බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් නැති ශ්‍රි ලංකාව යුරෝපා ගමන් අවසර ලයිස්තුවේ නැත්තේ ඇයි?

යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යංශයට පිළිතුරක්

by Lanka Sara Editor
ජූලි 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

යුරෝපා සංගමයට අයත් රටවලට අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා අවසර ලබා දෙන රටවල් ලයිස්තුවට කොවිඩ් 19 සාර්ථක ලෙස පාලනය කළ ශ්‍රි ලංකාව ඇතුළත් නොවීමට හේතුව මෙරට ගුවන් තොටුපළ තවමත් විදේශිකයන් සඳහා විවෘත නොවීම බව එම සංගමයෙන් මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයන්ට දන්වා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

රට අභ්‍යන්තරයේ කොවිඩ් වසංගතය සාර්ථක ලෙස පාලනය කළ පසුබිමක් සහිත රටක් ලෙස ශ්‍රි ලංකාව සැලකුණද යුරෝපා සංගමයේ රටවලට ඇතුළු වීමේ සීමා ඉවත් කළ රටවල් ලයිස්තුවට ශ්‍රි ලංකාව ඇතුළු නොවීම සම්බන්ධයෙන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය දැඩි සේ අවධානය යොමු කළ බවත් මෙම ලයිස්තුවට ශ්‍රි ලංකාවද ඇතුළු කළ යුතු බවට අවධාරණය කළද යුරෝපා සංගමය පවසා ඇත්තේ මෙම රටවල් ලයිස්තුව සකස් කිරීමේදී මේ වනවිට ජාත්‍යන්තර මඟීන්ට ගමන් කිරීමට අවසර ලබා දී ඇති රටවල් පමණක් එම ලයිස්තුවට ඇතුළු කිරීමට කටයුතු කළ බවය.

යුරෝපා සංගමය නිවාඩු හෝ වෙනත් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා තම සීමා ඉවත් කරන ලද රටවල් 15ක් ප්‍රකාශයට පත් කළ අතර මේ පිළිබඳව ලෝකයේ ම මහත් අවධානයට ලක්විය. ඔවුන් තම ලයිස්තුවට ඇතුළු කළ රටවල් වන්නේ ඇල්ජීරියාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජෝර්ජියාව, ජපානය, මොන්ටෙනෙග්‍රෝ, මොරොක්කෝ, නවසීලන්තය, රුවන්ඩාව, සර්බියාව, දකුණු කොරියාව, තායිලන්තය, ටියුනීසියාව සහ උරුගුවේ යන රටවල් 14 ට අමතරව චීනයද ඔවුන් අර්ධ වශයෙන් ඇතුළු කොට ඇතතේ චීන බලධාරීන්ගේ අවසරය ලැබෙන්නේ නම් පමණක් ගමන් කළ හැකි රටක් ලෙසය.

කෙසේ වුවද විදේශ අමාත්‍යංශය පවසන්නේ කොවිඩ් පාන සාර්ථකත්වය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විදේශීකයන් සඳහා විවෘත කිරීමේ පසුබිම මත යුරෝපා රටවල ජනතාවට ගමන් කළ හැකි ලයිස්තුව වරින් වර යාවත්කාලීන කිරීමට කටයුතු කරන බවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ අතර සංචාරක සහ සිවිල් ගුවන් සේවා කටයුත පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ අගෝස්තු 01 වැනිදා වනවිට මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමේ අදහස තිබුණද දැනට පවතින තත්ත්වය මත එය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවය.

විශේෂයෙන් විදේශගත ශ්‍රි ලාංකිකයන් ගණනාවක් තවමත් මෙරටට පැමිණීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින පසුබිමක් තුළ මෙලෙස විදේශීය මඟීන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීම ගැටලුවක් විය හැකි බවය.

එසේ වුවද හැකි ඉක්මනින් ගුවන් කොටුපළ විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share78Tweet43
Previous Post

කොරෝනා මඬින්න කැපවූ PHIලාට අතිකාල දීමනා තාම නෑ – අද වර්ජනයක්

Next Post

පුරා දශක හතක් ළමා ලෝකය සැරසූ ආදරණීය ආත්තම්මා නික්ම ගියාය.

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.