දිනසේන රතුගමගේ –
පැටවා බිහි කිරීමේදී එළුදෙන මියයාමෙන් පසුව අලුත උපන් එළු පැටවාට බැල්ලියක විසින් කිරි පොවන දසුනක් මේ දිනවල යාපනයේ නැගෙනහිර ප්‍රදේශයේ එලුතුමට්ටුවාල් ප්‍රදේශයේදී දැක ගැනීමට හැකි වී තිබේ.
අලුත උපන් එළුපැටවා මව අහිමිව එලු ගාලේ සිටි නමුත් පැටවාට කිරිදීමට එකම එළුදෙනක් හෝ කැමැත්තක් දක්වා නොමැත.
එළුපැටවා කිරි සොයමින් සෙසු එළුපැටව් ළඟට යන අවස්ථාවලදී එඵදෙණුන් එම පැටවාට ඇනීමටත් ඉවත් කිරීමටත් පටන් ගෙන තිබේ.
පසුව එළුපැටවා අසලට පැමිණි බැල්ලියක් එඵුපැටවාව ලෙවකමින් කිරි දීමට පටන් ගෙන තිබේ.

එදා සිට එළුපැටවා බැල්ලියගෙන් කිරි උරාබොන අතර එලුතුමට්ටුවාල් හන්දියේ සිට කුඩා නගරය දෙසට ඔවුන් දෙදෙනා දැඩි බැදීමකින් නිතර නිතර ගමන් කරන්නටද පටන් ගෙන තිබේ.







