අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුල්ලන් පූසන් සර්පයන් අතේ කුඩු යවපු මිනිස්සු

අංගොඩ ලොක්කගෙ උකුස්සා මත් කුඩු ඇද්ද ද?

by editor
ජූලි 31, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කුරුල්ලන් අත සන්දේශ යැවූ සාඩම්බර ඉතිහාසයක් සහිත ශ්‍රී ලාංකිකයන්ට දැන් ඇසෙන්නේ කුරුල්ලන් ලවා කුඩු බෙදන කතා වීම ඛේදජනක ය. මෙම  ඉඟිය මතුවන්නේ මත්කුඩු ජාවාරමෙක්  මෙන්ම පාතාල අපරාධකරුවකු වන ‘අංගොඩ ලොක්කාට’ අයත් බව කියන රාජාලියකු ඊයේ අතුරුගිරිය ප්‍රදේශයේ දී සොයාගැනීමත් සමගය.  මේ උකුස්සා ලවා මත්කුඩු බෙදාහැරියේදැයි සැකයක් ඇතැයි පැවසේ. තවමත් ඒ පිළිබද නිශ්චිතවම තහවුරු නොවුණත් මෙම රාජාලි විශේෂය විදේශීය සතකු බවට නම් හඳුනාගෙන අවසන් ය. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බෙදන ඩ්‍රෝන් යානා හඳුනාගෙන ගුවනේදීම විනාශ කර දමන්නට රාජාලියන්, උකුස්සන් ආරක්ෂක අංශවලට සේවය කරන සමයක ලංකාව උන් ලවා මත්ද්‍රව්‍ය බෙදාහරින්නේදැයි සොයාබැලිය යුතුමය. එතැනින් නොනැවතී ලෝකයේ සෙසු රටවල උදාහරණ විමසා බලා ‘උකුසු ඇස’ සියලුම සතුන් දෙස යොමුකිරීම ද වටී.
මත්කුඩු බෙදාහැරීම සඳහා සතුන් පණපිටින් යොදාගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව තුළ මෙලෙස සැක මතුවන්නේ මෑතක සිට වුවත් ලොව පුරා මත්කුඩු බහුල ලෙස භාවිත වන, බෙදාහැරෙන රටවල මෙය කලින් කලට රැල්ලක් මෙන් මතුවන්නකි. කාලෙන් කාලෙට එක් එක් සතුන් මේ සඳහා යොදාගනී. වෙනසකට ඇත්තේ මීට පෙර බහුලව අසන්නට ලැබුණේ විවිධ රටවල බන්ධනාගාර තුළට මත්කුඩු, මත්ද්‍රව්‍ය රැගෙන යාමට සතුන් භාවිත කළ ආකාරය ගැනය. ප්‍රදේශයකින් ප්‍රදේශයකට සමීපයේ රටකින් රටකට මත්ද්‍රව්‍ය බෙදන්නට පණ ඇති සතුන් යොදාගැනීම පිළිබඳ අසන්නට ලැබෙන්නේ තරමක් කලාතුරකිනි.

රුසියානු බන්ධනාගාරයක් තුළට මත් ද්‍රව්‍ය රැගෙන ගිය පූසෙක්….

මුල්ම තොරතුර
ඒ පිළිබඳ මුලින්ම තොරතුරක් වාර්තාවන්නේ 1994 දීය. එවකට ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත ලිපියකින් වාර්තා කර තිබුණේ සිය උදරය තුළ රාත්තලක් කෝකේන් ගෙන ගුවන්ගත වූ බැල්ලියක ගැනයි. නිවසක සුරතලයට ඇතිකළ ඒ ගැහැණු සුනඛයා නීත්‍යුනුකූල ලෙස ගුවන් මගින් ප්‍රවාහනය කර තිබූ අතර සැකකාර හිමිකරු අල්ලා ගත්තේ ඇය රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී ය. ගුවන්තොට රේගුවෙන් ස්කෑන් පරීක්ෂාවේදී සුනඛයාගේ උදරය සැත්කමකින් ඇතුළු කළ කොකේන් හමුවී ඇත. සති දෙකක් තිස්සේ අපමණ දුක්විඳිමින්  සිටි සුනඛයාට ආහාර ගැනීමටවත් නොහැකිව අසාධ්‍ය තත්ත්වයෙන් සිට තිබුණි. සුනඛයා යවා තිබුණේ කොලොම්බියාවේ සිට ය. ඒ පිළිබද නඩුව අධිකරණයේ විභාග වනවිට එරට මත්ද්‍රව්‍ය වැළැක්වීමේ මණ්ඩලයේ ප්‍රකාශකයකු වූ ඩොව්ඩ් පවසා තිබුණේ සිය වසර 25ක සේවා කාලය තුළ පණ ඇති සතුන් ලවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම පිළිබද ඔහු ඇසූ පළමු වතාව බවයි.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2006 වසරේදී රැසියානු බන්ධනාගාරයක් තුළට මත්කුඩු ගෙනයමින් සිටි පරවියකු අල්ලා ගත්තේ ය. මෙම පරෙවියා බන්ධනාගාරය තුළට එවා තිබුණේ කුඩුත් සමගය.    විමර්ශනවලදී හෙළිවී තිබුණේ ආපසු යන පරවියාගේ කකුලක    සිරකරුවන් විසින් දෙන උපදෙස්, මුදල් ලබාගැනීම් පිළිබඳ විස්තර සහ අලුතින් අවශ්‍ය මත්ද්‍රව්‍ය ආදිය ගැන කුඩා කොලයක විස්තර සටහන් කර කුඩා තුණ්ඩු එල්ලා තිබුනු බවය.   ඉන්පසුව ලොව පුරා රටවල් බොහොමයකින් පරවියන් මත්ද්‍රව්‍ය ගෙනයාම ගැන අසන්නට ලැබුණි. කිසිදු සැත්කමකින් තොරව ග්‍රෑම් 30ක පමණ බරක් ගෙන යා හැකි පරෙවියා ඉතා බුද්ධිමත් සතකු වීමත්, පුහුණු කිරීම පහසු වීමත් උන්ගේ ගමන් මාර්ගය ඉතා සරල හා විශ්වාසදායී වීමත් ඊට හේතුවී තිබුණි.

