බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්ටේනර් 323 ගැන CID පරීක්ෂණයෙන් පස්සේ හරියටම දැනගන්න… ඇමති බිමල් කියයි!

by editor
ජූනි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වරායේ බහාලුම් කිසිම දේශපාලන බලපෑමක් මත නිදහස් වී නැති බවත්, කන්ටේනර් 323 පිළිබඳ ප්‍රශ්නය මේ වනවිට ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බැවින් එම පරීක්ෂණයෙන් අනතුරුව  අදාල නිසි පිළිතුරු  රටට ලැබෙනු ඇති බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (05) පාර්ලිමේන්තුවේ දී  පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන චමින්ද විජේසිරි සහ දයාසිරි ජයසේකර මතුකළ කරුණුවලට පිළිතුරු දෙමිනි.

ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“වරායේ බහාලුම් කිසිම දේශපාලන බලපෑමක් මත, ජනාධිපතිවරයාගේ, ඇමතිවරයාගේ හෝ සභාපතිවරයාගේ බලපෑමක් මත එකක්වත් නිදහස් වෙන්නේ නෑ. එහෙම ඉතිහාසයේ තිබිලා ඇති. එහෙම නිදහස් කරලා නෑ. එහෙම නිදහස් කරන්න බලයකුත් නෑ.”

“රටේ සංවාදයට ලක් වෙලා තියනවා කන්ටේනර් 323ක් නිදහස් කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒකට අපිවත් සම්බන්ධ කරලා තියනවා බොහොම උනන්දුවෙන්. ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වලා තියනවා. ඒ පරීක්ෂණවලින් මම හිතනවා රටට පිළිතුරු ලැබෙයි. ඒ පිළිතුරු ලැබෙන එක හොඳයි.”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“ඒ ගැන මට කියන්න තියෙන්නේ එපමණයි. අනික් කිසිම දෙයක් අපේ මත නිදහස් කරලත් නෑ. කරන්නෙත් නෑ. කරන්න දෙන්නෙත් නෑ. ඒ වගේම වරායේ සිද්ධ වෙච්චි මහා පරිමාණ දූෂණ අපි පරීක්ෂණ පටන් අරන් තියනවා.”

කන්ටේර්න 323  සම්බන්ධව ප්‍රශ්නය රජයට බරපතල චෝදනාවක් එල්ල වී ඇති බවත් ඒ කන්ටේනර් තුළ තිබුණේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ බවට දැන් ජනතා මතයක් ගොඩනැගී ඇති බවත් අද පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේය. මේ කන්ටේනර් තොගය ගෙන්වූ නියෝජිතයා සම්බන්ධව හෙළි කරන ලෙස මන්ත්‍රීවරයා වරාය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

යළිත් ඇමතිවයා  මෙසේ කීවේය.

“ඒ පිළිබඳව කලින් මන්ත්‍රීතුමාට උත්තර දුන්නා. මෙතුමා සීඅයිඩී එකට කැඳවලා තියනවා. මෙතුමා තමයි මට වඩා ඒ ගැන දන්නේ. ඒ පරීක්ෂණවලින් ඔප්පු කරන්න. අපරාධ පරීක්ෂණවලට උත්තර දෙන්න.” වරාය ඇමති බිමල් රත්නායක පැවසුවේය.

ජනාධිපතිවරයා මැතිවරණයට කලින්  ජර්මනියට ගොස් ඩයස්පෝරාව මුණගැසුනු බවත්, තායිලන්තයේ තිබූ ප්‍රභාකරන්ගේ ආයුධ තොගය කුමරන් පද්මනාදන් හරහා ලංකාවට ගෙනා බවත් ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ප්‍රකාශ කළේය.

රාමනාදන් අරචුනා කීවේ එම ගිනි අවි කන්ටේනර් තොගය වළ දමා ඇති බවය. මෙය තමන්ට ඔප්පු කළ නොහැකි නමුත් කන්ටේනර් 323ක තිබුණේ ප්‍රභාකරන්ගේ ගිනි අවි බව ඔහු කීවේය. ආණ්ඩු පක්ෂය අභියෝග කළේ හැකිනම් මේ ප්‍රකාශය සභාවෙන් පිටතට ගොස් කියන ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හල්ලොලුව යළිත් රිමාන්ඩ්…

Next Post

ටොන් එකක චොක්ලට් අනුරුවක් හැදෙන ස්විස්ටර්ලන්තයේ සුපර් ස්ටාර් වසු පැටියා – මුනි “සීබු”

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.