බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාබනික අකාබනික වෙනසත් විකල් කර රටට ඉන්තේරුවෙන්ම අන්නන හැටි… විද්වත්තු කියන කතාව!

by editor
ඔක්තෝබර් 16, 2021
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter
  • ගොවි උද්ඝෝෂණ නවත්වාගන්න කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා මේ ගෙන්වලා බෙදා හරින්නෙ ගොයම් පූදිනකොට ගහන බණ්ඩි පොහොර…

  • සැබෑ පොහොර ප්‍රශ්නය කියන්නේ ශාක පෝෂක කළමනාකරණය පිළිබඳ නිසි ඇගයීමක් නොකර ගන්න වැරදි රාජ්‍ය ප්‍රතිපත්ති සහ වැරදි තීරණ මත…

  • දැන් ඕන පොටෑසියම් නෙමෙයි. නයිට්‍රිජන් ප්‍රභවයක්… කාබනික නයිට්‍රිජන් ගෙන්වන්න කිසිම ක්‍රමයක් නෑ… දැනුම බුද්ධිය ඇති විශේෂඥයො මේ අර්බුදය ගැන මුලින්ම පුන පුනා කිව්වත් ඇහුවෙ නෑ… 

ආචාර්ය සමන් ධර්මකීර්ති

අප දැන් රට පටලාගෙනය. කාබනික ගොවිතැන් කරන්නට යන අපේ කෘෂිකර්ම  ඇමතිට කාබනික අකාබනික වෙනස විද්වතුන් මොනතරම් කියා දෙන්න හැදුවත් අහන්නේ නැත. ඔහු දැන් මේ පොහොර ප්‍රශ්නය මොනතරම් පටලවාගෙන ඇතිදැයි දැනෙන්නේ ගොවීන් උද්ඝෝෂණය කරන විට බෙලරූස්වලින් ගෙන්වා ගොවීන්ට බෙදා දෙන්නට යන්නේ ගොයම පීදෙනවිට ගහන බණ්ඩිපොහොර බව ගොවීන්ම පාරට බැස කියන විටය.  දෙකොන මූට්ටු වී ඇති මේ පොහොර ප්‍රශ්නය කුමක් ද?. කාබනික අකාබනිකය යනු කුමක් ද?. කාබනික ගොවිතැනක් යනු කුමක් ද?. මේ පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පාංශු විද්‍යා දෙපාරත්මේන්තුවේ අංශ ප්‍රධානී ආචාර්ය සමන් ධර්මකීර්ති විමසුවෙමු.

මේ ඔහු ඒ සම්බන්ධයෙන් ලංකාසර හා කළ සාකච්ඡාවය.

  • කාබනික හා අකාබනික කියන පද දෙක නිර්වචනය කරගන්නෙ කොහොම ද?

ශාක හා සත්ත්ව කොටස් වලින් සමන්විත ශාක හා සත්ත්ව මූලාශ්‍රයකින්  කාබන් හා හයිඩ්‍රජන් අඩංගු ද්‍රව්‍ය  කාබනික ද්‍රව්‍ය වේ. තවත් විදියකට කිව්වොත් ඓන්ද්‍රීය ද්‍රව්‍ය සියල්ල කාබනික ද්‍රව්‍ය වේ. ඓන්ද්‍රිය ද්‍රව්‍ය නොවන සියලු දේ අකාබනික යි.

නමුත් ඇතැම් විට ඓන්ද්‍රීය ‍ද්‍රව්‍ය නැතිව කාබන් තියෙන දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ඩොලමයිට්. ඩොලමයිට්වල කාබන් තියෙනවා. මැගිනීසියම් කාබනේට් සහ  කැල්සියම් කාබනේට් විදිහට කාබන් තියෙන්නේ.  නමුත් කාබන් එන්නේ ඓන්ද්‍රීය කොටස්වලින් නොවන නිසා ඒ පොහොර අකාබනික යි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

තවත් විදිහකට කිව්වොත් කාබනික සම්භවයක් නැති සියල්ලම අකාබනික යි. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ අකාබනික දෙයක්.  මියුරේට් ඔෆ් පොටෑෂ් කියලා අප හඳුන්වන්නේ   පොටෑසියම් ක්ලෝරයිඩ් තමයි.  මියුරේට් ඔෆ් පොටෑෂ්වල  අකාබනික යි.