බන්ධනාගාරයට මත් පෙති ඇද්ද පරවියෙක්….

2011 වසෙර්දී මරිජුවානා රැගෙන ගිය පරවියකු ග්‍රෑම් 40 මරිජුවානා මල්ලේ බර වැඩිවීම නිසා කොලොම්බියාවේ බන්ධානාගාරයක තාප්පය ඇතුළට පියෑඹීමට අපහසුවෙන් පහළට එද්දී බන්ධනාගාර නිලධාරීන් අල්ලාගෙන තිබුණි. 2015 දී ද මේ අයුරින්ම කොස්ටරිකා රාජ්‍යයේ බන්ධනාගාරයක් තුළ පියාඹමින් සිටි පරවියකු මරිජුවානා ගෙන ගොස් තිබුණි.
2013 දී වාර්තා වී ඇත්තේ යුරෝපා රටක් වන මෝල්ඩාවේ බන්ධනාගාරයට නිතර යන එන පූසකු කොකේන් මත්කුඩු ගෙනගිය පුවතයි. පූසාගේ කොලරයේ සඟවා තිබී කුඩු හමුවන විට පූසා සුරතල් කළ ජේලර්ලා ද බියට පත්වී තිබුණි.
2017 දී ඉරාකයේ සිට කුවේට් දක්වා පරවියකු පිටේ බැද තිබූ පුංචි බෑගයක ගෙන ගිය නීතිවිරෝධී මත්පෙති 178ක් සොයාගෙන තිබුණි. අත්අඩංගුවට ගෙන මේසය උඩ එම පරෙවියා තබාගත් ආරක්ෂක නිලධාරීන්ට සිහිවී ඇත්තේ පුංචි බෑගයක් කරේ එල්ලාගෙන යන කුරුල්ලන් පිළිබද කුඩා කල අසන්නට දකින්නට ලැබුණු කාටුන් කතා ය.

2018 වසර වනවිට කෑගසමින් දිවගිය කුකුළකුගේ ගුද මාර්ගයෙන් ද මත්කුඩු හමුවී තිබිණ. පසුව වරින් වර වාර්තාවල සටහන් වී තිබුණේ කොන්ඩම් තුළ දමන ලද මත්කුඩු සැත්කම් මගින් පණඇති නයින් තුළ ද සගවා ප්‍රවාහනය කරන බවයි. ඉබ්බන්ගේ කටුව තුළ ද කලක් මත්කුඩු සගවා ප්‍රවාහනය කරන ප්‍රසිද්ධ මාර්ගයක් වී තිබී ඇත.
පණ ඇති සතුන් මගින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේදී ඒ සදහා විශේෂයෙන් පුහුණු කරන ලද සතුන් මිලෙන් අධික බව කියැවේ. එමෙන්ම ඔවුන්ගේ ජීවන රටා, ස්වභාවික පිහිටීම ආදී විද්‍යාත්මක කරුණු දීර්ඝ කලක සිට අධ්‍යයනය කරන විශේෂඥ දැනුමෙන් සතුන් පුහුණු කිරීමට සිදුවීම නිසා ඊට එම සතුන් කෙතරම් මිලෙන් අධිකදැයි අනුමාන කළ හැකි නොවේද?

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

මැතිවරණ නිළධාරීන් ඩලස්ගේ පැමිණීම වළක්වයි… ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මුල් ගල තියති..

Next Post

ශානි අබේසේකර අත්අඩංගුවට පත් වූයේ ඇයි?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.