බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොමිෂන් සභා 03ක නිර්දේශ ක්‍රියාත්මක නොකර ජනාධිපති පාස්කු ප්‍රහාර විමර්ශනයට තවත් කමිටුවක් පත් කරන කරන්නේ දේශපාලන විහිලුවක්… කතෝලික සභාව දන්වයි!

by editor
ජූනි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරික්ෂණ පැවැත්වීම සඳහා පත් කළ මළල්ගොඩ කොමිෂන් සභාවේත්, ව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේත, විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේත් අවසන් විමර්ශන වාර්තාවලින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පමණක් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ චූදිතයන්ට ලබා දී ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පසෙක තබා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන පැවැත්වීමට ජනාධිපතිවරයා තවත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම විහිළුවක් බවත් එම විහිළු සහගත නාටකය එළඹෙන ජනාධිපතිවරණය මුල්කරගෙන නිර්මාණය වී ඇතැයි විශ්වාස කළ හැකි බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා අද (14) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා විසින් පත් කරන ත්‍රි පුද්ගල කමිටුව පරික්ෂණ පැවැත්වීමට අදහස් කරන්නේ ඉන්දියාවෙන් ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳව අපේ බුද්ධි අංශ ක්‍රියාත්මක වූ ආකාරය යැයි සඳහන් බව කියන සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දෙන්නේ මේ විෂය ක්ෂේත්‍රය සම්බන්ධව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් මගින් පුලුල් විමර්ශනයක් කර ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකර ජනාධිපතිවරයා මේ කරන්නට හදන උත්සාහය පසුපස සැබෑ අපරාධකාරයින් සැඟවීමේ වෑයමක් පෙනෙන බව ද සිරිල් ගාමිණී පියතුමා කියයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධව චෝදනා එල්ලවන දේශබන්දු තෙන්නකොන් පොලිස්පතිවරයා ලෙස තබාගෙන,  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිසියේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස තබාගෙන, සුරේෂ් සලේ බුද්ධි ප්‍රධානියා ලෙස තබාගෙන ජනාධිපතිවරයා විසින් කරන්නට සැලසුම් කරන කමිටුව කුමක් අරභයා කටයුතු කරන්නේද යන්න සැකයක් උපදින බවය.

එබැවින් ජනාධිපතිවරයාගේ මෙම කමිටුව කතෝලික සභාව විසින් පිළි නොගන්නා බවද සිරිල් ගාමිණී පියතුමා පැවසුවේය. සිරිල් ගාමිණි පියතුමා මාධ්‍ය හමුව අමතමින් ජනාධිපතිවරයාගේ පාස්කු විමර්ශන ත්‍රි පුද්ගල කමිටුව ගැන දැක්වූ අදහස් මෙසේය.

අප දන්නවා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැනන විමර්ශනය කරලා නිර්දේශ ඉදිරිපත් කරන්න පළමුව මළල්ගොඩ කොමිෂන් සභාව පත් කළා. පසුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්, පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සෙවීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ කොමිෂන් සභා තුනේම වාර්තාවන් තියනවා. ඒ වගේම පාර්ලිමේන්තු විශේෂ කමිටුවෙත් ඒ වගේම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙත් සම්පූර්ණ වාර්තාවන් දැන් පිටවෙලා තියනවා. එම වාර්තාවන් දැන් ජනාධිපතිවරයාට යොමු කරලා තියනවා. ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දීලා තියනවා. කතෝලික රදගුරු මණ්ඩලයට ලබා දීලා තියනවා.

ජනාධිපති කොමිෂන් සභාව දීර්ඝ කාලයක් දීර්ඝ විදිහට මෙම ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු කරලා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරලා තියනවා. නමුත් මේ වනතුරත් මේ නිර්දේශ එකක්වත් ක්‍රියාත්මක වෙලා නෑ.

මෙතෙක් පත් කළ කොමිෂන් සභාවල අර්ථය කුමක් ද?

