අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් පාලන ඇමතිනි සුදර්ශනීත් අනාථයි! – මාස අටක් තිස්සේ ඇමති පට්ටම විතරයි!

කොවිඩ් පාලනය කරන්න ඇමතිනියට ලැබිලා තියෙන්නෙ වැඩිහිටි ලේකම් කාර්යාලය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව විතරයි...

by editor
අගෝස්තු 10, 2021
in පුවත්
Sudharshani
Share on FacebookShare on Twitter

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත පාලන සහ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එම තනතුරට පත් කොට මාස අටකට වඩා ඉකුත්ව තිබුණද පවරා ඇති විෂය පථයට අදාළ කිසිදු ආයතනයක් මේ වනතෙක් ඇය යටතට පත්කොට නොමැත.

ඒ වෙනුවට ඇයගේ විෂය පථය යටතේ ගැසට් කොට ඇත්තේ සමාජ සේවා දෙපාර්තමේන්තුවත් වැඩිහිටි ලේකම් කාර්යාලයත් පමණකි.

ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිර්ඝ කාලයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ රාජකාරී කළ වෛද්‍යවරියකි. එම අත්දැකීම් මත අදාළ තනතුර ඇයට ගැලපෙන සේ පෙනුණද අමාත්‍යවරියට රාජකාරී කිරීම සඳහා ආයතනගත ව්‍යූහයක් හෝ බලඅධිකාරියක් නොමැතිකමින් රාජ්‍ය අමාත්‍යවරිය පමණක් නොව එහි නිලධාරීන්ද බලවත් අසීරුතාවන්ට පත්වන බව සඳහන් වේ.

සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ වැඩිහිටි ලේකම් කාර්යාලය සම්බන්ධ කටයුතු සෘජුවම අධීක්ෂණය කිරීමේ සහ ඊට අදාල රාජකාරීමය බලයක් පැවරුණද රටේ කොවිඩ් වසංගතය වැළැක්වීම සහ ඊට අදාළව නෛතික ආකාරයෙන් මැදිහත්වීමේ අධිකාරීමය බලයක් හෝ අදාළ විෂය පථය ආවරණය කෙරෙන කිසිදු ආයතනයක් ලබා නොදිමෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් සැලසී නොමැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අඩුම තරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය හෝ වසංගත රෝග විද්‍යා ඒකකයවත් වසංගත පාලන සහ කොවිඩ් පාලනයට අදාල විෂය පථය යටතේ නොමැති අතර විද්‍යාත්මක පසුබිමක් මත අමාත්‍යංශ බෙදන බවට සඳහන් වූ රජයේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ වනවිට අදාළ බලධාරීන් මහත් කලකිරීමට පත්ව ඇතැයි මෙම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් ඇය විසින් පසුගිය කාලය තිස්සේ සිදු කරන ලද්දේ රෝහල්වලට අවශ්‍ය විවිධ අඩුපාඩුකම් සහ පහසුකම් විවිධ දානපතියන් හරහා ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය, රෝහල්වල කළමනාකරණය පිළිබඳව නිරීක්ෂණය කිරීම සහ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් කැඳවන සාකච්ඡා සඳහා සහභාගී වීම පමණක් බව පෙනී යන්නේ යයි ලංකාසරට අදහස් දැක්වූ අමාත්‍යංශ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද සිට පළාත් අතර සංචරණයට කිසිදු ඉඩක් නෑ – යුද හමුදාපති

Next Post

ලොව අඩුම බරින් උපන් දැරිය වසකරට පසු නිරෝගීව ගෙදර යයි… උපදිනවිට ඇපල් ගෙඩියක බර…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.