බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් බියක් නැතිවිට නුවර පාසල් දරුවන්ට කොවිඩ් කාලයේත් නැති කොවිඩ් එන්නත් මොකටද?…

by editor
මැයි 24, 2022
in පුවත්, සෞඛ්‍යය
Coronavirus COVID-19 single dose small vials and multi dose in scientist hands concept. Research for new novel corona virus immunization drug.

Coronavirus COVID-19 single dose small vials and multi dose in scientist hands concept. Research for new novel corona virus immunization drug.

Share on FacebookShare on Twitter

මහනුවර නගරයේ පාසල් වල දුවා දරුවන්ට covid වැළැක්වීමේ ප්‍රතිශක්තිකරණ එන්නත් දෙවැනි මාත්‍රාව ලබා දීමට ඉකුත් සතියේ සිට නැවත කටයුතු යොදා තිබේ.සෞඛ්‍ය අංශ විසින් කඩිමුඩියෙ මෙවන් තීරණයක් ගනු ලැබූයේ ඇයිද යන්න පොදු මහජනතාවට ම ගැටලුවක් වී ඇත.  ලංකාවට ගෙන එන ලද කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත තොගය කල් ඉකුත්වීමේ දින ආසන්න ව ඇතැයි මතයක් ද සමාජය තුළ පැතිරෙමින් තිබේ.

එහෙයින් මේ සම්බන්ධයෙන් මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ  සම්බන්ධ කරගෙන   ඊට නිසි පිළිතුරක් ලබා ගැනීමට උත්සාහ කළෙමු.

මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ…

ප්‍රශ්නය – covit වසංගතයක් ලෙස නැති සමයෙක පාසල් දරුවන්ට එන්නත් ලබා දීමට තීරණය කළේ ඇයි.?

පිළිතුර –  කොවඩ්  වසංගතය නෑ කියා කිසිවෙක් තහවුරු කළ ප්‍රකාශයක් කොතැනක හෝ ඇත්තේ නැහැ . නමුත් කොවිඩ් තියෙනවා කියා තහවුරු කළ ප්‍රකාශයක්ද මේ කාලයේ නැහැ.

කොවිඩ් ඇතිද නැතිද යන්න කිසිවෙකුටත් මේ කාලේ නිශ්චිත නිගමනයක් සහිත ප්‍රකාශයක් කිරිමේ හැකියාවක් ද නැහැ

කොවිඩ්  තියෙන බවට අනුමාන කරමින් එය මර්දනය සඳහා කටයුතු කිරීමේ වරදක් මා දකින්නේ නැහැ. මා විශ්වාස කරන ආකාරයට මේ සිදුවන්නේ එයයි.

ප්‍රශ්නය –  පාසල් දරුවන්ට එන්නත ලබාදීමට හිටි හැටියේ තීරණය කළේ ඇයි…?

පිළිතුර –  මෙය හිටිහැටියේ ගත් තීරණයක් ලෙස මා දකින්නේ නැහැ. මේ වන විට  මහනුවර දිස්ත්‍රික්කය තුළ වැඩිහිටියන්ගෙන් සියයට 80 කට ආසන්න පිරිසක්  කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගෙන තිබෙනවා. රටේ සෙසු නගරවල මේ  තරම් ප්‍රමාණයක්  බූස්ටර්  මාත්‍රාව ලබා ගෙන ඇතැයි තහවුරු වී නැහැ. මේ වන විට වුවත් වැඩිහිටියන්ට  බූස්ටර්  මාත්‍රාව ලබා දීම නතර කර නැහැ.  ඕනෑම අයෙකුට සෞඛ්‍ය අංශ මගින් එම එන්නත ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වයස අවුරුදු 12 ත් 15 ත් වන පාසැල් දරුවන්ට මෙතෙක් ලබා දී ඇත්තේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වලින් එක් මාත්‍රාවක් පමණයි. දෙවන මාත්‍රාව ලබා දීමට තීරණය කළේ ඒ නිසයි.

ප්‍රශ්නය –  මතයක් තිබෙනවා  ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රාවල කල් ඉකුත් වීමේ දිනය ආසන්න වෙමින් තිබෙන බව. එහෙයින් කඩිමුඩියේ එන්නත් කරණ වැඩසටහන නැවත ආරම්භ කරන බව..?

පිළිතුර –  එන්නත් වල කල් ඉකුත් වීමේ දිනය නිශ්චිතව ම දන්නේ කොළඹ මධ්‍යම බෙහෙත් ගබඩාව පමණයි. නුවරට පැමිණෙන මාත්‍රා සම්බන්ධයෙන් අප දැනුවත්.  ඒවාහි කල් ඉකුත්වීමේ දිනය හරිහැටි බලා ගන්නට වෙන්නේ එන්නත් කරන වැඩසටහනක් තිබෙන දිනෙකදී.  මොකද මේ ලබාදෙන එන්නත   සෙල්සියස් අංශක ඍණ හැත්තෑවක් තුළ ගබඩා කොට තැබිය යුතුයි.