අපි එදා ඉඳන් ඉල්ලපු දේ තමයි මේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ ඉදිරිපත් කරලා තියන නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් ඒ නිර්දේශ එකක්වත් රජයවත් නීතිපතිවරයාවත් ක්‍රියාත්මක කරලා නෑ. නමුත් මේ කොමිෂන් සභා දෙකටත් පාර්ලිමේන්තු කමිටුවටත් ජනතාවගේ මුදල් ලක්ෂ කෝටි ගණන් වියදම් කරල තියනවා. විශාල කාලයක් කැප කරලා තියනවා. හුඟ දෙනෙකුගේ ශ්‍රමය ඊට වැය වෙලා තියනවා. නමුත් එම කොමිෂන් සභාවල නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් එතකොට ඒ විමර්ශන කොමිෂන් සභාවල ප්‍රයෝජනය මොකක්ද කියන එක පිලිබඳව අපට ප්‍රශ්නයක් තියනවා.

මේ විශේෂයෙන්ම ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව කියවලා බැලුවාම අපට තේරෙන දේ තමයි ඉන්දියාවෙන් සති ගණනකට පෙර නිලන්ත ජයවර්ධන මහත්මයාට ලැබුණයි කියන මේ බුද්ධි තොරතුරු පිලිබඳව පොලිසියත් ඒ වගේම ඉහළ නිලධාරීනුත්, බුද්ධි අංශත් ක්‍රියා කළ ආකාරය. ඒ පිළිබඳව දීර්ඝ ලෙස විමර්ශනයක් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තුළ කෙරිලා තියනවා. එම දීර්ඝ විමර්ශනය කරලා එම විමර්ශනයෙන් ඉදිරිපත් වෙච්චි කරුණුත් මේ අවසාන වාර්තාවේ පිටු ගණනාවක සඳහන් වෙලා තියනවා. ඒ අනුව මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිර්දේශ කීපයක්ම ඉදිරිපත් කරලත් තියනවා.

විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මයාට විරුද්ධව දණ්ඩනීති සංග්‍රහය යටතේ අධිකරණයේ අපරාධමය නඩුවක් පවරන්නට කියලා නීතිපතිවයරාට නිර්දේශ කරලා තියනවා. තවත් පොලිිසියෙ කීප දෙනෙකුට එවැනි නිර්දේශ කරලා තියනවා. එම නිර්දේශයන් ඉදිරිපත් කරලා තියෙන්නේ විමර්ශනයන් සිදුකිරීමෙන් පසුවයි.

එහෙමනම් තව දුරටත් මේ පිළිබදව කරන්න තියන විමර්ශන මොනවද?.

කරන්න තියන දේ තමයි විමර්ශනවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම. විශේෂයෙන්ම නිලන්ත ජයවර්ධන මහත්මයට එරෙහි නිර්දේශය ක්‍රියාත්මක කිරීම. ඔහුට එරෙහිව නඩු පැවරීම. දැන් නැවත වතාවක් මේ කාරණය ගැන පමණක් විමර්ශනයක් කරන්න තුන් දෙනෙකුගෙ කමිටවක් පත් කරලා තියනවා. වාර්තාව සැප්තැම්බර් මාසේ 01 ට පෙර ලබා දෙන්න කියලත් ප්‍රකාශ කර තියනවා අපි දැක්කා.

අඑතකොට බොහොම පැහැදිලියි මොකක්ද මේ කරන්න යන්නේ කියන එක. මෙච්චර සල්ලි නාස්ති කරලා මෙච්චර ශ්‍රමය නාස්ති කරලා ශ්‍රේෂ්ඨාධිකරණ  විශ්‍රාමික විනිසුරුවරුන් කීපදෙනෙකුගෙන් සමන්විත මේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකර ඇයි මේක ගැනම නැවත විමර්ශනය කරන්න කමිටුවක් පත් කරන්නේ. ඒක කිසිම තේරුමක් නැති විහිලුවක් ලෙසයි අපි දකින්නේ.

