කතා නායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධව දැනට මතු වී ඇති ප්‍රශ්නයට සාධනීය පැහැදිලි කිරීමක් කථානායකවරයාගේ පාර්ශවයෙන් ලබාදීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (10) කැබිනට් තීරණ දැනුම් දීමේ දී ප්‍රකාශ කර සිටියේය.
ඒ මේ වනවිට කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව මතුවී ඇති ප්‍රශ්නයට රජයේ ස්ථාවරය කුමක් දැයි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. මාධ්‍ය පෙන්වා දුන්නේ මේ වනවිට පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්ද කතානායකවරයාගේ “ආචාර්ය” යන කොටස ඉවත් කිර ඇත බවය.
ඊට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසුවේය.
“එක එක් කණ්ඩායම් මේ ප්රශ්නය මතු කරලා තියනවා. මා දැක්කා මං සම්බන්ධවත් එවැනි කතාවක් ඇති වෙලා තියනවා. කථානායකවරයාගේ ප්රශ්නය සම්බන්ධව ඉතාම පැහැදිලි ප්‍රකාශයක් කතානායකවරයා විසින් සිදුකරාවි. මේ ඒ අයගෙ ප්‍රධාන මාතෘකාව දැන් ඕක. ඔවුන්ටත් අවස්ථාවක් දෙන්න මොනවා හරි කතා කරගෙන කරගෙන ඉන්න. ඒ සම්බන්ධව ඉතාම වගකීම් සහගත ප්‍රකාශයක් කථානායකවරයාගේ පැත්තෙන් සිද්ධ කරනවා.”
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. කතානායකවරයා සිය සුදුසුකම් පිළිබඳ වාර්තා කළ පසු සිදු කළ යුත්තේ කුමක්දැයි තීන්දු කරන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.







