අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කහ ඉඟුරු තහනම හොඳයි ඒත් හිගය මකන්න ගෙනා කහ නිදහස් කරන්න”

කහ අපනයනකරුවෝ ඉල්ලති

by Lanka Sara Editor
නොවැම්බර් 17, 2020
in පුවත්
ශ්‍රී ලංකා ආහාර අපනයකරුවන්ගේ සංගමයේ සංවිධායක එස්.අලීල්වේන්ද්‍රන් මහතා

ශ්‍රී ලංකා ආහාර අපනයකරුවන්ගේ සංගමයේ සංවිධායක එස්.අලීල්වේන්ද්‍රන් මහතා

Share on FacebookShare on Twitter

මෙවර අයවැය යෝජනා හරහා කහ සහ ඉඟුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය ගත් තීරණයට සම්පූර්ණයෙන් එකඟ බවත් මේ වනවිට වෙළෙඳපොළේ පවතින දැඩි කහ හිගය මත සලකා දැනට මෙරටට ගෙන්වා රඳවාගෙන සිටින ඉන්දියාවෙන් ගෙන්වූ කහ කිලෝ ග්‍රෑම් ලකෂ 09ක තොගය නිදහස් කිරීමට කටයුතු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රි ලංකා ආහාර අපනයකරුවන්ගේ සංගමයේ සංවිධායක එස්.අලීල්වේන්ද්‍රන් මහතා ලංකාසරට පැවසීය.

පසුගිය කොවිඩ් අවදානම හමුවේ රජය විසින් ලබාදෙන ආනයන ලිහිල් කිරීම් මත පසුගිය අප්‍රියෙල් මාසයේදී ගෙන් වූ මෙම කහ තොගය දැනට රජය මඟින් රඳවාගෙන සිටින අතර එම ස්ථානයේ කන්ටේනර් 50ක කහ කිලෝ ග්‍රෑම් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් දැනට වෙළෙඳපොළේ පවතින දැඩි කහ හිගය සලකා එම තොගය නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය.

ලංකාසර වෙත තවදුරටත් කරුණු අනාවරණය කළ අලිල්වේන්ද්‍රන් මහතා රජය කහ ආනයනය කිරීම තාවකාලික ව අත්හිටවූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ. නමුත් මේ අතරවාරයේ මෙරටට ගෙන්වා තිබූ කහ තොග නිදහස් කිරීමට කටයුතු කළා. කන්ටේනර් 19ක් නිදහස් කිරීමට කටයුතු කළා.

ඒ ජනවාරි මාසයේ සහ මාර්තු මාසයේ කොවිඩ් අර්බුද නිසා නිදහස් කළා. ඒවා නිදහස් කළේ කොවිඩ් නිසාමයි. එය විශේෂ සහනයක් ලබා දීලා තාවකාලි ව තහනම තිබියදීම ඒවා ඉවත් කළා. ඊට පස්සේ කොරෝනා තව වැඩි වුණා. අපි හිතුවා කහ යළි ත් නිදහස් කරයි කියල. ඒ විශ්වාසයෙන් අපේ අපනයනකරුවන් කිහිප දෙනෙක් තවත් කන්ටේනර් 11ක් ගෙනාවා. මෙම කන්ටේනර් ආවේ අප්‍රියෙල් මාසයේ. නමුත් ඒ කන්ටේනර් ගෙනාවෙත් ආනයන තහනම තිබියදීමයි. කොහොම වුණත් මේ රටේ ගොවීන්ගේ කහ අස්වැන්න පිළිබඳවත් සලකලා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම කන්ටේනර් මැයි මාසයේ 10 වැනිදාට කලින් නිදහස් කර ගන්න තම විරෝධතාවක් නොමැති බවට ලිපියක් නිකුත් කළා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම අවස්ථාව උපයෝගි කරගෙන තවත් ආනයනකරුවන් ගණනාවක් කහ කන්ටේනර 34ක් ආනයනය කළා. නමුත් ඒ වෙලාවේ රජය කීවේ අප අවසර දුන්නේ කන්ටේනර් 11කට මේවා නිදහස් කරන්න බැහැ කියල. කොහොම හරි මේ තත්තවය මත දැන් කන්ටේනර් 50ක් විතර නිදහස් නොකොට ගුදම්වල පවතිනවා
ප්‍රශ්නය තියෙන්නේ දැන් වෙළෙඳපොළේ ලොකු කහ හිගයක් පවතිනවා. දේශීය ගොවීන්ගේ අස්වැන්න එන්න තවත් මාස දෙකක් පමණ ගත වෙනවා.

දැන් මිනිස්සු කහ වෙනුවට කන්නේ වෙනත් ව්‍යාජ කහ. මෙය ඔවුන්ගේ සෞඛ්‍යයටත් අනතුරක්. අනෙක් අතින් මේ වනවිට උතුරෙන් නැගෙනහිරින් ඉන්දියාවෙන් විශාල වශයෙන් කහ හොරෙන් මෙරටට ගෙන්වනවා. මේ වනවිටත් සෑහෙන ප්‍රමාණයක් අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා.

එයින් රජයට කිසිදු බදු ආදායමක් එන්නෙත් නෑ. අපි රජයෙන් ඉල්ලන්නේ මාසයකට සති 6කට උපරිම වශයෙන් ප්‍රමාණවත් වෙන මෙම කහ තොගය ඉක්මනින් නිදහස් කර දෙන්න කියලයි. අපිත් දේශීය ගොවියා ප්‍රමාණවත් තරම් මේ රටේ කහ නිෂ්පාදනය කරල ආනයන වියදම් අඩු කරනවාට එකඟයි. රජයේ මේ තීරණය මැද අපි යළිත් ඉල්ලා සිටින්නේ පවතින වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳව සලකා මේ පිළිබඳ ව හොඳින් සොයා බලා මෙම කහ තොගය නිදහස් කරන්න කියලයි““ යයි අලිල්වේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2021 සම්පූර්ණ අයවැය කතාව

Next Post

අලි වැටින් වට වුණු ලංකාවේ පොහොසත්ම ඉස්කෝලෙ විදුහල්පති තරුණයා ලංකාසරට කී කතාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.