මේ කරන්න උත්සාහ කරන්නේ අපි දකින හැටියට යම් කිසි ප්‍රයෝජනවත් දෙයක් නෙමෙයි. විශාල ජනතා මුදල් ප්‍රමාණයක් තේරුමක් නැති කටයුත්තකට වියදම් කිරීම පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කමිටුව අප පිළිගන්නෙ නෑ කියන එක ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා.

කමිටුව පිළිනොගන්නේ ඇයි.

මෙහෙම කමිටුවක් පත් කරන්න ජනාධිපතිවරයා තීරණය කරද්දි ඒ පිටිපස තියන දේ මොකක්ද කියලා අපි කල්පනා කරන්න ඕන. දැන් අපි හිතමු විමර්ශනයක් සිද්ධ වෙනවා කියලා. අද ඉන්න පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමයි මේ කමිටුව ඉදිරියේ විමර්ශනයට ලක් වෙන්නේ. නිලන්ත ජයවර්ධන සුරේෂ් සලේ තමයි කමිටුව ඉදිරියෙ විමර්ශනයට ලක් වෙන්නේ. අද ඒ අය ඉන්න ධූරයන්වල නිලතලවල තියාගෙනම කොහොමද එහෙම සාධාරණව විමර්ශනයක් සිද්ධ වෙන්නේ. සිදුකරන්න පුලුවන්ද ඒක.

අපි දන්නවා දේශබන්දු තෙන්නකෝන් මහත්මයා මේ රටේ පොලිස්පති. නිලන්ත ජයවර්ධන මහත්මයා මේ රටේ පොලිසියේ දෙවැනි බලධාරියා. සුරේෂ් සලේ වගේ කෙනෙක් මේ රටේ බුද්ධි නායකයා. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ චෝදනා ලබන හැම දෙනෙක්ම මේ බලය සහිත උසස් නිලතලවල තියාගෙන ඒ අය පිළිබඳව විමර්ශන කරන්න පුලුවන්කමක් තියනව ද?. එහෙම මොන රටේද සිද්ධ වෙන්නේ.

ඒ නිසා අපි දකින්නේ මේ කමිටුවට පුලුවන්කමක් නෑ මේ විමර්ශනය කරන්න. ඒ අයගේ ධූරවලින් ඒ අය ඉවත් කරලා ඒ අයගේ සේවාව අත්හිටුවලා ස්වාධීන පරීක්ෂණයක් සිදුවෙන්න ඕන. නමුත් රජය කළේ මේ දක්වා ඒ අයට උසස්වීම් ලබා දීලා හිටියට වඩා උසස් ධූරවලට පත් කරන එක. එහෙම නැතිව මේ අයගේ සේවය අත්හිටුවලා පරීක්ෂණ කිරීම නෙමෙයි.

ඒ නිසා අපි දකිනවා මේ පිටුපස තියෙන්නෙ අවංක චේතනාවක් නොවෙයි කියන එක. මේ දේවල්වලින් පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන්, සබෑ සැලසුම්කරුවන්,  සොයා ගන්න පුලුවන් වේවිද කියලා අපට හිතෙනවා. අපට අවශ්‍ය වන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස තියන සත්‍ය මොකක්ද?. කවුද ඒකට නියම වශයෙන් වගකියන්න ඕන. කවුද ඒ ප්‍රහාරය පසුපස හිටියෙ කියන එක පිළිබඳව ඇත්ත සොයා ගැනීම

මේ වගේ කමිටුවකින් එහෙම දෙයක් වෙන්නෙ නෑ කියලා අපිට වැටහෙනවා. ඒ නිසයි අපි ඒ කමිටුව පිළිගන්නේ නෑ කියලා අපි ප්‍රකාශ කළේ.

කොමිෂන් සභා තුනක  නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට හේතුව කුමක් ද?

