සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුණාටුවෙන් පසු මරණය සමග පොරබදන මිනිස්සුන්ගේ නෑසෙන කතා… මේ දියණියගේ ජීවිතය ඔබ අතේ…

by editor
දෙසැම්බර් 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

දිට්වා සුළි කුණාටුවම ඛේදවාචකයකි. එහි ව්‍යසනයේ ප්‍රමාණය තවම අප දන්නේ නැත. දහසකට ආසන්න පිරිසක් ව්‍යසනයේ දී පස් කඳු යට අවසන් ගමන් ගියහ. තවත් සමහරු දිවි තුරා එක් කළ සියලු වත්කම් අහිමිව ඇඳි වතට පමණක් සීමාවූහ. ඒ අතර තවත් මිනිස්සු පිරිසක් මේ සුළි කුණාටුවේ වේදනාත්මක අනිටු ඵල විඳිමින් තවමත් මැරි මැරී ජීවත් වෙති.

මේ එවන් දියණියක ගැන ඇසෙන කතාවකි. ඇය චතුමි ශෙහාරාය.  පොළොන්නරුව දෙවන පියවර, දිඹුලාගල ගම්මානයේ ජීවත් වුන ඇය දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටියාය. චතුමිට ඉන්නේ අම්මා පමණි.  දෙගොඩ තලා යන ගංවතුරෙන් අවතැන් වූ මේ මවත් දුවත් දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයේ සුරක්ෂිත මධ්‍යස්ථානයට ඇතුළත් වී දින කිහිපයක් එහි ගත කළාය.

එහිදී චතුමිගේ පාදයේ තුවාල කීපයක් මතුවිනි. ඇය මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය රෝහලටත්, අනතුරුව අනුරාධපුර මහ රෝහලේ ළමා වාට්ටුවට ඇතුළත් කළාය. දෙසැම්බර් 02 සිට ඇය ඉන්නේ අනුරාධපුර මහ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නීය. ඇය බරපතල විෂබීජ ආසාදනයකින් මේ වනවිට ජීවිතය සමග පොරබදමින් ඉන්නීය.

මේ වනවිට ඇයට කෙරෙන ප්‍රතිකාර වෙනුවෙන් අවශ්‍ය ඖෂධ පිටතින් ද මිලදී ගත යුතු මට්ටමක ඇත. මිල අධික ප්‍රතිජීවක ඖෂද ඇතුළත් ඇයගේ බෙහෙත් වට්ටෝරුවේ    දෛනික පිරිවැය බොහෝ විට රුපියල් 6000 ඉක්මවන්නේය.

මේ සිඟිත්තිය මේ වනවිට ජීවිත අවදානමකය. ඇයගේ හුස්ම පොද බොහෝ විට ලතෙත් මනුෂ්‍යයින්ගේ සිතිවිල්ලක් මත රැඳෙනු ඇත. ව්‍යසනයකින් අනතුරුව මිනිසුන් ටික ටික මරා දමන මෙවැනි ඛේදවාචකයන් මහා ව්‍යසනයේ බිහිසුණුකම අතර නොවැදගත් වී සැඟව යන්නේය.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

එහෙත් මේ පණ ගැහෙන්නේත් ජීවිතය. මේ දරු කැකුළ රැක ගැනීමට ඉදිරිපත්විය හැකි ආදරණීය මනුෂ්‍යයන් වේ නම් ඔවුන්ට ඇරයුම් කරමු. චතුමි දියණිය කිසිවෙකුගේ හවු හරණක් නොලැබීමට තරම් අවාසනාවන්ත වනු ඇතැයි අපට හිතෙන්නේ නැත. ආධාර කරනු කැමැත්තන් වෙත්නම් 0768418315 අංකයෙන්( සංජීව දිසානායක – දියණියගේ මාමා) ඇමතිය හැකිය. .

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිලියන 220කට අධික සෞඛ්‍ය අංශයේ විදේශ ආධාර ව්‍යාපෘති 22ක් විගණනයෙන් වහලා…

Next Post

වෑන් රථයක ගැටී වන අලියෙක් මරුට… වෑන් රථයේ රියදුරුට සහ තවත් කාන්තාවකට තුවාලයි!

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.