මැක්සාර් ටෙක්නොලොජීස් හි චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව ලෝකයේම අවධානයට ලක් වූ සන්නද්ධ වාහන, යුද ටැංකි, ඇදගෙන යන කාලතුවක්කු සහ අනෙකුත් හමුදා වාහන වලින් සැදුම්ලත් සැතපුම් 40ක් දිග රුසියානු සන්නද්ධ හමුදා රථ පෙළ යුක්රේනයේ අගනුවර වන කියෙව්හි තදාසන්න ප්‍රදේශයට ළඟා වී ඇතැයි ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් පුරෝකථනය කරන්නේ තව නොබෝ වේලාවකින් රුසියානුවන් යුක්රේනයේ බලය ගමන් නතු කරගනු ඇති බවය.
තමන් යුක්රේනයේ සිවිල් යටිතල පහසුකම්වලට පහර නොදෙන බව රුසියාව නැවත නැවතත් කියා සිටියත් CNN ලෝක පුවත් සේවය පැවසුවේ තමන් විසින් ස්ථානගත කරන ලද සමාජ මාධ්‍ය වීඩියෝ, ඡායාරූප සහ චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු කරන්නේ අවස්ථා කිහිපයකදීම ජනාකීර්ණ ප්‍රදේශ වෙත රුසියානු හමුදා විසින් පහර දී ඇති ආකාරය බවය.
පසුගිය දින දෙක තුළ, සිවිල් වැසියන් ඉලක්ක කරගෙන රුසියානු ප්‍රහාරයට ලක් වූ යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන Kharkiv වෙත වේගවත් තවමත් වේගවත් ප්‍රහාර එල්ල වෙමින් තිබේ.







