සූරියවැව නුවන් ජයසේකර –
අම්බලන්තොට වලවෙවත්ත ප්‍රදේශයේ කලක සිට සිය අණසක පතුරුවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වු “කරාද චුටි“ නැමැත්තා තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් ඊයේ (22) රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට, වලවේවත්ත, ගඟ පාරේ පදිංචි 39 හැවිරිදි අයෙකි. සැකකරු පිළිබදව තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී සැකකරු නිවසේ සිට යතුරු පැදියකින් අයිස් මත් ද්‍රව්‍ය රැගෙන යමින් සිටියදී පොලිස් නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන පරික්ෂා කර ඇත. එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 205යි මිලි ග්‍රෑම් 400ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අයිස් තොගයේ වීථි වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්නය.
අත් අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරුට අයිස් මත් ද්‍රව්‍ය කතරගම කොළඹ බස් රථයක සේවය කරන සිය සහෝදරයෙකු විසින්ම රැගෙනවිත් දෙන බවය.
ඒ අනුව එම සැකකරු සොයාද පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර මේ වන විට ඔහු සැගව සිටින බවය මුලික පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත. අත්අඩංගුවට පත් සැකකරුගේ වැඩිමල් සොහොයුරා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක වරයෙකු ලෙසද කටයුතු කරන බවට අනාවරණය වි තිබේ.
අත්අඩංගුවට පත් තැනැත්තාට එරෙහිව මීට පෙරද මත් ද්‍රව්‍ය ඇතුළු චෝදනා කිහිපයක්ම පවතින බවද අනාවරණය වී ඇත. සැකකරු වැඩිදුර විමර්ශන කටයතු සදහා අම්බලන්තොට පොලිසියට බාර දී ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රශ්න කිරීම සඳහා රදවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනිමටද නියමිතය.







