අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කොවිඩ් එන්නතත් දෙන ප්‍රදේශයත් තීරණය කළේ කොවිඩ් කමිටුවෙන්”- ඇමති නාමල්

by Lanka Sara Editor
සැප්තැම්බර් 3, 2021
in පුවත්
namal-rajapaksa
Share on FacebookShare on Twitter

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව වෙත
එන්නත්කරණය සිදු කිරීම ඊයේ (02) දින ආරම්භ වූ අතර ලබාදෙන එන්නත හා එන්තත් ලබාදෙනු ලබන ප්‍රදේශ තීරණය කරනු ලබන්නේ කොවිඩ් කමිටුව විසින් බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

තමා වෙත පැවරී ඇති වගකීම වී ඇත්තේ එම එන්නත් ලබාදෙන ප්‍රදේශය සෞඛ්‍ය අංශ විසින් නියම කළ පසු එන්නත ලබාගැනීමට ඒ ඒ ප්‍රදේශවල වයස අවු 20ත් 30ත් අතර පිරිස දැනුම්වත් කිරීම බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඉදිරි කාලයේදී රට විවෘත කළ පසු ජන ජීවිතය සාමාන්‍ය අයුරින් පවත්වාගෙන
යාම හා ජාතික ආර්ථිකයට ශක්තියක් වන තරුණ ප්‍රජාව එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාව මූලික කර සෞඛ්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ මත මෙරට වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව එන්තත්කරණය කිරීම සදහා අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යවරයා‍ගේ මගපෙන්වීම අනුව සෞඛ්‍ය අංශ, කොවිඩ්
කාර්ය සාධන බලකාය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
එක්ව ඉදිරි සති කිහිපය ඇතුළත දිවයින පුරා විසිරී සිටින වයස අවු. 20ත් 30ත්
අතර තරුණ ප්‍රජාව වෙත එන්නත්කරණය සිදුකෙරේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊයේ (02) දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ යෞවන සමාජ හා සම්මේලන මධ්‍යස්ථාන 03 ක් කේන්ද්‍රකරගනිමින් ආරම්භ වූ එන්නත්කරණ මධ්‍යස්ථාන නිරීක්ෂණය සඳහා අමාත්‍යවරයා එක්විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය. “විශේෂයෙන් ම අතිගරු ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමාත් සෞඛ්‍ය අමාත්‍යතුමාත්, කොව්ඩ් කමිටුවත් මේ රටේ අවුරුදු 20ත් 30ත් අතර තරුණ පිරිසට එන්නත්කරණය කළ යුතුයි යන තීන්දුව අරගෙන ඉදිරි සති කිහිපය ඇතුළත දිවයින පුරා ම එය ක්‍රියාත්මක වන පරිදි එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.

ඒ අනුව, අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය, අම්බලන්තොට, රන්න
යන මධ්‍යස්ථාන 03හි එම එන්නත්කරණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳ තරුණයන් තුළ විශාල උද්යෝගයක් තිබෙන බව අපි දකිනවා. ග්‍රාමීය කමිටු, යෞවන කමිටු, යෞවන සමාජ ව්‍යාපාර හා තරුණ සේවා සභාව හරහා තරුණ තරුණියන් දැනුම්වත් කළා.

හැම දිස්ත්‍රික්කයක ම මේ රටේ එන්නත් කළ යුතු සියලුදෙනා ම එන්නත්කරණය
කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව යි. ඒ ඒ ග්‍රාමීය කමිටු, යෞවන සමාජය ඔබව දැනුම්වත් කරන වෙලාවට පැමිණ වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි එන්නත් ලබාගැනීමයි ඔබ කළ යුත්තේ. අපි හිතනවා ඉතාමත් කඩිනමින් මේ පැමිණ සිටින පිරිසට එන්නත්කරණය සිදුකර අවසන් කර ඉදිරියේදී ලංකාව පුරාම වයස අවුරුදු 20ත් 30ත් අතර පිරිසට කඩිනමින් එන්නත්කරණය සිදු කර අවසන් කළ හැකිවෙයි කියලා.

ලබාදෙන එන්නත පිළිබදව තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරින්. අපිට
තිබෙන වගකීම තමයි එම එන්නත් ලබාදෙන ප්‍රදේශය සෞඛ්‍ය අංශ විසින් නියම
කළ පසු එන්නත ලබාගැනීමට ඒ ඒ ප්‍රදේශවල වයස අවු 20ත් 30ත් අතර පිරිස
දැනුම්වත් කිරීම කියන කාරණය. ලබාදෙන එන්නත හා එන්තත් ලබාදෙනු ලබන ප්‍රදේශ තීරණය කරනු ලබන්නේ කොවිඩ් කමිටුව විසින්. එම එන්නත් ලබාදෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂතුමාගේ උපදෙස් පරිදි.

අපිට තිබෙන්නේ ඒ සඳහා ජනතාව මෙහෙයවීම හා එන්නත්කරණ මධ්‍යස්ථාන
වෙත ජනතාව එක්රැස් කර එන්නත්කරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරිම සිදු
කිරීමටයි. අද මේ රටේ එන්නත් ලබාදිය යුතු සියලුදෙනාට ම අවශ්‍ය වන එන්නත් ප්‍රමාණය අතිගරු ජනාධිපතිතුමා පෞද්ගලිකව ම මැදිහත්වෙලා ගෙනවිත් තිබෙනවා.

එම නිසා නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එන්නත් මධ්‍යස්ථාන වෙත පැමිණ එන්නත් ලබාගන්න යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගෝලීය වශයෙන් පවතින වසංගත තත්ත්වය හමුවේ ජනතාවට අවශ්‍ය එන්නත්
ලබාදීම වෙනුවෙන් කැප වී කටයුතු කරන අතිගරු ජනාධිපතිතුමන්ට, අග්‍රාමාත්‍යතුමන්ට සහ සෞඛ්‍ය අමාත්‍යතුමන්ටත් ස්තූතිය පුද කර සිටිමු.
නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්
දැනුම්වත් කරන එන්නත් මධ්‍යස්ථානවලට පැමිණ එන්නත් ලබාගන්නා ලෙස
දිවයින පුරා සිටින වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාවට ආරාධනා කර
සිටිමු.” යැයිද අමාත්‍යවරයා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හාල් අඩුවෙනකොට පිටි 12කින් ඉහළ යයි

Next Post

පහන්තුඩාවේ ජෝඩුවටම කොවිඩ් – පොලිස් ඇප මත ගෙදර

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.