහසුතා මතුවිය හැකි බවත් ඔවුන් ඉලක්ක කරගෙන සම්පූර්ණ පරීක්ෂාවන් සිදු කිරීමේ (ෆුල් බොඩි චෙකප්-Full Body Chek Up ) ව්‍යාපාර ආරම්භ වීමේ ප්‍රවණතාවක් පවතින බවත් කොළඹ ජාතික අක්ෂි රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පෙන්වා දෙයි.

මෙම ශාරීරික අපහසුතාව මඟ හරවා ගැනීමට යම් යම් ක්‍රියා මාර්ග ගත යුතු වුවත් අධික මුදලක් වැය කොට එවැනි ශරීර පරීක්ෂා සඳහා යොමුවීමට පෙර තමන් ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාට තම අපහසුතාව පවසා ඊට අදාළ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු බවත් වෛද්‍ය ගුණතිලක මහතා පැවසුවේ ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වරුණ ගුණතිලක සඳහන් කරන්නේ මේ වනවිට ශ්‍රි ලංකාවේ ලකෂ පහකට ආසන්න ව සිටින සමස්ත ආසාදිතයන් ගෙන් සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකට රෝගය සුව වී සති හතරකට පමණ පසුව විවිධ පසු කොඩිව් ආසාදිත තත්ත්ව පැවතිය හැකි බවය. ඔහු මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක්ද එම මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළේය.

පසු කොවිඩ් රෝග ලක්ෂණ මොනවාද?
හුස්ම ගැනීමේ අපහසුතාව, හතිය, හිසරදය, පොඩි වැඩක් කළත් අධික වෙහෙස, නින්ද නොයාම, හේතුවක් නැතිවු ඩහදිය දැමීම, කැස්ස වැනි කායික ලක්ෂණත් මානසික අවපීඩන ත්තවය ඇතුළු කාංසාව, අමතක වන ස්වභාවය , මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම වැනි පසු කොවිඩ් ලක්ෂණ බොහොමයක් පවතිනවා. ඔවුන් යළිත් රෝගය ආසාදනය වෙලා දැයි බලන්න පී.සී.ආර් පරීක්ෂණ කරන අවස්ථාත් තිබෙනවා. නමුත් පී.සී.ආර් එකක් කළොත් මේ අවස්ථාවලදී එය නෙගටිව්. මේ අපහසුතා ඇතිවන්නේ ‍වෛරසය මඟින් සිරුරේ අවයව බොහොමයක සිදු කරන බලපෑම නිසා බව පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබෙනවා.