මහනුවර නගර සීමාව තුළට නැවත මැයි 28 දින එන්නත් තොගයක් පැමිණෙනවා. එවිට කල් ඉකුත්වීමේ දිනය පිළිබඳ අවශ්‍ය නම් දැන ගත හැකි යි.

ප්‍රශ්නය  – එන්නත ගබඩාවෙන් පිටතට ගෙන දින 28 ක් ඇතුළත මිනිස් සිරුරට ඇතුළු කළ යුතුයි එසේ නොවන ඕනෑම අවස්ථාවක එන්නත කල් ඉකුත් වන්න පුළුවන් නේද?.

පිළිතුර –  එය සත්‍යයක්…  එන්නත නිෂ්පාදනය කළ මොහොතේ සිට කල් ඉකුත් වන දිනයේ තෙක්ම -70 C කියන සීමාව තුළ ගබඩා කොට තැබිය හැකි නම් කිසිම විටෙක එන්නතෙහි වලංගු භාවයට හානියක් වන්නේ නැහැ. ශීතදාමය ආරක්ෂා කරගනිමින් එන්නත ශරීරගත කිරීමේ දී ඉතා සැලසුම් සහගත ලෙස සැලකිලිමත්ව කළ  යුතු යි.

ප්‍රශ්නය  –  පශ්චාත් එන්නත් කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ හොඳ සූදානමකින් සිටිනවාද?.

පිළිතුර –  ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දුන් මුල් අවස්ථාව මෙය නොවේ.

ශ්‍රී ලංකාවේ 1928 ඉඳන් මේ වනතුරු ‍ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය ඉතා ඉහල තත්වයෙන් සිදුකෙරෙනවා.  කක්කල් කැස්ස ගලපටලය පෝලියෝ ඇතුළු  රෝග  සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.  එවන් පුහුණුවක් සූදානමක් ඇති සෞඛ්‍ය අංශ කොවිඩ් එන්නත් කරණයේ දී නොසලකා හැරීම් කරන්නෙ  නැහැ. පශ්චාත් ආවේක්ෂණය ඉතාම ඉහළ මට්ටමින් පවත්වාගෙන යන්න සෞඛ්‍ය අංශ කටයුතු කරනවා.

කොවිඩ්  එන්නත් මාත්‍රා ලබා දීමෙන් සුළු උණ තත්ත්වයක් හෝ ඇති නොවන තැනට සාර්ථක සෞඛ්‍ය සේවා ක්‍රියාවලියක් සිදු කෙරිලා තිබෙනවා.

ප්‍රශ්නය –  රටේ පවතින දහසකුත් සෞඛ්‍ය ප්‍රශ්න හමුවේ කොවිඩ් එන්නත් කරන වැඩසටහන නැවත ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය නොවන දෙයක් ලෙසට මා යෝජනා  කරන වා.

පිළිතුර –  මේ වෙලාවේ රටේ පවතින ලොකුම ප්‍රශ්නය සමාජ ආර්ථික ගැටළු හමුවේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟ වීම. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මියයන සංඛ්‍යාව 0 දක්වා ක්‍රම ක්‍රමයෙන් හීන වී ගොස් තිබෙනවා. රටේ මේ වන විට වැඩි පිරිසක් මිය යන්නේ පවතින රෝග තත්ත්වයන්ට අදාළ ඖෂධ හිඟ වීම මතයි. ඒ නිසාම අවම සම්පත් උපරිමයෙන් පාවිච්චි කිරීමේ  වගකීම  සෞඛ්‍ය අංශ වෙත පැවරී තිබෙනවා.

ප්‍රශ්නය –  එසේනම් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණාවක් නොවෙයි නේද?

පිළිතුර –  එන්නත් ප්‍රමාණාත්මක ලෙස ලංකාවේ ගබඩා කොට ඇත්නම් ඒවා දරුවන්ට ලබා දී වසංගත තත්ත්වයෙන් දුරස් වීමට පියවර ගැනීම වරදක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් වෙන කිසිවක් කීමට හැකියාවක් නැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්වයේ පාසල් සඳහා කඩඉම් ලකුණු නිකුත් වේ. ලකුණු සීමා මෙන්න….

Next Post

යාපනයේ දී ඉන්ධන බව්සරයකට පහර දීලා… සැකරුවන් 02ක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.