බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ආසාදිත බව තහවුරු වූ මුස්ලිම් කාන්තා සිරුර වළ දැමුවේ ඇයි.?..

by editor
දෙසැම්බර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • ජාතික රෝහලට ඇතුළත් කළ පසු කළ පී.සී.ආර්. පරීක්ෂණයක දී කොවිඩ් ආසාදිත බව තහවුරු වෙලා
  • අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබාගෙන සුව වී යළිත් ජාතික රෝහලට ඇවිත්
  • ජාතික රෝහලින් පිටවී ගිය පසු නිවසේ දී මරණයට පත් වෙලා…
  • මල සිරුරට කළ පී.සී.ආර්. පරීක්ෂණයක දී කොවිඩ් වෛරසය වාර්තා වුවත් සිරුර වළ දමන්න මුදා හැරලා….

කොවිඩ් ආසාදිත කාන්තාවක් මිය ගිය පසු ඇයගේ සිරුර භූමදානය සඳහා මුදාහල බවට චෝදනා ලැබ සිටින කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී  විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් තමන් කිසිම විටෙකෙ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ සිරුරක් චක්‍ර ලේඛවලට පිටින් භූමදානය සඳහා මුදා හැරියේ නැති බව ලංකාසරට පැවසීය.

එහෙත් මෙම මුස්ලිම් ජාතික කාන්තාවගේ සිරුර සම්බන්ධව ඔහුගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මරණ පරීක්ෂණ වාර්තාව අනුව මේ කාන්තාව කොවිඩ් ආසාදිත බව තහවුරු කරගෙන තිබුණත් ඇයගෙන් කොවිඩ් වෛරසය සම්ප්‍රේක්ෂණය නොවන බවට නිගමනය කරමින් මෙම දේහය මුදා හැර තිබේ.

ඒ සම්බන්ධව වාර්තතා වන සම්පූර්ණ කතාව මෙසේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ප්‍රශ්නතගත මිය ගිය කාන්තාව ජීවත් වෙමින් සිට ඇත්තේ   ඇයගේ පවුලේ  ඥාතීන් සමග ය.    ඇය වසර 17ක් දියවැඩියාව රෝගයෙන් පෙළී ඇති අතර ඇය කොළඹ ජාතික රෝහලෙන් දීර්ඝ කාලීනව  ප්‍රතිකාර ගනිමින් සිට තිබේ

පසුගිය මස 29 වැනිදා ඇය අංශභාග තත්වයක් යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.  එහිදී ඇයට කළ පී.සී.ආර් පරීක්ෂණයක දී ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති හෙයින්  අයි.ඩී.එච් රෝහලට මාරු කර යවා ඇත. 2020.12.10 දින කළ   පරීක්ෂණයක දී ඇයගේ සිරුරේ වෛරසයට එරෙහි ප්‍රතිදේහ සැදී ඇති බව තහවුරු වී තිබේ. එම ප්‍රතිදේහ වාර්තා වීමත් සමග ඇයව නැවතත් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

අනතුරුව ඇය පසුගිය 2020.12.11 වැනිදා ප්‍රතිකාර ක්‍රියාවලිය අවසන  ජාතික රෝහලෙන් නිවස වෙත  පිටත්කර තිබේ. පසුදා,   එනම් 2020.12.12 ඇය නිදි ඇඳේම මිය ගොස් සිටියාය.

අනතුරුව සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කරන ලද පී.සී.ආර් පරීක්ෂණ දී කොවිඩ් වෛරසය ඇයගේ සිරුරේ පවතින බව තහවුරු වී තිබේ. එහෙත් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහිත විශේෂඥ කණ්ඩායමක් මගින් කරන ලද සමාලෝචනයක  තීන්දුව වූයේ මෙම සිරුරින් වෛරසය වෙනත් පුද්ගලයෙක් වෙත ආසාදනය වන්නේ නැති බවය. එබැවින් එම විද්‍යාත්මක තීන්දුව ප්‍රකාරව සිරුර අවසන් කටයුතු සඳහා නිදහස් කර තිබේ.

මෙවැනිම සිද්ධියක් දෙසැම්බර 13 වැනිදා අහුංගල්ලෙන් වාර්තා වූයේය.

බලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කාර්යාලයට අයත් අහුන්ගල්ල අක්කර විස්ස ප්‍රදේශයේ හදිසියේ ඇද වැටී ජීවිතක්ෂයට පත් පුද්ගලයෙකුගේ දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද  පීසීආර් පරීක්ෂණයේදී මියගිය අය කොවිඩ් ආසාදිත අයෙකු බව තහවුරු විය. මෙසේ මියගොස් ඇත්තේ අහුන්ගල්ල, අක්කර 20 ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ඊට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීම මත රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන කාලය සපුරා තිබිණි.

අනතුරුව ඔහු හදිසියේ ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ අතර දේහය සම්බන්ධව කළ පී.සී.ආර් පරීක්ෂණයක දී ඔහුගේ සිරුරින් කොවිඩ් වෛරසය හඳුනාගෙන තිබිණි.  කොවිඩ් ආසාදිතව සිට වෛරසයට එරෙහි ප්‍රතිදේහ වාර්තා වන පුද්ගලයන්ගේ සිරුරු වලින් කොවිඩ් වෛරසය වාර්තා වුවත් එය වෙනත් පුද්ගලයෙකුට ආසාදනය නොවන බවට වූ විද්‍යාත්මක නිගමනය පිට මේ පුද්ගලයාගේ දේහය සාමාන්‍ය ආකාරයට මුදා හැර තිබිණි. ඒ ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ   වෙනුර කේ සිංගාරච්චි ගේ උපදෙස් මතය.

විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 11 වැනිදා සිකුරාදා දේහය පිළිබඳ අවසන් කටයුතු සාමාන්‍ය ආකාරයට බලපිටිය ප්‍රාදේශීය සභාවට අයත් අහුන්ගල්ල ආදාහනාගාරයේ දී සිදු කළේය.  සිද්ධියක දී වෘත්තිකයන් හැසිරෙන්නේ විද්‍යාත්මක පදනමක පිහිටා බව මේ පිළිබඳව විමසන විට සෞඛ්‍ය අංශයේ ආරංචි මාර්ග අවධාරණය කළේය.

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල නගරාශ්‍රිත ග්‍රාමසේවා වසම් 16ක සති දෙකක් තුළ කඩිනම් අහඹු කොවිඩ් පරීක්ෂණ

Next Post

රාල්මඩුව කුඹුරු යායේ වී කුරුල්ලන් 1000ක් පමණ මැරී වැටිලා

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.