මේ තත්ත්ව යමකුට බෝවිය හැකිද?
සිරුරේ ඇතිවන වෙනස්කම් යමි අපහසුතා ලෙස දැනෙන්නේ. මේ තත්ත්වය තවත් කෙනකුට බෝවන්නෙත් නැහැ. දැනට පවතින තොරතුරු අනුව. එන්නත්කරණයට ලක්වන අය පසු කොවිඩ්වලට ලක්වීමේ හැකිාව අඩුයි. මෙවැනි තත්ත්වයන්ගෙන් ගැලවෙන්නේ කොහොමද?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙවැනි තත්ත්ව හමුවේ කළ යුත්තේ කුමක්ද?
අපි කලින් කීව දෙයක් තමයි මේව ගණන් ගණන් එපා සාමන්‍ය තත්ත්යක් කියල. නමුත් ඔවුන්ට පවතින මේ සංකූලතා සහ එවැනි තත්ත්වවලට මුහුණ දෙන ප්‍රතිශතය සාපේක්ෂව වැඩි වීම තුළ එය පෞද්ගලිකවත් සමාජයීයවත් අර්බුදයක් විය හැකියි. උදාහරණයකට නින්ද නොයාමේ තත්ත්වයකින් යමකු පෙළෙනවා එය ඔහුගේ දෛනික වැඩ කටයුතුවලට අහිතකර ලෙස බලපානවා. ඒ වගේම සමහර පුද්ගලයන්ට මේ ලක්ෂණ දිගින් දිගටම තිබෙනවා. නින්ද නොයාම දෛනික කාර්යයන්ට බාධාවක්. වෛද්‍යවරුන්ට හැටියට මඟඅපි ඔවුන්ට පෙන්වීම් කළ යුතුයිත
හුස්ම ගැනීම් අපහසුතාවක් ආවොත් අප ශ්වසන ව්‍යායාම මඟින් එය වැඩි දියුණු කර ගත යුතුයි.
ගඳ සුවඳ දැනෙන්නේ නැතිනම් කළ යුතු දේ වැදගත් මොකද ගඳ සුවඳ කියන දේ වැදගත් වෙනවා ආහාර පරිභෝජනයට. ආහාර ගැනීමේ රුචිය කෙරෙහි සුවඳ රසය නිසැකවම බලපානවා.මෙය පෝෂණය සමඟ සෘජුවම සම්බන්ධයි. පෝෂණ තත්වය ප්‍රතිශක්තිය කෙරෙහි බලපානවා.
ගඳ සුවඳ නෙදැනෙන කෙනකුට ඒ සඳහා පුහුණු ව්‍යායාමයක් කළ යුතුයි. රෝස මලක්, කරාඹු නැට්ටක් කුරුඳු යළි යලි ආග්‍රාණය කිරීමෙන් සුවඳ යළි ප්‍රකෘති තත්වයකට ගන්න පුළුවන්.
නින්ද නොයන අය කැෆේන් භවිත කරන්න එපා. රාත්‍රියේ නින්දට පෙර පරිගණක පැප්ටොප්, ස්මාර්ට් ජංගම දුරකථන තිර ඉදිරියේ සිටීම අඩු කළ යුතුයි.
ඇඳෙනි ්නැගිටින විට විසි වෙන ත්තවයක් පවකිනවා නම් උදේට අවදි වී මඳ වෙලාවක් ඇඳේ වැඩි වී සිට නැගිටින්නට පුරුදු වෙන්න. පඩි පෙළක් නගිනවා නම් පඩි කිහිපයක් නැග ටිකක් නතර වී සිටින්න.
කාර්යාලයේ වැඩ ලොඩක් පැවරී තිබෙනවා නම් මඳින් මඳ විවේක ගෙන ඒ කටයුතු කරන්න. මොකද අපට කායිකවත් මානසිකවත් සමතුලනයකින් මේ පසු කොවිඩ් තත්ත්වය පාලනය කළ යුතුයි.
දුම්පානය මත් නැන් පානය වැනි පුරුදුවලින් අත්මිදිය යුතුයි.

ඉදිරියේදී පසු කොවිඩ් යනු තවත් මහජන සෞඛ්‍ය අර්බුදයක් වේවිද?
ඉදිරියේදී පසුකොවිඩ් තත්ත්වය මහජන සෞඛ්‍ය අර්බුදයක් විය හැකිද යන තත්ත්වය කතා බහට ලක්වනවා. මේ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේදී කිසියම් පොදු මහජන සෞඛ්‍ය ගැටලුවක් පවතිනවාද නැද්ද යන්න ගැන අවබෝධයක් ලබා ගත යුතුයි. මේ පිළිබඳව ලෝකයේ සමහර රටවල් දැනටමත් අවධානය යොමු කර තිබෙනවා. ඊට සෞඛ්‍ය අංශවල කිසියම් දැක්මක් අවශ්‍ය විය හැකියි.
මේ පොදු අර්බුදය වානිජ වාසිවලට යොදා ගැනීමේ ප්‍රවණතාවකුත් තිබෙනවා. පසු කොවිඩ් ආසාදිත තත්ත්වයේදී ෆුල් බෝඩි චෙකප් කර ගන්න එනවා. මෙඩිකල් ෆුල්බොඩි චෙකප් කිරීමේ කිසියම් ව්‍යාපාරයක් එන්න පුළුවන්. කොවිඩ් පැකේජ ලෙසින් එන මේ උපක්‍රම වෙත යොමු වන්නට එපා. පළමුවෙන් කළ යුත්තේ වෛද්‍යවරයා සමඟ කතා කිරීමයි. ඔවුන්ගේ උපදෙස් ගත යුතුයි. මේ කාලයේදී එවැනි පරීක්ෂණ කළොත් ඒවා ධනාත්මක වෙන්නේ නෑ. බොහෝ විට මෙම ත්තත්ව මාස තුනකින් පසුව ශරීරයෙන් ඉවත්ව යනවා. මේ නිසා අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැහැ

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළුකානේ ආදිවාසී තරුණියක්  ඇතුළු 07ක් කුඩු උරමින් සිටිය දී කොටු!

Next Post

යුගදනවි ගන්න යන ඇමරිකානු ලොක්කා පුද්ගලික ජෙට් එකකින් ලංකාවට ඇවිත්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.