බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් සුව වූ පසු වැළඳී දරුවන් නසන මාරක ලෙඩේ ගැන විශේෂඥ හෙළිදරව්ව….

by editor
ජූලි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වැළදී සුවය ලැබූ දරුවන්ගේ ශරීර අවයවයන් අකර්මණ්‍යවීමේ රෝගය ( Multisystem Inflammatory Syndrome in Childer MISC ) ට ගොදුරු වූ දරුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා සඳහන් කරයි.

MISC රෝගයට ගොදුරු වූ දරුවන් 20 දෙනෙකු පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබා ඇති අතර මේ වන විටත් දරුවන් 6 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව විශේෂඥවරයා පැවසීය.

ගාල්ල කරාපීටිය රෝහලේ දරුවන් හයදෙනෙකු, නුවර දරුවන් 4 දෙනෙකු, යාපනය හා දියතලාව රෝහල්වල දරුවන් එක් අයෙකු බැගින් මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බව හෙතෙම අනාවරණය කළේය.

දරුවන්ට කොවිඩ් රෝගය වැලඳුනද ඒ බවක් නොදැනීම බොහෝ විට සුවය ලබන අතර සුවය ලැබීමෙන් අනතුරුව ඇතිවන අවයව අකර්මණ්‍ය රෝගී තත්ත්වය ඇතිවන අතර දරුවන්ට උදරයේ ඇතිවන තද වේදනාව , බඩ බුරුලට යාම හා වමනය මෙහි රෝග ලක්ෂණයන් බව විශේෂඥවරයා පෙන්වාදේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

රෝගය උත්සන්න වීමට ප්‍රථම වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු වන්නේ නම් මෙවැනි දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැකිවනු ඇතැයිද රෝගය උත්සන්න වීමෙන් පසුව ප්‍රතිකාර සඳහා යොමු කළහොත් ජීවිත බේරා ගැනීම මහත් අසීරු කටයුත්තක් බවද වෛද්‍ය කිතුල්වත්ත අවධාරණය කරයි.

NalinCK
විශේෂඥ වෛද්‍ය නලීන් සී කිතුල්වත්ත

ප්‍රශ්නය- කොවිඩ් රෝගය වැලඳී සුව වූ දරුවන් අතර පැතිර යන මාරාන්තික විය හැකි රෝග තත්ත්වය කුමක්ද?

පිළිතුර – කොවිඩ් වයිරසය ආසාදනය වී සති 2 – 6ක් අතර කාලයක් ඇතුළත මෙම රෝගී තත්ත්වය දරුවන්ට වැලඳිය හැකිය. මෙය අපි  Multisystem Inflammatory Syndrome in Children MISC යනුවෙන් හදුන්වනවා. මෙය මාරාන්තික විය හැකියි කියලා කියන්නේ ශරීරයේ සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රියන් අකර්මණ්‍ය කිරීමට බලපෑම් ඇතිකරන තත්ත්වයක් නිර්මාණය කිරීමයි.

ප්‍රශ්නය- MISC රෝගය දරුවන්ට වැලඳී ඇති බව දැන ගන්නේ කෙසේද?

පිළිතුර – කොවිඩ් වැලඳී සති 2 – 6 අතර කාලයක් ගිය පසුව උණ, හිසරදය, ඇඟපත වේදනාව, විශේෂයෙන්ම උදරයේ තදබල වේදනාවත් සමග ඇතිවන පාචන තත්ත්වය, ඇස් රතුවීම, සමේ රතුපැහැති බිබිලි මතුවීම වැනි රෝග ලක්ෂණ මතුවෙන්න පුලුවන්. ඇතැම් අවස්ථාවන් වලදී “ ඇපෙන්ඩිසයිස්” රෝග ලක්ෂණය වගේ එන්නත් පුළුවන්’

මේ රෝග ලක්ෂණ මතුවුණාම ඇතැම් අය ඩෙංගු කියලා විශ්වාස කරනවා. තවත් සමහර අය මී උණ කියලා විශ්වාස කරලා ප්‍රතිකාර කරනවා. මොකද මෙහි තද උණ සමග පාචන තත්ත්වක් නිතරම දක්නට ලැබෙනවා. මී උණ රෝගයේත් මෙවැනිම රෝග ලක්ෂණ තමයි පවතින්නේ. ඒ නිසා මෙවැනි රෝග ලක්ෂණයක් මතු වූ වහාම දරුවා රෝහල් ගත කිරිම ඉතාමත් ඉක්මනින් කළ යුතු වෙනවා.

ප්‍රශ්නය – මේ රෝග ලක්ෂණ මාරාන්තික තත්ත්වයක් දක්වා ගමන් කරන්නේ කොහොමද?

පිළිතුර – MISC රෝගයේ ලක්ෂණ තමයි මේවා. මෙය මාරාන්තික වන්නේ මේ රෝගය ශරීරයේ අවයව බොහෝමයකට බලපෑම් ඇති කරනවා. විශේෂයන්ම හෘදය අකර්මන්‍ය වීමට ඉඩතිබෙනවා. මෙය මාරාන්තික තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි වකුගඩු, ඇස්, පෙනහලු අක්මාව වැනි අවයම බොහෝමයකට බලපෑම් ඇති කරනවා. හෘදය අකර්මන්‍ය වීම නිසා රුධිර පීඩනය පහත බහිනවා. ඒ නිසා හෘදය යථා තත්ත්වය පත්කිරීම සඳහා විශේෂ ඖෂධ ප්‍රතිකාරයන් ලබා දෙනවා.

