කෑගල්ල දිස්ත්රික්කයේ සියලු පාසල් මෙම 30 වැනි දා තෙක් වසා දැමීමට අද පෙරවරුවේ පැවැති දිස්ත්රික් කෝවිඩ් මර්ධන රැස්වීමේ දී තීරණය කළ බව සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පැවසුවේය.
සබරගමුව ආණ්ඩුකාර ටිකිටි කොබ්බෑකඩුව, දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්විණි.
කොරෝනා දැඩි අවදානමක් ඇති බස්නාහිරට සහ වයඹට යාව පිහිටන කෑගල්ල දිස්ත්රික්කයේ පාසල්වලට වයඹ සහ බස්නාහිර පළාත්වලින් ගුරුවන් විශාල පිරිසක් පැමිණෙන බැවින් මේ මොහොතේ පාසල් වැසිය යුතු බව එම රැස්වීමට එක්වූ වැඩි දෙනාගේ අදහස විය
අද දින කෑගල්ල දිස්ත්රික් පාසල්වලට සිසුන්ගේ පැමිණීමද ඉතා අඩුමට්ටමක පැවැතීමණ මෙහිදී වැඩි අවදානය ලක් විය.