බුවනෙකබාහු රජ සමයේ ඉදිකළ බව කියන පුරාවිද්‍යා ස්ථානයකට අයත් ගොඩනැගිල්ලක් අත්තනෝමතික ලෙස කඩා බිඳදැමීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අනුගමනය කරන ලද පියවර සහ එහි ප්‍රගතිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් තමා වෙත එවන ලෙස පොලිස්පතිවරයා විසින් කුරුණෑගල කොට්ටාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත මහතා වෙත ඊයේ නියෝග කොට ඇත.
වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් මෙම නියෝය සිදු කරන ලද අතර අද සවස් වනවිට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත කරුණු වාර්තා කරනු ඇතැයි පොලිස් ආරංචිමාර්ග ලංකාසරට පැවසීය.
කුරුණෑගල නගර සභාවේ සභාපති තුෂාර සංජීව ගේ මෙහෙයවීම මත පසුගිය අඟහරුවාදා (16) රාත්‍රියේ මෙම අත්තනෝමතික ක්‍රියාව සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියට පැමිණිලි දෙකක් ඉදිරිපත් කළද පොලිසිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පසුගියදා පොලිස්පතිවරාගෙන් ඉල්ලීමක් ද කළේය.