බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වාතය මඟින් බෝ වන බව ඔප්පුකරන විද්‍යාත්මක හේතු 10ක්

ප්‍රකට වෛද්‍ය සඟරාවක් වන ද ලැන්සට් ඉදිරිපත් කරයි

by Lanka Sara Editor
අප්‍රේල් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් ‍වෛරසය දැන් වාතයෙන්ද පැතිරෙන බවට මේ දිනවල වැඩි අවධානයක් ඇත. එහිදි කොවිඩ් පිළිබඳ ව පර්යේෂණ කරන මෙරට පර්යේෂිකාවක වන මහාචාර්ය නිලීකා මලවිගේ සඳහන් කළේ වෛරසය අප හිතවාට වඩා වායුගෝලය තුළ රැඳී සිටිය හැකි බැවින් වාතය මඟින් මෙය බෝවන බවට සොයා ගෙන ඇති බවය. එබැවින් විශේෂයෙන් අභ්‍යන්තරික පරිසරවල එනම් කාර්යාල, වාහනවල නිසි ලෙස වාතනය කිරීම සමඟ ඇතුළත පරිසරවලදී සෑම විටෙකම නිවැරදිව මුහුණු ආවරණ පැලඳීම වඩාත් වැදගත් වන බව ඇය අවධාරණය කළාය. මේ කතාව ඇත්තක්ද යන්න සනාථ කෙරෙන පර්යේෂණ ගණනාවක් මේ කෙටි කාලය තුළ ලෝකයේ සිදුව ඇත.

ප්‍රකට වෛද්‍ය සඟරාවක් වන ද ලැන්සට් (The lancet) සඟරාවව පසුගියදා දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරමින් කොවිඩ් 19 එනම් (SARS COV 2) වෛරසය වාතය හරහා බෝවන බවට තහවුරු කරන විද්‍යාත්මක හෙතු 10ක් ඉදිරිපත් කළේය. එම විද්‍යාත්මක හේතු 10 මෙසේය.

1. කොවිඩ් වෛරසය ලෝකය පුරා පැතිරීම පටන් ගැනීමත් සමඟ පර්යේෂකයන් වැඩි කලක් යන්නට මත්තෙන් අවබෝධ කර ගත් කරුණක් වූයේ මෙම රෝගය පතුරුවන සුපිරි පතුරුවන්නන් (Super Spreaders) සිටින බවය. ඔවුහු මේ සුපිරි පතුරුවන්නන් ලෙස හඳුන්වන්නේ කුඩා ඉඩක් තුළ සමූහ වශයෙන් ගත කරන්නන්, නිසි වාතනයක් නොමැති ස්ථානවල සමූහ වශයෙන් ගත කරන්නන්, කෑ ගසන්නන්, විවිධ සංගීත ඛණ්ඩය උච්ඡ ස්වරයෙන් ගායනා කරන සංගීත කණ්ඩායම් වැනි පුද්ගලයන්ය.පුද්ගල ධාරිතාව සහ අදාළ ජනතාවගේ ක්‍රියාකාරකම් මත ඔවුන් රෝගය වේගයෙන් පතුරුවන පුද්ගලයන් බව සොයා ගෙන ඇත. නිදසුනක් ලෙස වෙළෙඳපොළවල්, මත්ස්‍ය මාශ වෙළෙඳපොළ, වැඩිහිටි නිවාස, නේවාසිකාගාර සිනමා හෝ නෘත්‍ය ශාලා, මංගල අවමංගල උත්සව වැනි එකට එක්වන ස්ථානවල එක් පුද්ගලයකු හෝ මුහුණු ආවරණ නොමැතිව කටයුතු කළහොත් අදාළ පරිසරයට මුදා හැරෙන වෛරසය මඟින් තව කිහිප දෙනකුට රෝගය බෝ වීමට හෝ මෙම වෙරසය පැතිරවීමට හේතුවක් වෙයි. ඔවුන් සුපිරි පතුරුවන්නන් ලෙස හඳුන්වන්නේද ඒ නිසාය. මේ බව විද්‍යාත්මකව තහවුරු කර ඇති කරුණකි.

