බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් අභියස නැවතත් ජීවිතය පරදුවට තැබූ පී.එච්.අයි මහත්තුරු

by editor
ඔක්තෝබර් 8, 2020
in පුවත්
PHI-Sri-Lanka

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල අසල කොවිඩ් සටනට සූදානම්ව සිටින පී.එච්.අයි. මහත්වරු

Share on FacebookShare on Twitter

සටහන – ශ්‍රියානි විජේසිංහ –

  • ඉන්න හිටින්න තැනක් හොයන්නෙ නෑ…
  • කෑම බීම බලන්නෙ නෑ…
  • ගෙවල්වල යන්න නෑ..
  • ඇඳුමක් මාරු කරගන්නවත් වෙලාවක් නෑ…

මිනුවන්ගොඩින් කොරෝනා ආසාදිත කාන්තාව හමුවුණේ ඉරිදා දිනයකය. එදින රජයේ නිවාඩු දිනයක් වූ නමුත් රෝගයේ භයානක කම හමුවේ නිවස්වල සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට සිය රාජකාරිය සඳහා වාර්තා කිරීමට සිදුවිය. ඒ වන විටත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කිසිදු ආරක්ෂිත ඇදුම් කට්ටලයක් හෝ වෙනත් කිසිදු පහසුකමක් නොතිබුණේය.   ඇතැම් සාමාජිකයින්ට ප්‍රවාහන පහසුකම් හෝ නොතිබුණේය.   ඒත් ඔවුහු තමන්ට ලබා දෙන පහසුකම් ගැන හෝ නොතකමින් රාජකාරිය දේවකාරියකැයි සිතා කටයුතු ආරම්භ කළහ.

පසුගිය 4වන දින සිට මේ දක්වා ගත වූ දින කීපය පුරාවටම ඔවුන්ට නිසි පරිදි ඉන්නට හිටින්නට තැනක් නැත. කන්නට වෙලාවක් නැත. කෑම ගන්නා වාර ගණනට වඩා නොගන්නා වාර ගණන වැඩිය. ඇඳුමක් මාරුකර ගැනීමට වෙලාවක් නැත. දවස ආරම්භ වීමත් සමග ඔවුන්ගේ දින චරියාව ගෙවෙන්නේ කොරෝනා අසාදිතයින් සොයාය.  එක් ආසාදිතයෙක් සොයා ගත් පසුව ඔහුගේ ආශ්‍රිතයින් සොයා ගම් පුරා සැරිසැරීමට ඔවුන්ට සිදුවන්නේය.

මොවුන් මෙතරම් සේවයක් කලද හදිසියෙන් හෝ තමන්ගේ දුවා දරුවන්ගේ හෝ බිරින්දෑවරුන්ගේ සැප දුක සොයා බැලීමට   යාමට නොහැකිය. ඒ ඔවුන් නිසා නිවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත විය හැකි බැවිනි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමයේ  ලේකම් මහිහේන්ද්‍ර බාලසූරිය  සඳහන් කළේ මෙවන් අදහසකි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

“ මේ වන විට  පිට පළාතවලිනුත්  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්  මේ අවදානම් සහිත ප්‍රදේශවලට කැඳවලා තියෙනවා‍. මේ අනුව ආසාදිතයින් ආගිය තැන් කෑ බී ස්ථානයන්, ආශ්‍රය කරපු අය මේ සියලුම දෙනා ගැනම සොයා බලන්න අපිට සිදුවෙලා තියෙනවා.

අනික රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයින් සොය ගන්නවාට වඩා රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් සොයා ගැනීමට අපට විශාල මෙහෙයුමක් කරන්න වෙලා තියෙනවා. මේ මෙහෙයුමේදී  අපි හැම විටම කටයුතු කරන්නේ හොඳ අවදානයකින්. කොටින්ම කියනවා නම්  තාක්ෂණික කරුණු අනුගමනය කරමින් තමයි අපි ආසාදිතයින්ව සොයා ගන්න උත්සහ කරන්නේ.

කොහොම නමුත් අපිට මේ මෙහෙයුමේදී රෑ දහවල්  කියලා වෙලාවක් නැහැ. හරියට කෑමක් බීමක්වත් නැහැ. සමහර දවස් වලට අද අඳින ඇදුම මාරුකරන දවස කියන්න බෑ.   අපි මේ සෑම උත්සහයක්ම ගන්නේ මේ රෝග වසංගතය මර්දනය කරන්න.

වෙලාවකට අපිට හරි කණගාටුවක් ඇති වෙනවා. අපි මේ තරම් සේවයක් කළත් ඒ සේවාව අගයන්න කිසිවෙකුත් කටයුතු කරන්නේ  නැහැ. අපි සේවය කරන්නේ ඇගයීම් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒත් අපිට සාධාරණයක් ඉටු නොවන විට කණගාටුයි. ”

තමන්ගේ ජීවිතය ගැන හෝ නොතකමින් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතන මෙවැන් රාජ්‍ය සේවකයින්ට සම්මාන පදක්කම් නොලැබුණද ඔවුන්ට ජනතා උපහාරය සැමදා හිමිවනු ඇත.

 

 

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

වෛද්‍යවරයකුට කොරෝනා වැළඳී ගම්පහ රෝහලේ ළමා වාට්ටුව වසා දැමේ

Next Post

තවත් ආසාදිතයන් 10ක්… මුලු ආසාදිත සංඛ්‍යාව 1044 යි.

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.