නීතිවිරෝධී වඳ සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්ත කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කර තිබේ.
ඔහුට එරෙහි චෝදනා විමර්ශනය කළ විද්වත් කමිටුව. විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ ලිඛිත හා වාචික සාක්ෂි මගින් වෛද්‍ය ෂාෆිට එරෙහි චෝදනා ඔප්පු වී නොමැති නිසා ඔහුට එරෙහි විනය ක්‍රියාමාර්ග අවසන් කළ බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයා සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර තිබේ.
කුරුණෑගල රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍ය ෂාෆි නීති විරෝධී වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ලවීම හේතුවෙන් අනිවාර්ය නිවාඩු යවා ඇත.