ඒ කියන්නෙ ඉතාම සරලවම කිවුවොත් මේ ගෙනාපු පොහොර කාබනික නෙමෙයි. මේ පොහොර නිවැරදි ඇති. නමුත් මේ පොහොර කාබනික ලෙස හැඳින්වීම වැරදියි.

  • කාබනික ගොවිතැන කියන ගොවිතැන් ක්‍රමය ගොඩනන්වන මූල ධර්මීය පදනම කුමක් ද?

කාබනික ගොවිතැනේදී ස්වභාවික ක්‍රියාවලින්ගෙන් යුක්ත ගොවිතැනක් තමයි සිද්ධවෙන්නේ. එහිදී පිටින් කෘෂි ක්ෂේත්‍රයට යොදන යෙදවුම්    අවම කරනවා.  මේ ගොවිතැනේ දි අකාබනික ද්‍රව්‍ය වූවත් ස්වභාවික පරිසරයේ තියෙනවා නම් එය භාවිත කරන්න පුළුවන්.

කාබනික ගොවිතැන කියන්නෙ පසේ නීරෝගීතාවය උදෙසාත් නිරෝගී ජනතාවක් උදෙසාත් සිදුකරන ගොවිතැනක් කියලා හඳුන්වන්න පුලුවන්.

නිරෝගී පරිසර පද්ධතියකින් නිරෝගී ජනතාවක් උදෙසා තිරසාර වූ නිෂ්පාදන ක්‍රියාවලියක් කාබනික ගොවිතැනක් ලෙස නිර්වචනය කරන්න පුළුවන්.

මේ ගොවිතැන පදනම්ව ඇත්තේ පාරිසරික ක්‍රියාවලියක ජෛව විවිධත්වය ආරක්ෂාව උදෙසායි.  ඒ වගේම ඒ බිම තුළම චක්‍රීකරණය සිදුවීම අපේක්ෂා කරනවා.  මේ  ගොවිතැනේ දි පිටතින් යෙදවුම් යොදා නොගෙන කාබනික කෘෂි යෙදවුම් පමණක් භාවිත කරමින් ස්වභාවික ක්‍රියාවලියක් ඇති වීම සඳහා අවශ්‍ය පසුබිම හදනවා.

සෞඛ්‍ය සම්පන්නබව උදෙසා සිදුවන මෙම ක්‍රියාවලියේදී ස්වභාවිකවම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා   ජීවි විවිධත්වය   මූලික කරගත් චක්‍රීකරණයක් එකම භූමියක් තුළ සිදුවීම අපේක්ෂා කරනවා. මේ ක්‍රියාවලියෙ දි කාබනික ද්‍රව්‍ය බහුල කිරීමක් තමයි සිද්ධ වන්නේ

  • ඒ ගොවිතැන පවත්වා ගැනීමේ දී අනුගමනය කරන රීති මොනව ද?

රිතීන්  ලෙස අවධානය යොමු කළත් මෙම ගොවිතැනේ දී කාබනික යෙදවුම් පමණක් භාවිත කිරීම මතුකර පෙන්වා දිය හැකියි. පිටතින් යොදන යෙදවුම්වලින්   පරිසර සමතුලිත බව බිඳෙනවා. ඒ නිසා සමතුලිත පාරිසරික පද්ධතියක් පවත්වාගෙන යන්න පුළුවන් වන්නේ කාබනික යෙදවුම් පමණක් භාවිත කිරීමෙන් පමණයි. එවිට සියල්ල අනුගත වන්නේ ඒ සඳහා පමණයි

  • ඛණිජ පොහොර කාබනික ද?. ඛණිජමය ප්‍රභවයකින් ගන්න ඛණිජ පොහොර කාබනික නොවන්නේ ඇයි?

ඛණිජ පොහොර කාබනික ද අකාබනික ද යන ගැටලුවේදී ඛණිජමය ප්‍රභවයකින්  ගන්න පොහොර කාබනික ලෙස එකවරම හඳුන්වන්න පුළුවන් කමක් නෑ. මොකද බොහෝවිට ඛණිජවල පෝෂක සුලභතාවය      වැඩිකිරීමට රසායනික ක්‍රියාවලියක් සිදුවෙනවා.  එවිට මේ පොහොර   කාබනික ද කාබනික ද කියන ප්‍රශ්නය   එනවා.

