කුප්‍රකට කුඩු ව්‍යාපාරිකයෙක් වූ ශිරාන් බාසික් හෙවත් කුඩු බාසික් ගේ කුඩු සල්ලි වියදම් කරමින් දේශපාලනයේ යෙදෙන බවට චෝදනා ලද ඔහුගේ පුත්‍රයා විසින් ලබන 03 වැනිදා දෙහිවල සරණංකර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජනාධිපති අපේක්ෂකයෙකුගේ දේශපාලන රැස්වීමක් සඳහා දෙහිවල පවුල් සියයකට බලපෑම් කර සහභාගී කරවීමේ උත්සාහයක් පිළිබඳ ආරක්ෂක අංශවල නිරීක්ෂණයට ලක් වී තිබේ.
මේ සිද්ධිය මැතිවරණ කොමිසම වෙතද වාර්තා කිරීමට එම නිරීක්ෂණ කණ්ඩායම් සූදානම් වේ.
මෙම පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දෙහිවල ගල්කිස්ස නරගසභාවට තරග කිරීමට පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී නාම යෝජනා භාර දී තිබුණු පුද්ගලයෙකි.
ඉන් පසු ව්‍යාපාරික ජනාධිපති අපේක්ෂකයෙකුගේ මහා සභාවකට සහ ඔහුගේ සන්ධානයක් පිහිටුවීමෙ සඳහා වූ ජන රැළියකට රුපියල් තුන්දහස බැගින් ගෙවා බස්වල සෙනග ඇද තිබුණු බවට විමර්ශන අංශ තහවුරු කරගෙන තිබිණි.
මෙම පුද්ගලයා දෙහිවල සිය ඡන්ද බල ප්‍රදේශය තුළ අසරණ පවුල් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරමින් තම ආධිපත්‍ය පතුරාගෙන ඇති බවත්, ඊයේ සවස පවුල් සියයක නිවාස වලට ගිය ඔහුගේ නියෝජිතයන් හෙට සරණංකර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජන රැළියක් සඳහා සහභාගී වීමට පැමිණිය යුතු බවත්, රැළියට සහභාගී වීමට ප්‍රථම සිය නම ලිපිනය සහිත ලේඛණයක් පුරවා ඉන් පසු සවස 3 ට ජන රැළි භූමියට යා යුතු බවත් දන්වා ඇතැයි වාර්තා වේ.
වාර්තාවන පරිදි ලබන 03 දා දෙහිවල සරණංකර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන්නේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජන රැළියකි.







