අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් – 19 සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට  අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක්!

පළාත් මට්ටමින් ද අනුකමිටු 09ක් පත් කිරීමට පියවර...

by editor
ජූනි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රට තුළ කොවිඩ් -19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබේ.

2023 ජුනි මස 22 දිනැති අංක 23/විවිධ/026 දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම කමිටු පත් කර ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය කමිටුව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු සාමාජිකයන් 08 දෙනෙකුගෙන් සමන්විතය. රට තුළ කොවිඩ් 19 සහ ඩෙංගු රෝගය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අමාත්‍ය කමිටුවට පැවරේ.

මේ අතර ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක  විසින් පත් කර තිබේ.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොලගේ සභාපතිත්වයෙන් යුත් එම විද්වත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.කොඩිප්පිලිආරච්චි,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ්, වසංගත රෝග විද්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ප්‍රතිශක්තීකරණ හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක යන මහත්ම මහත්මීහු පත් කර සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම කමිටුවේ කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බුද්ධිකා එස්. ගමගේ  පත් කර තිබේ.

මීට අමතරව මෙම විද්වත් කමිටුවට සහාය වීම සඳහා පළාත් මට්ටමින් අනුකමිටු 09ක් පත් කර ඇත.

පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම අනුකමිටුවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා,  පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා, කලාප සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා,  පළාත් පාලන කොමසාරිස්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළත් වේ.

මේ අතර කොවිඩ් 19 සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අදාළ අමාත්‍ය කමිටුව අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී කමිටු සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරීන් ද එම අවස්ථාවට කැඳවා තිබූ අතර රට තුළ සෞඛ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වුවද පළාත් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරිණි.

විද්වත් කමිටුව ලබන 13 වන අඟහරුවාදා පෙරවරුවේ රැස්වීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද ඒ සඳහා කැඳවීමටත්, පළාත් මට්ටමින් ඩෙංගු මර්ධන ක්‍රියාකාරි සැලැස්ම එහිදි සකස් කිරීමටත් තීරණය කෙරිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර ළමා මැරයින් 06 දෙනා ඇප මත නිදහස්…

Next Post

ඉඩම් ආරවුලකට 93 හැවිරිදි මිත්තනියට පහර දී තුවාල කළ දොස්තර මුනුබුරා අත්අඩංගුවට !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.