ඒ අවස්ථාවකදී ගන්න ඕනේ කාබනික කියන පදය  සම්බන්ධව  නිර්වචනය.   ඓන්ද්‍රීය ද්‍රව්‍යවලින් හැදුණු දේ කාබනික ද්‍රව්‍ය ගොඩට එකතු වෙනවා. නමුත් ඛනිජ  කාබනික නෙවෙයි.  නමුත්  කාබනික වගාවට යොදා ගත හැකියි.

  • ඛණිජ පොහොර යොදන ගොවිතැනක් කාබනික ගොවිතැනක් ද?

ඛනිජ වලින් ගන්න කොටස්  සංස්ලේෂණය වෙලා නැත්නම් ඒ ස්වභාවික  ඛනිජ ද්‍රව්‍ය කාබනික ගොවිතැනට යොදවන්න පුළුවන්.  ඒ කියන්නේ කාබනික ගොවිතැනේ දී ඛනිජයේ දීම අනුමත කරනවා. උදාහරණ විදිහට එප්පාවල පොස්පේට් නිධියේ ඩොලමයිට් ඒ විදිහටම භාවිත කරන අවස්ථාවල් තියෙනවා.

එහෙත් මේ ගෙන්වූ පොටෑසියම් ක්ලෝරයිඩ් ස්ලේෂණය කරද්දි තමයි පොටෑසියම් වැඩි කරල අපද්‍රව්‍ය ඉවත් කිරීමකුයි සිද්ධ වන්නේ. එවිට ඒවා සංස්ලේශිත පොහොර බවට පත්වෙනවා.   එතකොට අපි කරන්නෙ කාබනික වගාවක් නම් එම ඛණිජ පොහොර කාබනික වගාවට යොදා ගන්න බෑ.

පොටෑසියම් ක්ලෝරයිඩ් ඛණිජ පොහොර… බෙලරූස්වලින් ගෙනාවේ මෙම පොහොරයි..
  • කාබනික ඛණිජ පොහොර කියලා කෘෂිකර්ම ඇමති මේ කියන පොහොරට ගොවීන් කියන්නෙ බණ්ඩි පොහොර කියලා. බණ්ඩි පොහොර මේ අවස්ථාවේ දී වගාවට උචිත ද?. මේ ගෙන්වා ඇත්තේ වගාව ආරම්භයේ දී යොදන පොහොර වර්ග ද?‍ෙ

වී කරල නැවිලා එද්දි  ගහන පොහොරට ගොවියො කියන්නෙ  බන්ඩි පොහොර කියලා. ඒ පොහොර තමයි මේ.  මේ වට ගොවිතැනේදී රතු පොහොර කියලා ගොවියො කියනවා.  පොටෑසියම් පොහොර නයිට්‍රජන් පොහොර වෙන වෙනම බන්ඩි පොහොර විදිහට හඳුන්වන අවස්ථා තියෙනවා. පොටෑසියම් හා නයිට්‍රේට් මිශ්‍රණයක් ලෙස බන්ඩි පොහොර  එන වෙලාවල් තියෙනවා.

වැදගත්ම දේ.  වී වගාවෙදි පස සකස් කරනකොට පොටෑසියම්  යොදා ගන්නේ නෑ. පොටෑසියම් අවශ්‍යවන්නේ කරල පීදෙනකොට.    නමුත් අල වගාවේදී එළවළු වගාවෙදි   වගේ අවස්ථාවන්වල දි බිම සකස් කරගන්න කාලෙට පොටෑසියම් ලබා දෙන්න පුළුවන්.

දැන් මේ පොහොර සම්බන්ධ  ප්‍රශ්නයට වෙලා තියෙන්නෙ කුමක්ද?

සැබෑ පොහොර ප්‍රශ්නය කියන්නේ ශාක පෝෂක කළමනාකරණය පිළිබඳ නිසි ඇගයීමක් නොකර වැරදි රාජ්‍ය ප්‍රතිපත්ති සහ වැරදි තීරණ ගැනීම මත ඇතිව තිබෙන අර්බුදයක්. ලංකාවට පොහොර කොපමණ අවශ්‍ය ද යන්න ගැන පවා නිසි ඇගැයීමක් අද වන විට නැහැ. වගාව සඳහා පෝෂක කළමනාකරණ යෙදවුම් සම්බන්ධයෙන් නිසි ඇගයීමක් කර තිබිය යුතුයි.

