කථානායක ධූරය සඳහා විපක්ෂය නියෝජනය කරමින් අයෙක් නම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.
මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කරන්නේ නැවත වරක් රැවටෙන්නට බැරි බවත්, මාලිමාවෙන් ඉදිරිපත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනුම සහ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව සමගි ජන බලවේගයට විශ්වාසයක් නැති බැවින් සමගි ජන බලවේගයෙන් කථා නායක ධූරයට නාම යෝජනාවක් සිදුකරන කරන බවය.
ඔහු මෙසේ ද පැවසුවේය.
” අප බලාපොරොත්තු වෙනවා අඟහරුවාදා දිනයේ අපෙනුත් කථානායකවරයෙක් යෝජනා කරන්න. මොකද අපට විශ්වාසයක් නෑ ඊලඟට කථානායක විදිහට මාලිමාවෙන් නම් කරන පුද්ගලයගෙත් සුදුසුකම් හෝ විශ්වාසය පිළිබඳ බරපතල සැකයක් තියනවා. මොකද ඊලඟ පාර අපට රැවටෙන්න බෑ. අපිත් රැවටිලා එයාට සහයෝගය දුන්නනෙ.”
“නියෝජ්‍ය කථානායකවරයා විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා ඇවිත් දැන් ඕන්න දැන් විශේෂඥ පට්ටම නෑ. තමන් වෛද්‍යවරයෙක් විතරයි කියලා කියනවා. ”
“අපි මේ සම්බන්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මැතිවරණ කොමිසමට අපි පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා තමන්ට නැති අධ්‍යාපන සුදුසුකම් රටේ ජනතාවට පෙන්නලා ඔවුන්ව මුලා කරලා ඡන්දය ගත්තු අයගේ මන්ත්‍රී ධූරය අහොසි කරන්න කටයුතු කරන්න කියලා.”







