කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පාසලක්වන කළුතර විද්‍යාලයට අවුරුදු කිහිපයක් ඇතුළත විදුහල්පති වරුන් ගණනාවක් අනුයුක්ත කිරීමේ අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ පිළිවෙල යටතේ තවත් විදුහල්පති මාරුවක් සිදු කිරීමට යන බව වාර්තා වේ.
දැනට එහි සිටින වැඩ බලන විදුහල්පති වරයා බේරුවල කලාප කාර්‍යාලයට මාරු කර ඒ වෙනුවට චෝදනා රැසක් ඇති පානදුර රාජකීය විදුහල්පති වරයා පත් කර එවීමට අධ්‍යාපන බලධාරීන් ගෙන ඇති තීරණයට කළුතර විද්‍යාලයේ සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමයත් ඔවුන්ගේ බලවත් විරෝධය පළ කර සිටිති.
එහි ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේ තමන් ඉල්ලන්නේ චෝදනා ඇති අයකු පත් නොකොට පාසල තව තවත් අර්බුධයට පත් නොකොට සුදුස්සකු පත් කර එවන ලෙස බවය.
රටට වැඩදායී පුද්ගලයන් රැසක් බිහි කළ තම පාසල එක දිගටම නුසුදුස්සන් වැඩ බලන විදුහල්පති වරුන් ලෙස කෙටි කාල සීමාවන් සඳහා පත් කිරීම නිසා විදුහල අගාධයට පත්ව තිබියදී නැවතත් ප්‍රශ්නකාරී පත් කිරීමක් සිදු කරන්නට යාම විමතියට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.







