අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මර්ධනයට නිරෝධායන පනතින් අපට බලය නොදෙන්නෙ චන්දෙ නිසා…

මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියයි.

by editor
ජූලි 19, 2020
in පුවත්
upul-rohana

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

Share on FacebookShare on Twitter

   ශ්‍රියානි විජේසිංහ –

  • අප වැඩ කළේ මිනිස්සු එක්ක… රටින් අපට ලැබෙන පිළිගැනීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දරා ගන්න බෑ…

 

‌කොවිඩ් මර්දනය වෙනුවෙන් නිරෝධායන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමත් සමග බෝවන රෝග පාලනයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකරුන් ඉවත් වුනේය. මේ ඒ හරහා පැන නැගී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන්   මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ   සමග ලංකාසාර  පැවැත් වූ සාකච්ඡාවකි‍

ප්‍රශ්නය –  නිරෝධායන ගැසට්ටුව හේතුවෙන්  ඔබ මතුකරන   ගැටලුකාරී තත්ත්වය  කුමක් ද?

පිළිතුර-   කොවිඩ් 19 වසංගතය පැමිණි මොහොතේ ඉඳලම රෝග පාලනය සඳහා  බිම්මට්මේ සිට කටයුතු කළේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්. අපි කිසිම දීමනාවක් ලබා ගත්තේ නැහැ. අපට අවම පහසුකම්වත් නැතිව තමයි අපි රාජකාරිය කළේ. ඒත් අපි කරපු රාජකාරිය අවතක්සේරු කරලා අද වනවිට සෞඛ්‍යය ඇමතිනිය නිකුත්කරලා තියෙන නිරෝධායන ගැසට් පත්‍රය මගින් අපේ රාජකාරිය අපට පවරලා නැහැ. ඇමතිතුමිය කියලා තියෙනවා මේ ගැසට්ටුව මගින්  කොවිඩ් 19ට අදාලව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට  බලතල පවරන්නේ  නැහැ කියලා

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 ප්‍රශ්නය –  ඇමතිනිය එහෙම ප්‍රකාශයක් කළේ නැහැ කියලා කිව්වා නේද?

පිළිතුර –   ඇමතිනිය ඒ බව කීවේ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා. එතුමිය එහෙම කිව්වේ නැහැ කියලා කියනවා නම් නැවතත් ප්‍රසිද්ධ මාධ්‍යයට පැමිණිලා ඒ බව ප්‍රකාශ කරන්න කියලයි අපි කියන්නේ.

ප්‍රශ්නය –   බලතල නොපැවරීමට හේතුව කුමක් කියලද ඔබ හිතන්නෙ….  

පිළිතුර –  මැතිවරණ කාලයක් එළඹිලා තියෙන්නේ. නිරෝධායන පනතේ බලතල මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ට පැවරුවොත් වෙන්නේ දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි දේශපාලන රැලි නිදහසේ  පවත්වන්න බැරිවෙනවා. ඒ වගේම ගෙන් ගෙට කැන්වසින් යන එකත් සිමා කරන්න අපිට සිදුවෙනවා. මේක දේශපාලඥයින්ට අවාසියක්. අපි මෙතනදී බලන්නේ‌ කොවිඩ් උවදුරින් රට බේරගන්න මොනවද කරන්න ඔනේ කියලා මිසක් මීලඟට බලයට පත්කරන්නේ කවුදකියලා නෙවෙයි.

ප්‍රශ්නය –  ගැටලුවට හේතුව පැහැදිලිවම ඔබ දන්නවා නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනා කිරීමෙන් පලක් තියෙවනවද?

පිළිතුර –   අපට පනතේ බලය ලබා නොදෙන්න කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම ‌ප්‍රකාශ කලා. ඔවුන් සීත කාමර තුළ සාකච්ඡා කරද්දි අපි මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු වරප්‍රසාදයක් හෝ ලබා නොගෙන සේවය කළා.

ප්‍රශ්නය –   මහජන සෞඛ්‍ය පරික්ෂකරුවන්ට බලය ලබා නොදෙන්න කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ඇයි?

පිළිතුර –   අපි මහජන සේවය ලබා දෙන්නේ බිම් මට්ටමේ සිටයි. අපි      මහජනතාව අතරට නිරන්තරයෙන්ම යනවා. අපිව මාධ්‍ය මගින් ජනප්‍රිය වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට මෙය දරා ගන්න බැහැ. ඒකයි ඒ අය අපේ බලතල සීමා කරන්නේ.

ප්‍රශ්නය –  කොවිඩ් රෝග මර්දන කටයුතුවලින් ඈත්වන බව ඔබ මුලින් සඳහන් කළත් පසුව සියලුම බෝවන රෝගපාලනයෙන් ඉවත් වීමට තීරණය කළා කියලා කීවා.  නමුත් අනෙකුත් බොවනරෝග පාලනයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ට බලය ලබා දීමක් කරලා තියෙනවා නේද?. එහෙම තියෙද්දි ඒවායින් ඉවත් විම අසාධාරණයි නේද?

පිළිතුර –  එක් එක් වෘත්තීය සමිතිවලට අවශ්‍ය ලෙස  අපි රාජකාරිය කරන්න ලෑස්ති නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශයේ යම් නිලධාරියෙක් හෝ ඇමතිවරිය කිසියම් වෘත්තීය සමිතියක ඉල්ලීම පරිදි කටයුතු කරනවා නම් ඒ කටයුතු හරහා අපගේ සේවයට බාධාවක් එල්ල වෙනවානම් අපි එයට විරෝධය දක්වන්න ප්‍රමාද වෙන්නේ නැහැ.

ප්‍රශ්නය –  ඔබලා බෝවන රෝග පාලනයෙන් ඉවත් වීම තුළ  රට පුරා බෝවන රෝග නැවත පැතිර යාමේ අවදානමක් තියෙනවා නේද?

පිළිතුර –  ඒහෙම අවදානමක් තියෙනවා. අපි එයට වගකියන්නේ නැහැ. 

ප්‍රශ්නය –  මේ වගේ බෝවන රෝගයක් රටපුරා පැතිර ගිය කාලවලදී රෝග පාලනයට  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මෙසේ බලය පැවරීමක් කරලා තියෙනවාද?

පිළිතුර –  අනිවාර්යෙන්ම එහෙම කරලා තියෙනවා. මදුරු මර්දන පනත, කොකුපනු රෝග මර්දන පනත හා මහාමාරියා මර්දන පනත මගින් අපිට බලය පැවරීමක් කරලා තියෙනවා. ඒ හරහා අපි රෝග පාලනයට බිම්මට්ටමේ සිට විවිධ වැඩසටහන් මෙහෙයවූවා. අපේ ඒ කැපවීම මත තමයි බෝවන රෝග රට පුරා පැතිර නොගොස් පාලනය කර ගැනීමට හැකිවී තිබෙන්නේ.

 

                            

 

  

 

Tags: විශේෂ
Share415Tweet43
Previous Post

ගොනාකෝවිලේ කුඩු අංජුගේ කුඩු බෙදූ ගැහැණියක් පොලිස් දැලේ

Next Post

‘නාහේනේ සුදූ’ කපා කොටා මරා දැමූ අපරාධකරුවන් අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.