බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙත කමත ගැන දරු පැටවුන්ට කියන්න හැදූ අපූරු වැඩසටහන…

by editor
පෙබරවාරි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කුඹුර, කමත හා ඒ ආශ්‍රිතව බිහිවු ගොවිසංස්කෘතිය පිළිබද පාසල්  දරු දැරියන් දැනුවත් කිරිමේ  වැඩසටහනක් ගාල්ල බෝගහගොඩ, දඩුවන වෙල්යායේ දි පසුගියදා පැවැත්විණි.

පරිසරික, ආර්ථික හා සමාජිය වශයෙන්  කුඹුරේ ඇති වැදගත්කම එය රැක ගැනිම  පිළිබද පාසල් දරු දැරියන් දැනුවත් කිරිමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි. ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්  ජේ.ඩබ්ලිව්.එස් ප්‍රියන්ජන්ගේ සංකල්පයකට අනුව  මෙම වැඩසටහන ක්‍රියාත්මකවන අතර එහි සමාරම්භක වැඩ සටහන දඬුවන වෙල්යායේ දි ඉතා විචිත්‍රවත් අයුරින් සිදුකරනු ලැබිය. 

දරු පැටවු කෙළිදළෙන්….

කුඹුරේ කමතේ  ඇළේ දොළේ ඇවිදමින් නිදහසේ  එහි අසිරිය විඳ දරාගැනීමට  මෙහිදී දරුවන්ට අවස්ථාව  උදාකර දි තිබුණි. ගොයම් කවි,නෙළුම් කවි,පැල්කවි වලින්  මෙකි සමාරම්භක උත්සවය හැඩවැඩ වි තිබුණි   කමතේ ඉදිකරනු ලැබු පැළක් මත සිට පැල් කවි ගායනා කිරිමද මෙහිදි සිදුවු අතර ඉන්පසු කමතේ  කෙත, කමත, රස රහස හා දරුවන්ගේ හෙට දවස පිළිබද  විශේෂ  සාකච්ඡා මණ්ඩපයක් ද පැවැත්විණි.

මෙහිදි ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජේ.ඩබ්ලිව්.එස් ප්‍රියන්ජන්   අදහස් දක්වමින් මෙසේ කිවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“දරුවන් තමයි  රටේ අනාගතපරපුර. ඇත්තටම දරුවන් ඉලක්කකරගෙන තමයි අපි මේ වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කිරිමට  සැලසුම් කොට තියෙන්නේ.කුඹුරේ ඇති වටිනාකම ,  පාරිසාරික වශයෙන් එහි ඇති  වැදගත් කම හා  අපේ ගොවි සංස්කෘතියේ පාරම්පාරික චාරිත්‍ර වාරිත්‍ර පිළිබද තමයි  දරුවන් දැනුවත් කිරිමට කටයුතු කරන්නේ. කුඹුර රැක ගත යුත්තේ ඇයිද යන්න පිළිබද  දරුවන්ගේ මනසට මේ පණිවුඩය  ලබාදිම තුළින්  එය  සමාජගත කරන්න පුළුවන්. 

ගොවිජන-සංවර්ධන-කොමසාරිස්-ඇතුළු-පිරිස

කුඹුර පිළිබද පුළුල් විග්‍රහයක් තියෙනවා. මෙය ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි. පාරිසරික හා සමාජිය වශයෙන් ඉතා වැදගත් පිංබිමක්. මෙය තෙත් බිමක්, ගංවතුර පාලනයට , භුගත ජල සම්පත ආරක්ෂා කිරිමට .ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත්. මෙකි පරිසර පද්ධතිය තුළ   ආවේනික මසුන්, ශාක හා සත්ව ප්‍රජාව ජිවත් වෙනවා. කුඹුරු විනාශ වුවහොත්  පාරිසරික වශයෙන් ගැටලු රැසක් ඇති වෙනවා. කුඹුරු ගොඩවිම් වලක්වන්න නීතිමය වශයෙන් වැඩකටයුතු සිදුවෙනවා.  කුඹුරු ආරක්ෂා කිරිමේ වැදගත්කම දරුවන් හරහා සමාජගත කිරීම  අපේ අරමුණයි.“   ඔහු සඳහන් කළේය.

මෙම සාකච්ඡා මණ්ඩපය සඳහා  සංහිද සංවිධානයේ සභාපති නිතිඥ තුෂාර ද සිල්වා, කලාශුරි කලභුෂණ කොට්ටව සිරිසේන, ගොවිජන සංවර්ධන  නිලධාරි අධිශ්‍රේණි ටි.පි.ජි සුසන්තා, පරිපාලන නිලධාරි එන් පි උස්ගොඩආරච්චි, අහංගම රෝහණ විද්‍යාලයේ  සංගිත ආචාර්ය  ඩබ්ලිව් ජි.සංජිව නිලන්ක,   එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුනෙන් දෙකේ බලය ගත්ත සිරිසේන සොයුරන්ගේ යහපාලන වැලි කෙළිය

Next Post

භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.