ප්‍රශ්නය- අපි අහල තියෙනවා ඇතැම් දරුවන්ට කොවිඩ් හැදුණත් ඒ බවක් දැනගැනීමට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව. ඒ කියන්නේ කොවිඩ් වයිරසය ආසාදනය වී රෝගය වැලඳී ඉබේම සුවය ලබනවා. මේ වගේ දරුවෙකුට මේ රෝග තත්ත්වය මතු වුණොත් එය MISC රෝගයම කියලා නිවැරදි දැන ගන්නේ කොහොමද?

පිළිතුර – ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ සහිතව දරුවන් රෝහලට වෙත ආ පසුව අපි අනිවාර්යයෙන්ම ඒ දරුවාගේ පීසීආර් පරික්ෂණයක් හෝ ඇන්ටිජන් පරික්ෂාවක් කරනවා. එහෙම කරලා ඒ දරුවා කොවිඩ් වයිරසය ආසාදනය වුණ දරුවෙක්ද කියලා මුලින්ම බලනවා. ඒ වාර්තාවන් දෙකම ආසාදිත බව හඳුනා ගන්න බැරිවුණොත් දරුවාගේ ප්‍රතිදේහ පරික්ෂණයක් කරනවා. දරුවාට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේද නැද්ද යන ප්‍රතිදේහ පරික්ෂාවෙන් නිවැරදි ව හඳුනාගන්න පුලුවන්. ඒ අනුව තමයි අපි නිගමනය කරන්නේ ඒ දරුවාට කොවිඩ් රෝගය වැලඳී දැන් සුවය ලැබූ අයෙක් බව.MISC-children
ප්‍රශ්නය- මේ රෝගය සුව කළ හැකි ප්‍රතිකාර අප රෝහල් සතුව පවතිනවාද?

පිළිතුර – ඔව් . නමුත් දරුවාව කල්වේලා ඇතිව රෝහල් ගත කළ යූතුයි. මොකද මේ රෝගයේදී සිදුවන්නේ රුධිර පීඩනය අඩුවෙන එකයි. ඒ නිසා රුධිර පීඩනය යථා තත්ත්වයට පත්කරන්න ඖෂධ ප්‍රතිකාර ලබා දිය යුතුයි. එය සිදුකරන්නේ දැඩිසත්කා ඒකකයක් තුළදී. මේ අනුව අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්.

ඇතැම් දරුවන්ට වකුගඩුවලට, පෙනහලුවලට හෘදයට දැඩි බලපෑම් එල්ල කරනවා. වකුගඩුවලට දැඩි බලපෑමක් එල්ල වුණ දරුවෙක් ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඒ දරුවාට රුධිර කාන්දුකරණය පවා කරන්න සිදුවෙනවා. එහෙම කරන අතර තමයි නියමිත ඖෂධ ලබා දීලා රුධිර පීඩනය යථා තත්ත්වයට පත්කළයුතු වෙන්නේ.

ප්‍රශ්නය – දරුවන් අතරේත් මේ රෝගය පැතිර යාමේ වයස් කාණ්ඩයක් තියෙනවාද?

පිළිතුර – දැනට වාර්තාවෙන අන්දමට අවුරුදු 8 – 12 අතර වයස් කාණ්ඩවල දරුවන් අතර මේ රෝගය පැතිරීමක් දක්නට ලැබෙනවා. කොහොම නමුත් ලෝකයේම ගත්තාම වයස අවුරුදු 1 – 20 අතර ළමුන්ට. නමුත් මේ රෝගය ලෝකයට අලුත්. ඒ නිසා අපි දන්නේ නැහැ ඉදිරියට මෙහි හැසිරීම කොයිවගේ වෙයිද කියලා. මොන මොන වයස් කාණ්ඩයන්ට බලපෑම් ඇති කරයිද කියලා අපි දන්නේ නැහැ.

ප්‍රශ්නය – මේ රෝගය සුව වූ පසුව දරුවන්ට ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑමක් තිබෙනවාද?

පිළිතුර – දරුවා සනීප වී නිවසට ගියත් එතැනින් රෝගය අවසන් වෙන්නේ නැහැ. මෙහි ගැටලුව තියෙන්නේ හෘදය සම්බන්ධයෙන්. ඒ පිලිබඳව නැවත නැවත විපරම් කරන්න අවශ්‍යයයි. සමහර දරුවන්ව මාසෙන් මාසයට ගෙනැල්ලා හෘදයේ ක්‍රියාකාරිත්වය පරික්ෂා කරන්න අවශ්‍ය වෙනවා. නැතිනම් සති දෙකින් දෙකට හෝ මාස දෙකින් දෙකට හෝ පරික්ෂා කිරීම් කරන්න වෙනවා. වකුගඩුවලට ඇස්වලට පෙනහැල්ලට අක්මාවට මේ රෝගයෙන් බලපෑම් ඇති කර තිබෙනවා නම් ඒ පිලිබඳව වෛද්‍යවරයා දෙමාපියන්ව දැනුවත් කරනු ලබනවා. ඒ අනුව කටයුතු කිරීම පමණයි කළ යුත්තේ.

අනික මේ රෝගයෙන් ඉදිරියට මොනවගේ සෞඛ්‍ය බලපෑමක් ඇති කරයිද කියලා තවම කියන්න පුලුවන්කමක් නැහැ. මොකද මේ රෝගය ලෝකයට තවමත් අලුත් නිසා. කොහොම නමුත් පරිස්සම් වීම තමයි දැනට දෙන්න තියෙන හොඳම උපදෙස..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගම්මන්පිලගේ විශ්වාසභංගය පැරදවීමට ආණ්ඩුව තීන්දු කරයි..

Next Post

බදියුදීන්ගෙ නිවසේ දී පිලිස්සී මළ දැරියගේ දූෂණයට ලක් වූ අතීතයක් හෙළිවේ …

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.