ශ්‍රියානි විජේසිංහ –
කලුතර ප්‍රධාන පෙළේ පාසලක සිසුවියන්ට ඊයේ (28) ලබා දුන් ගලපටල පිටගැස්ම එන්නතේ කිසිදු වරදක් නොමැති බවත් ඉන් අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එන්නත ලබා දුන් පසුව අප්‍රාණික බවක් හෝ ක්ලාන්ත ගතියක් ඇති වන්නේ හිතේ ඇතිවන බිය නිසා යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේය.
සිසුවියන් 10 දෙනෙකු පමණ මෙසේ එන්නත ලබා දුන් පසුව මෙවැනි ලක්ෂණ පෙන්වා ඇත්තේ එක් සිසුවියක් මුලින් ක්ලාන්ත වූ බවක් පෙන්නු පසුව එය අනෙක් සිසුවියන්ද තමාටත් මෙවැනි තත්ත්වයක් ඇතිවෙයිද යන්න පිලිබඳව බියට පත්වීමෙන් ඇතිවන මානසික ව්‍යාකූලතාවය හේතුවෙන් යැයිද හෙතෙම පැවසුවේ.
කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කල සිසුන් 10 දෙනා ඊයේ සවස වන විටත් සුවය ලබා රෝහලෙන් පිට ගොස් ඇතැයි උපුල් රෝහණ සඳහන් කළේය.