ඩෙංගු රෝගය මේ වන විට වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින් දරුවන්ට දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු වන්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය හසිත ලියනගේ සදහන් කරයි.
පසුගිය මාසේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ රෝගීන්ගේ සංඛ්‍යාව 300 දක්වා ඉහළ ගොස් ඇතැයි හෙතෙම පැවසීය.
කොවිඩ් රෝගය වැලඳී සුව වන විට උණ රෝගය සුවපත් වුවද ඩෙංගු රෝගය වැලදී උණ සුව වන අවස්ථාවේදී ඉතා බරපතල තත්ත්වයන් ඇති කරන බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි විශේෂඥවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
ඩෙංගු රෝගය ඉතා ඉක්මනින් වෙනස් වන බැවින් මේ දිනවල වැළදෙන උණ රෝගයට ඉක්මනින් ප්‍රතිකාර ගැනීම අනිවාර්ය යැයි වෛද්‍ය ලියනගේ මහතා පෙන්වා.







