දිනසේන රතුගමගේ
කොරෝනා වසංගතය මැද වූවත් ඉන්දියාවේ සිට උතුරු මුහුදට අනවසරයෙන් පැමිණෙන ටෝලර් යාත්‍රා සංඛ්‍යාව අඩු වී නොමැති බව සංඛ්‍යාලේඛන වලට අනුව පෙනී යන බව උතුරේ ආරක්ෂක අංශ සදහන් කරයි.
මේ වසරේ අගෝස්තු මාසය අවසන් වන විට ඉන්දීය ටෝලර් යාත්‍රා 4356 ක් උතුරු මුහුදට පැමිණ ඇති බවට ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී තිබේ.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මෙම අනවසර යාත්‍රා අත් අඩංගුවට ගන්නා ලෙස නාවික හමුදාපතිවරයාගෙන් කරණ ලද ඉල්ලීමට අනුව නාවික හමුදාව එම යාත්‍රා අත් අඩංගුවට ගන්නා නමුත් ඉන්දීය ධීවර යාත්‍රා උතුරු මුහුදට අනවසරයෙන් පැමිණීම මෙතෙක් නතර වී නොමැත.
2016 වසරේ සිට මේ දක්වා උතුරු මුහුදු කලාපයට ඉන්දීය ටෝලර් යාත්‍රා 71609 ක් පැමිණ ඇති අතර එම යාත්‍රා අතරින් නාවික හමුදාවට අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ යාත්‍රා 2916 කි.එම යාත්‍රා වල සිටි ඉන්දීය ධීවරයින් 283 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමෙන් පසුව ඔවුන් අධිකරණ වලින් නිදහස ලබා ගොස් සිටිති.
මේ අනුව උතුරේ එක්සත් ධීවර සංගමය පවසන්නේ 2016 වසරේ සිට උතුරු මුහුදට පැමිණි ඉන්දීය යාත්‍රා සංඛ්‍යාවත් ඒවායින් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති යාත්‍රා සංඛ්‍යාවත් ගණනය කරණ විට පැමිණි යාත්‍රා වලින් අත් අඩංගුවට පත්ව ඇත්තේ සියයට පහකටත් ත් වඩා අඩු සංඛ්‍යාවක් බවයි.
මේ දිනවල ඉන්දියාවේ කොරෝනා වසංගතය උග්‍රව පවතින නිසා ඉන්දීය ධීවර යාත්‍රා අනවසරයෙන් උතුරු මුහුදට පැමිණීම විශාල අනතුරක් බවද ධීවර සමීති නියෝජිතයෝ පෙන්වා දෙති.