කෙටියෙන්ම කියනවනම් ලංකාවේ සමස්ත වගාව සඳහා කොපමණ පෝෂක යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍යද, ඒවා සපයා ගන්නේ කෙසේද, දැනට ලංකාව සතුව ඇති පෝෂක යෙදවුම් ප්‍රමාණය කොපමණද,  අඩුවක් ඇත්නම් එය සපුරා ගැනීම සඳහා ආනයනය කරන්නේ කෙසේද, ලංකාව තුළ නිෂ්පාදනය කළ හැකි නම් ඒ ප්‍රමාණයන් කොපමණ ද යන්න නිශ්චිත පැහැදිලි ඇගයීමක් සිදු කොට තිබිය යුතුයි. එවැනි නිසි ඇගයීමක් නොමැතිව   තීරණ ගැනීම නිසා අද වන විට රට විශාල අර්බුදයකට ගිහින් තියනවා.

ලංකාවේ කාබනික පොහොර කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා කෙනෙක් ඇහුවොත් හරියටම  කවුරුත් දන්නේ නැහැ කොහෙද පොහොර තිබෙන්නේ මොන ප්‍රමාණවලින් තියනව ද කියලා.  ලංකාවේ කාබනික පොහොර තියෙන ප්‍රමාණයන් හරියට දන්නවනම් ඒවා යෙදවිය හැක්කේ මොන බෝගවලට ද කියලා හරි නිශ්චිත අවධානයක් යොමු කරන්න තිබුණා.

තියෙන කාබනික පොහොර ප්‍රමාණය අඩු වෙනවා නම් මොන වගේ කාබනික පොහොර ද ආනයනය කරන්නේ කියන කාරණාව ගැන හෝ අවධානය යොමු කරන්න තිබුණා. පොටැසියම් පිටින් ගෙන්වනවා. පොස්පරස් ලංකාවෙ තියෙනවා.  ඒත් නයිට්‍රිජන් ප්‍රමාණවත් ලෙස ලංකාවේ ගොවීන්ට ලබා දෙන්න කොහෙවත් නැහැ.

බිම් සකසන වෙලාවේ බණ්ඩි පොහොර පටවාගෙන ගොවිබිම්වලට යන ලොරි…

දැන් මේ බරපතල ලෙස ඇතිවෙලා තියෙන්නේ නයිට්‍රිජන් පෝෂකය කළමනාකරණය කර ගැනීමේ නොහැකියාව.  නයිට්‍රජන් පෝෂකය වැඩිකරගන්න ලංකාවට ගේන්නේ මොන තත්වෙන් ද කියන ප්‍රශ්නය දැන් තියෙනවා. මොකද ලංකාවේ නෛතික රාමුව අනුදත් ප්‍රමිතිය අනුව කාබනික පොහොර ලංකාවට ගේන්න බැහැ.  ඒ මදිවට ගැසට් නිකුත් කළා  රසායනික පොහොර ගෙන ඒම තහනම් කරලා. දැන් උවමනා වුණත් රසායනික පොහොර ගේන්න නම් නැවත ගැසට් එකක් ගහන්න වෙනවා.

දුරදිග නොබලා ගන්න තීරණ කොයි තරම් නම් අර්බුද ඇති කරනවද? දැනුම බුද්ධිය ඇති විශේෂඥයො මේ අර්බුදය ගැන මුලින්ම කිව්වා. ආර්ථික, පාංශු  ක්ෂුද්‍රජීවී, විද්‍යා විෂය පථය ගැන ප්‍රමාණික අවබෝධයක් ඇති,  පොහොර යෙදවුම් ඇතුළු හැම ක්ෂේත්‍රයකම විශේෂඥ දැනුමක් ඇති   බුද්ධිමතුන්  මේ ගැන පුන පුනා කිව්වා. කරුණු පැහැදිලි කළා. නමුත් කවුරුන් හෝ ගත්තු තීරණයක් මත දුරදිග නොබලා වැඩ කිරීම හේතුවෙන් දැන් දැවැන්ත අර්බුදයක් ඇති වෙලා තියනවා.

දැන්වත් සිදු වුණු දේ ගැන විමසිල්ලෙන් බලා  විද්වතුගෙන්    විමසා කටයුතු කළොත් ලංකාවේ පොළොවත්, ලංකාවේ ගොවිතැනත් ආරක්ෂා කරගන්න පුලුවන් වෙයි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකා රෝහල් බෝම්බයට දැනට දස දෙනෙක් අත්අඩංගුවේ

Next Post

අතුරලියේ රතන හිමි වෙනුවට ගලගොඩඅත්තේ ඤාණසාර හිමි පාර්ලිමේන්තුවට ?

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.