මේ කමිටුව පිහිටුවන්න කලින් කරන්න තිබණේ ජනාධිපති විමර්ශන සභාවෙ නිර්දේශ ක්‍රියාත්මක කිරීම. කීප දෙනෙකුටම අපරාධමය නඩු පවරන්න කියලා කොමිසම කියා තිබෙනවා. මේ නිර්දේශය ක්‍රියාත්මක කර මේ අයට නඩු පැවරුවා නම් මේ සත්‍ය හෙළිදරව් කරගන්න එක ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි. ඒක එකක්.

ඊලඟ කාරණය තමයි මේ නිලධාරීන් මේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි කියන තීරණයක් ලබා දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවරූ පෙත්සමක් විභාග කළාට පස්සේ. එතකොට නිලන්ත ජයවර්ධනත් ඇතුළු තවත් කීපදෙනෙකුටම ශ්‍රේෂ්ඨාධීකරණය විසින් වන්දි මුදල් ගෙවන්න කියලත් නිර්දේශ කළා. එහි තව නිර්දේශයකුත් තියනවා නිලන්ත ජයවර්ධන ඇතුළු මෙම පොලිස් නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. මේ කිසිම දෙයක් සිදුකන්නෙ නැතිව මේ අය පැහැදිලිවම පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි කියන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීලා තියෙද්දි තවත් මොනවද විමර්ශනය කරන්න තියෙන්නෙ තවත් කමිටු පත් කරලා.

මේක මුදල් සහ කාලය නාස්තියක්. අපට හැඟෙන දේ තමයි ජනාධිපතිවරයා පත් කරලා තියන මේ කමිටු පත්කිරීම පිටුපස තියෙන්නේ දේශපාලන අවශ්‍යතාවයක් ද කියන එක. අපි දකිනවා මේකෙන් අවශ්‍යතාවය තියනවද කියලා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අපරාධකරුවන් වසන් කරන්නට. එහි සත්‍ය හෙළිදරව් කරගැනීම ජනාධිපතිවරයාගේ අවංක උත්සාහය නම් ඔහු කළ යුත්තේ අර නිර්දේශ ක්‍රියාත්මක කිරීමයි. ඊට උපදෙස් දීමයි. ඒ උපදෙස් නියම ආකාරයෙන් ක්‍රියාත්මකවනවාද යන්න සොයා බැලීමයි.

ඒ වගේම අපි විටින් විට නොයෙක් අවස්ථාවලදී සභාව හැටියට යෝජනා කරලා තියනවා මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන එක. ඒ පිළිබඳව කිසිම තැකීමක් නොකර, අඩුම තරමින් ඒ ඉල්ලීම්වලට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා අඩුම තරමින් එම ලිපි ලැබුණ බවට ලිඛිතව දැනුම් නොදී නින්දෙන් ඇහැරුණා වගේ කමිටුවක් පත් කරලා තියනවා. නමුත් ඒ කමිටුවෙන් කරන්න යන දේ කිසිම අර්ථයක් ප්‍රයෝජනයක් නැති දෙයක් කියලා අපට වැටහෙනවා. ඒ නිසා මේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරිත්වය අප පිළිගන්නේ නෑ.

අනෙක් පැත්තෙන් මේ කමිටු පත් කිරීම හරිම විහිළුවක්. තවත් නාට්‍යයක් හැටියට. ඒ වගේම මේක මැතිවරණය ඉලක්ක කරගෙන මිනිසුන් රවටන්න කරපු දෙයක් ද කියන සැකය අප තුළ තිබෙනවා. නමුත් අපි විශ්වාස කරන්නෙ නෑ ජනතාව තවදුරටත් මේ විදිහෙ රැවටීම්වලට ලක් වේවි කියලා. ජනතාව දැන් දන්නවා මොනවද සිදුවුනේ සිදුවෙලා තියෙන්නෙ කියලා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ නෑ ජනතාව තවදුරටත් මේ දේවල්වලට රැවටෙයි කියලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිටසක්වල ජීවීන් අප අතරම සිටින බව හාවඩ් පර්යේෂකයන් කියයි !

Next Post

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ අඛණ්ඩ වර්ජනයක් ප්‍රකාශ කරති…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.