සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කපා කොටා ඝාතනය කළ වත්තේගම මාළු ව්‍යාපාරිකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අධිකරණ නියෝග මැද සිදුවෙයි!

by editor
ජනවාරි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වත්තේගම අටලාහගොඩ ප්‍රදේශයේ දී පසුගිය  03 දා රාත්‍රී 11.00 ට පමණ කපා කොටා ඝාතනය කළ වත්තේගම අමිල මාළු වෙළෙඳසලේ මිහිකරු වූ සංජීව වසන්ත කුමාරගේ අවසන් කටයුතු අද (06) පොලිසියේ දැඩි රැකවල් මධ්‍යයේ සිදු කෙරුනේය.

අමිල ගේ ඝාතනයත් සමග ප්‍රදේශයේ පිරිස් දැඩි ලෙස නොසන්සුන් වූ අතර ඔහුගේ මරණයට සැක කරනු ලබන, මින් පෙර ඔහුට මරණීය තර්ජනය එල්ල කරමින් ඔහුව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් පාතාලයට ලබා දුන් බව කියන ප්‍රදේශයේම මාළු ව්‍යාපාරිකයෙකුගේ වෙළෙඳසලට ඊයේ එම පිරිස් කඩා වැදී වෙළෙඳසල විනාශ කරනු ලැබුවේය.

අද මරණය සම්බන්ධ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ දී මහජන සාමය කඩවන ආකාරයේ නොසන්සුන්තාවයක් ඇතිවීම වළක්වාගැනීම සඳහා පොලිසිය තෙල්දෙණිය අධිකරණයෙන් අධිකරණ තීන්දුවක් ලබාගෙන තිබිණි.

දේහය රැගෙන නගරය ඔස්සේ ගමන් නොකරන ලෙස ද පොලිසිය විසින් උපදෙස් ලබා දී තිබිණි. එහෙත් පිරිස වත්තේගම නගරය හරහා දේහය රැගෙන යෑමට උත්සාහ කළත් පොලිසිය එය වළක්වනු ලැබුවේය. පසුව විකල්ප මාර්ගයක් ඔස්සේ දේහය රැගෙන ගොස් නාරන්දණ්ඩ පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකළහ.

මරණය සිදුවූ ආකාරය

මත්ස්‍ය ව්‍යාපාර කටයුතු නිමකර යතුරු පැදියෙන් නිවස බලා යමින් සිටි සංජීව වසන්ත කුමාර ඝාතනය කර තිබුණේ ඔහු ගේ නිවස ඉදිරිපිටදීමය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මරුති වර්ගයේ කාර් රථයකින් පැමිණි සිව් දෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඝාතනය කිරීමට පෙර ඔවුන් සංජීවට මිරිස් කුඩු ප්‍රහාරයක් ද එල්ල කර තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබිණි.

ඝාතනය වූ සංජීවට තවත් මාලු ව්‍යාපාරිකයෙකුගෙන් මරණ තර්ජන එල්ල වී තිබුණු බව ඔහුගේ ඥාතිහූ කීහ.

රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් මත ඔහු ඝාතනය කරන්නට සිටින බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් සංජීව විසින් මෙයට මාසයකට පමණ ඉහත දී තෙල්දෙණිය පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බව ඔවුහූ පැවසූහ.

වත්තේගම පොලීසියට අදාළ පැමිණිල්ල කිරීමෙන් තොරතුරු සංජීවට ඝාතනය කිරීමට උත්සාහ කරන මාළු ව්‍යාපාරිකයා වෙත ලැබෙනු ඇතැයි සිතා සංජීව එම පැමිණිල්ල තෙල්දෙණිය පොලීසියට කළ බව ඥාතිහූ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මෙම ඝාතනය ගාල්ල දකුණු පළාතින් පැමිණි පිරිසක් විසින් සිදු කරන්නට ඇති බව පොලීසිය සැක කරයි.

ඝාතනයට ලක් වූ සංජීව කුමාර ගේ ඥාතීන් ලබාදුන් තොරතුරු පදනම් කර ගනිමින් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට වත්තේගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්!

Next Post

එළඹෙන පළාත් පාලන මැතිවරණයට සජිත් රනිල් එක මිටට! …

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.