බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කීරි සම්බා වෙනුවට GR 11 පොන්නි සම්බා  මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතලිස් හය දහසක් ආනයනයට කැබිනට් අනුමැතිය…

by editor
ඔක්තෝබර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දේශීය වෙළෙඳපලේ පවතින කීරි සම්බා  සහල් හිඟයට පිලියමක් වශයෙන් GR 11 පොන්නි සම්බා නැමැති සහල් විශේෂය කීරි සම්බාවලට ආදේශකයක් ලෙසින් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ කිරී සම්බා ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවය මාසයක කාලයක් සඳහා අත්හිටුවන බවය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් සහ වියදම් වාර්තා  ප්‍රකාරව  ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 24.6කි.   වාර්ෂික කීරි සම්බා පරිභෝජනය සමස්ථ සහල් පරිභෝජනයෙන් සියයට 10කි.

දේශීය වෙළෙඳපලේ කීරිසම්බා හිඟයක් ඇති නිසා සහ පාලන මිලට වඩා වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීම වාර්තා වී ඇති නිසා ආනයනකරුවෙකුට මෙට්‍රික් ටොන් 520ක උපරිමයකට යටත්ව 2025.10. 15 දින සිට 2025.11. 15 දින දක්වා කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන GR 11 පුන්නි සම්බා සහල් ආනයනය කිරිම වෙනුවෙන්  ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් ආනයනකරුවන් නිදහස් කිරීමට යෝජනා වී තිබේ.

ඒ සඳහා  ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ ප්‍රතිපත්ති මත පදනම්ව කෘෂිකර්ම ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයාත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාත් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ පොදුවේ ගොවීන් කීරි සම්බා වගා කළ ඉඩම් ප්‍රමාණය අඩුවීම සහ ඒ හේතුවෙන් අස්වැන්න අඩුවීමත් නිසා කීරි සම්බාවලට ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත් ඒ නිසාම පාලන මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවිය වාර්තා වන බවත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

AI තාක්ෂණයෙන් නීතිඥවරියකගේ නිරුවත් ඡායාරූප සකසා සමාජ මාධ්‍ය වෙත මුදා හළ නීතිඥයෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් දැඩි දෝස් මුරයක්…

Next Post

ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ ගොනු කළ අපහාස නඩුවෙන් ලේක් හවුස් එක පරදී…  කෝටි 50ක වන්දියක්  ගෙවන්න වෙයි!    

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.