2. එකිනෙකා ඈතින් වෙන් වී සිටියද අදාළ පුද්ගලයන් අදාළ පරිසරය තුළ වෛරස සාන්ද්‍රණය වැඩි නම් වායුගෝලය හරහා ද බෝවිය හැකි බවට විද්‍යාත්මක පර්යේෂණ මත උපකල්පනය කිරීමට නවසීලන්තයේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් පර්යේෂණ කළ පර්යේෂකයන්ට සිදුව ඇත.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

නවසීලන්තයට පිට රටවල සිට පැමිණෙන පුද්ගලයන් අපේ රටේ මෙන්ම නිසි ලෙස නිරෝධායන ක්‍රියාවලියකට ලක් කළ අතර එහි හෝටලයක නිරෝධායනය ට ලක් වෙනත් කිසිදු ආකාරයකින් බාහිර පරිසරය සමඟ සම්බන්ධ නොවූ පුද්ගලයකු පීසීආර් පරීක්ෂණ දෙකකින් ද රෝගය නැති බවට තහවුරු වීමන් පසුව නිවසට ගොස් නිරෝධායනය වෙමින් සිටියදී රෝගය වැලඳී ඇත. ඔහුට පැවැති එකම සැක සහිත කරුණ වූයේ ඔහුට යාබද කාමරයේ නිරෝධායනය වූ පුද්ගලයාට හෝටලයේ ගත කළ දින 14 නිරෝධායන කාලය තුළ 12 වැනි දිනයේදී රෝග ආසාදනයට ලක් වීමය. එහෙත් ඔහු සමඟද කිසිදු භෞතික ඇසුරක් නොලද මේ පුද්ගලයාට රෝගය හෝ අදාළ හෝටල පරිශ්‍රයේ වායුගෝලයේ තිබුණු වෛරසයකින් හැරෙන්නට වෙනත් මඟක් නොමැති බව ඔවුන් සියුම්ව කරන ලද පර්යේෂණය තුළ සනාථ කරගෙන ඇත. එයින් ඔවුන් අවසානයේ උපකල්පනය කළේ වායුගෝලය මඟින්ද රෝගය බෝ වන බවය.

3. ලෝකයේ කොවිඩ් වෛරස ආසාදනය සඳහා සියයට 59කටම වගකියන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන ආසාදිතයන් සහ රෝග ලක්ෂණ පෙන්වීමට කලින් රෝගය පතුරුවන පුද්ගලයන්ගෙනි. එනනම් ඔවුන් රෝග ලක්ෂණ පෙන්වන කාලය වනවිට රෝගය ව්‍යාප්ත කර අවසන්ය. එවැනි පුද්ගලයන් තම සමීපතයින් හෝ තම නිවාසවල දී මුව ආවරණ ආදිය නොමැතිව කතා කිරීමේදි වායුගෝලයට නිදහස් වන වෛරසය එම පරිසර තුළ සැලකිය යුතු වෙලාවක් පැවතීම රෝගය පැතිරීමට හේතුවක් වන බවද මේ වනවිට සනාථ කරගෙන ඇති කරුණකි.

4. කොවිඩ් 19 වෛරසය සාපේක්ෂව ඇතුළත පරිසරවල බාහිර පරිසරවලට වඩා වැඩියෙන් හමුවන බව ද විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති කරුණකි. එසේම ඇතුළත පරිසරයන් නිසි ලෙස වාතනය කිරීමෙන් පසුව සාපෙක්ෂව එම තත්ත්වය අඩුවන බවද සොයාගෙන ඇති කරුණකි. ඒ අනුව ඇතුළත පරිසරයේ වායුගෝලයේ කොවිඩ් වෛරසය වැඩි වශයෙන් ගැවසිය හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති.

5. ඇතැම් රටවල කොවිඩ් රෝගීන් බහුලව සිටින රෝහල්වල නිසි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කළ අත් මුව ආවරණ සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල භාවිත කළ සෞඛ්‍ය සේවකයන්ටද මේ සියලු ආරක්ෂක පියවර හමුවේ රෝගය ආසාදනය වූ අවස්ථා කිහිපයක් වාර්තා වී ඇත. ඔවුන්ගේ චර්යා පිළිබඳව පර්යේෂකයන් විසින් සිදු කරන ලද පුළුල් හැදෑරීම් අනුව අවසානයේ අවබෝධ කරගෙන ඇති කරුණක් වූයේ රෝහල් පරිසර තුළ වායුගෝලයේ මෙම වයිරසය ගැවසී ඇති බවය.

6. සිදු කෙරී ඇති තවත් විද්‍යාත්මක පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කොවිඩ් 19 වෛරසයට පැය 03කට ආසන්න කාලයක් තව කෙනකුගේ ශරීරයට ඇතුළු විය හැකි මට්ටමින් වායුගෝලයේ රැඳි සිටිය හැකි බවය. කොවිඩ් ආසාදිතයන් ගැවසුණු ඇතුළත පරිසරවල සහ කොවිඩ් ආසාදිතයන් පරිහරණය කළ මෝටර් රථවල මෙසේ වෛරසය වැඩි කාලයක් රැඳි තිබුණු බව පර්යේෂණවලදී තහවුරු වී ඇත.

