අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි හමුවීමකට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපතිගෙන් වෙලාවක් ඉල්ලයි

by Lanka Sara Editor
අගෝස්තු 13, 2021
in පුවත්
doctors
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවක ට පැමිණ ඇති මේ මොහොතේ දැඩි පුද්ගල සංචරණ සීමා ක්‍රියාත්මක කරන ලෙසත් වයස අවුරුදු 60 ට වැඩි සහ අධි අවදානම් පුද්ගලයන්ට ෆයිසර්‌ , මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.

කොවිඩ් සඳහා වෙන්කර ඇති සියලුම රෝහල් මේ වන විට ආසාදිතයන්ගෙන් පිරී ඇති තත්ත්වයක් තුළ මේ වන විට රෝහල් තුළ විශාල තදබදයක් නිර්මාණය වී ඇති අතර එම රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුව සහ ඉඩකඩ වැඩි කිරීම හේතුවෙන් වෙනත් රෝගාබාධවලට ප්‍රතිකාර ගැනීමට එන රෝගීන්ට ප්‍රතිකාර සඳහා විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙන්වාදෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සෞඛ්‍ය දේහයට දරාගත නොහැකි මට්ටමට මෙම තත්ත්වය වර්ධනය වීම වැළැක්වීමට නම් කළ යුතු එකම විසඳුම පුද්ගල සංචරණය සීමා දැඩි සේ ක්‍රියාත්මක කිරීම බව අවධාරණය කර තිබේ.

විශේෂයෙන් රෝගීන් සංඛ්‍යාව අඩුකර ගැනීම සඳහා ඇති හොඳම ක්‍රමය ඒ බව ඔවුන් අවධාරණය කර ඇත.

කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරන එමගින් අඩුකිරීමට මෙන්ම අසාධ්‍ය තත්ත්වයට තත්ත්වයට පත්වන රෝගීන් ප්‍රමාණය අඩුකිරීමට හේතුවන බව මේ වනවිට තහවුරු වී ඇති බැවින් එවැනි අවදානම් කාණ්ඩවලට එන්නත් කිරීම කඩිනම් කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන් එහිදී තවදුරටත් පෙන්වා දී ඇත්තේ මොඩර්නා, ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා වැනි එන්නත් දැනට එක් මාත්‍රාවකින් පමණක් වුවද වුව ද සැලකිය යුතු ආරක්ෂාවක් ලබාදෙන බවට තහවුරු වී ඇති බවයි.

එසේම සති දෙකක් යනතුරු සයිනෝෆාම් මාත්‍රා දෙකම ලබා දී සති දෙකක් යනතුරු ආරක්ෂාවක් නොලැබෙන බවද පෙනී ගොස් ඇත.

එබැවින් වයස අවුරුදු 60 ට වැඩි අයට සහ අවදානම් කාණ්ඩවලට සංචරණ සීමා මධ්‍යයේ පවා එන්නත්කරණය දිගටම කරගෙන යාමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කර තිබේ.

මෙම කරුණු දෙක කෙරෙහි දැඩි සේ අවධානය යොමු කරමින් අඩුම වශයෙන් සති දෙකක කාලයක් වත් අත්‍යවශ්‍ය සේවා සහ එන්නත් කරන වැඩසටහන් බාධාවකින් තොරව පවත්වාගෙන යන අතර දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කරන ලෙසත් අවම වශයෙන් වැඩිහිටියන්ට සහ අවදානම කාණ්ඩවලට ඉහත කී එක එන්නතක් හෝ ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි.

මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරගැනීම සහ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් වේලාවක් ද එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනිස්සුන්ගෙ බිය නැති කළ නොහැකිනම් ඒ රජය ඉල්ලා අස්විය යුතුයි… රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක

Next Post

අද රෑ 12න් පසු පළාත් අතර සංචරණය සපුරා තහනම්…  එන්නත් මාත්‍රා 2 නොගත් අයට 15 සිට පොදු ස්ථාන තහනම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.