බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුළු උයනේ තහනම් යතුරුපැදි සිද්ධියට අත් අඩංගුවට පත් මහින්දගේ උපදේශකයා – අජිත් ගාල්ලගේ ගැන බීබීසී කියන කතාව….

රටේම සාපයට ලක් වුන මව් සතුන් මරා අලි පැටවු හොරකම් කළ වනජීවී අපරාධයේ ප්‍රධාන සැකකරුවෙක්...

by editor
ජූලි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

හම්බන්තොට, නාගරවැව, කුරුලු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් කර ඇති විදෙස් රටවල නිෂ්පාදිත රුපියල් මිලියන 250ක් වටිනා අධිධාරිතාවකින් යුත් යතුරු පැදි 21ක් පොලිසිය විසින් පසුගිය ජූලි 12 වන දා සොයා ගනු ලැබිණි.

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමට සමගාමීව වැඩබලන පොලිස්පතිවරයාට ලද විශේෂ තොරතුරත් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබිණි.

එලෙස අධිධාරිතාවකින් යුත් යතුරු පැදි ගබඩා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජූලි 13 වන දා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ සැකකරුවන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ අජිත් සිරිකුමාර ගාල්ලගේ ද සිටියි.

කවුද මේ අජිත් ගාල්ලගේ?

නීතිවිරෝධී ලෙස වනාන්තරවලින් අල්ලාගත් අලි පැටවුන් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අජිත් සිරිකුමාර ගාල්ලගේ සම්බන්ධයෙන් මීට පෙර චෝදනා එල්ල වී තිබිණි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2009 වසරෙන් පසුව ලියාපදිංචි කළ අලි පැටවුන්ගෙන් 14 දෙනෙකු නීතිවිරෝධී ලෙස වනාන්තරවලින් අල්ලාගත් සතුන් බවත්, එම සතුන් නීතිවිරෝධී ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි කර ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද විගණන විමසුමකට අනුව තහවුරු වී තිබුණේ, 2014 වසරේ දී ය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හීළෑ අලි ඇතුන්ගේ ගොනු අංක 358 යටතේ අජිත් සිරිකුමාර ගාල්ලගේ විසින් නීතිවිරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබා ගත් බවට චෝදනා එල්ල කර තිබිණි.

එවකට ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අජිත් සිරිකුමාර ගාල්ලගේ මෙම චෝදනාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනයට අදාළව තොරතුරු ලබා දෙමින්, තමා සන්තකයේ සිටින අලි පැටවුන් ජනාධිපතිතුමන්ට අයත් යැයි පවසා ඇතැයි එවකට ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිණි.

ලලිත් අඹන්වල සිදුකළ විමර්ශනය

නීතිවිරෝධී අයුරින් වන අලි පැටවුන් අල්ලාගෙන ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විමර්ශන වාර්තා දෙකක් නිකුත් කර තිබිණි.

2014 ජූලි 22 වන දින නිකුත් කළ පළමු වාර්තාව අනුව අලි පැටවුන් 4 දෙනෙකු සම්බන්ධයෙන් ද, දෙවන වාර්තාව 2014 ඔක්තෝබර් 17 වන දින පැටවුන් 10 දෙනෙකු සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

එම වාර්තා දෙකට අනුව වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්, උදේනි වික්‍රමසිංහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩබලන ලද සමයේ වැඩි ම නීතිවිරෝධී බලපත්‍ර 7ක් නිකුත් කර ඇතැයි අනාවරණය විය.

පසුගිය දා අභාවප්‍රාප්ත වූ ලලිත් අඹන්වල විසින් මෙම විගණන විමර්ශනය සිදුකරනු ලැබී ය.

කෙසේ වෙතත්, වනාන්තරවලින් අල්ලා නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටින හා 2009 වසරෙන් පසුව ව්‍යාජ ලෙස ලේඛන සකස් කර ලියාපදිංචි කළ අලි පැටවුන් පිළිබඳව පරීක්ෂා කර විගණන විමසුම් වාර්තාව සකස් කළ නියෝජ්‍ය විගණකාධිපති ඒ.එච්.එම්.එල්. අඹන්වල එම කාර්යයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබූ බවට පරිසරවේදීන් චෝදනා කර තිබිණි.

චෝදනා ලැබූ පුද්ගලයන්ට යළිත් අලි භාර දීමට නියෝග

ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටින, අලි පැටවුන් 13 දෙනෙකු නඩු භාණ්ඩ සන්තකයේ තිබූ පුද්ගලයින් වෙත නැවත භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 2021 වසරේදී සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කරන ලදී.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංක 01හි ස්ථානාධිපති විසින් මෙම අධිකරණයට කරුණු වාර්තා කරමින් අධිකරණ ක්‍රියාමාර්ග සහ විමර්ශන සිදුකරමින් පවතින හීළෑ අලිඇතුන් සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සහ සන්තකයේ පැවරීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් සහ ශ්‍රී ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) 2021.08.19 දිනැති අංක 2241/41 වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ එම ගැසට් පත්‍රයේ දෙවන කොටසේ සඳහන් වන ආකාරයට හීළෑ අලිඇතුන් ලියාපදිංචිය විධිමත් කිරීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර ඇති බවට හා එම ගැසට් පත්‍රයේ දෙවෙනි කොටසේ සඳහන් පරිදි මාස 3ක් ඇතුළත හීළෑ අලිඇතුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට නියම කර ඇති බවට අධිකරණය වෙත වාර්තා කර ඇත.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තැපෑල යළිත් වර්ජනයක…

Next Post

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නුදුන් මාණ්ඩලික නිලධාරින්ගේ වැටුප් කප්පාදුව අද සිට ඇරඹෙයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.