7. රෝහල්වල වායු පිරිසිදු කිරීමේ උපකරණ තුළ සහ වායු සමන යන්ත්‍ර නාළ තුළ වෛරසය රැදී පවතින බව පර්යේෂණ කිහිපයකදීම අනාවරණය කරගෙන ඇත. එයද මෙම වෛරසය වායුගෝලයේ සැරිසරන බවට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂියක් බව වෛද්‍යවරුන්ගේ අදහසයි.

8. තවත් පර්යේෂකයන් පිරිසක් කොවිඩ් වෛරසය වායුගෝලය හරහා පැතිරෙන්නේද යන්න නිසි ලෙස තහවුරු කිරීමට සතුන් යොදාගෙන පර්යේෂණයක් සිදු කොට ඇත. ඒ අනුව ඔවුන් කොවිඩ් ආසාදිත කූඩු කළ සතුන් කණ්ඩාමක් සිටින කූඩුවක සිට නිරෝගී සතුන් සිටින කූඩුවකට වාතනය සලසන නාළයක් සම්බන්ධ කොට ඇත. මෙම නාළය හරහා නිරෝගී සතුන්ට රෝගය ව්‍යාප්ත වි ඇති අතර ඔවුන් කොවිඩ් වෛරසය වායුගෝලය හරහා පැතිරන බවට තහවුරු කරන සාක්ෂියක් ලෙස එය පෙන්වා දෙති.

9. එක් පුද්ගලයකුගෙන් රෝගය ආසාදනය වන ප්‍රමාණය එක් එක් වෛරස රෝගවලට වෙනස්ය. එය සාමාන්‍යයෙන් සරම්ප වැනි රෝගයකදී එක් පුද්ගලයකුනේ 12කට 18කට ආසාදනය විය හැකි බව පිළිගැනීමය. කෙසේ වුවද මෙම අගය කොවිඩ් සම්බන්ධයෙන් වෙනස් වන බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත. මුලදී එක් පුද්ගලයකුගෙන් දෙදෙනකුට පමණ උපරිම වශයෙන් බෝවිය හැකි බවට පිළිගැනුණද වෛරසයේ විවිධ වෙනස්කම් මත එය පුද්ගලයකුගෙන් පස් හය දෙනකුට බෝවන තත්ත්වයක් හඳුනාගෙන ඇත. මෙසේ බෝවීමේ වැඩිවීම කෙරෙහි බලපාන සාධකයක් ලෙස විද්‍යාඥයින් පැහැදිලි කරන්නේ එය වායුගෝලය තුළ වැඩි කලක් රැඳී සිටීමේ හැකියාව බවයි.

10. බොහෝ අය පිළිගෙන තිබුණේ ආසන්නයේ සිටින රෝගියකු පිට කරන ප්‍රශ්වාස වාතයේ ඇති කුඩා බිඳිති ප්‍රාශ්වාසයෙන් රෝගය වැඩියෙන් බෝවිය හැකි බවය. එසේ වුවද කොවිඩ් සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කර ඇති පර්යේෂකයන් ගණනාවක් පවසා ඇත්තේ ප්‍රාශ්වාසයෙන් පිටවන බිඳිතිවලට සාපේක්ෂව අතිශයින් කුඩා වායු අංශුවල වැඩි වෛරස සාන්ද්‍රණයක් අන්තර්ගත වන වය. එසේම මෙම වායු අංශු වායුගෝලයේ වැඩි වෙලාවක් සංසරණය වන බැවින් පහසුවෙන් වායුගෝලය තුළ රැඳී තව කිහිප දෙනකු රෝගි කරවීමට සමත් බව එම පර්යේෂණවලදී හෙළි වී තිබේ.

මේ සියලු විද්‍යාත්මක හේතු මත පර්යේෂකයන් අවධාරණය කරන්නේ වායුගෝලය මඟින් කොවිඩ් බෝ නොවන බවට යමකු පළ කරන අදහස විද්‍යාත්මකව කිසිසේත් පිළිගත නොහැකි බවය. ඒ අනුව කවුරුත් මේ තත්ත්වය අවබෝධ කරගෙන සෑම විටෙක මුව ආවරණ පැළඳ සිටීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තමා අත්අඩංගුවට ගැනීම වළකන්නැයි හරීන්ගෙන් උසාවියට පෙත්සමක්

Next Post

මරණයත් අන්දන්න හදන දැඩි සත්කාර ඒකක ඇඳන්වල බොරුව සහ  ඇත්ත

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.