වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නුදුන් මාණ්ඩලික නිලධාරින්ගේ වැටුප් අද (15) සිට කප්පාදු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
විෂය භාර අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට රාජ්‍ය නිලධාරීන්ට ලබා දී තිබූ කාලය ජූනි 30 වැනිදායින් අවසන් වූ බවය.
එම කාලසීමාව තුළ අදාල ප්‍රකාශ ලබා නුදුන් විධායක හා මාණඩලික ශ්‍රේණිවල නිලධාරීන්ට දින 14ක් තුළ ඒවා ලබා දෙන්නැයි අවවාදාත්මක ලිපි යොමු කර තිබිණි. එම දින 14ක කාලය ද ඊයේ දිනයෙන් අවසන් වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙතෙක් වත්කම් බැරකම් ලබා නුදුන් නිලධාරීන්ගේ ලයිස්තුව රාජ්‍ය ආයතන ප්‍රධානීන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට භාර දිය යුතුව තිබේ. අද සිට අදාල රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කරගැනීමට නියමිතව ඇත.
ඒ අනුව මූලික වැටුපින් එක් දිනකට තිහෙන් එක බැගින් කප්පාදුව කරන බව අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න පවසයි.
2025 මාර්තු 31 දින දක්වා වන වාර්ෂික වත්කම් බැරකම් ලේඛන අල්ලස් කොමිසමට එලෙස අල්ලස් කොමිසමට කැඳවා තිබිණි. අමාත්‍යවරයා සඳහන් කළේ සෙසු රාජ්‍ය සේවකයින්ගෙන් ද ඉදිරියේ දී වත්කම් බැරකම් ප්‍රකාශ කැඳවීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සැලසුම් කර ඇති බවය.







