සමන් මල්ලවආරච්චි –
කුච්චවේලි ප්‍රදේශයේ දී වෙඩි වැදුනු තරුණයින් දෙදෙනෙක් අද (3) අලුයම ත්‍රීකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.
අද (03) අළුයම 1ට පමණ කුච්චවේලි රයිගම් ලුණු නිශ්පාදනාගාරය අසල දී මෙම පුද්ගලයින් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක් වී ඇතැයි විමර්ශන අංශ කියයි. වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ අවුරුදු 18 සහ 21 වයස්වල තරුණයින් දෙදෙනෙකි.
අදාල වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ තරුණයින්ගේ දණහිසින් පහළ ප්‍රදේශයට වීම විමර්ශන අංශවල අවධානයට ලක් වී ඇත.
මේ වනවිට වන සතුන් දඩයම මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් සිදුවෙමින් ඇති නිසා සතුන් සඳහා දඩයක්කරුවන් බඳින ලද තුවක්කුවක් පත්තු වීමෙන් මෙම අනතුර සිදුවී ඇති දැයි සොයා බලන බවද විමර්ශන අංශ පැවසුවේය.







