ඇෆ්ගනිස්තානය තුල කාන්තා අයිතීන් ආරක්ෂා කරන ලෙසට බලකරමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් එරට කාබුල් අගනුවර විරෝධතාවක් පවත්වා ඇත.
එහිදී විරෝධතාකරුවන් විසින් ඇෆ්ගන් කාන්තාවගේ මූලික් අයිතිවාසිකම් පවා ආරක්ෂා කිරීමට තලේබාන් පාලනය අසමත් වී ඇති බවටද චෝදනා කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් ඇෆ්ගනිස්තානයේ කළ සංචාරයේදීද ඇෆ්ගන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳ සිය දැඩි අවදානය යොමුකර තිබේ.
එහිදී ඇය පවසා ඇත්තෙ දැන්ට ඇෆ්ගනිස්තාන ගැහැණු දරුවන්ට පාසල් යාමට සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාව හිමි නොවීම පිළිබඳව සිය කනස්සල්ල පළකර ඇත.
ඉකුත් වසරේදී ඇෆ්ගනිස්තාන පාලන බලය තලේබාන්වරුන් අතට පත්වීමත් සමඟ එරට ජනජීවිත සම්පූර්ණයෙන්ම කඩා වැටුණු අතර කාන්තාවන්ට දැඩි නීතිරීති වලට අනුව දිවි ගෙවීමට සිදුවිය.







