අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතරගම දෙවි හාමුදුරුවන්ගේත් කිරිවෙහෙර වහන්සේගේත් ආශිර්වාදය ලැබිය හැකි ප්‍රායෝගික ක්‍රමය කිරිවෙහෙර නා හිමියෝ සැදැහැවතුන්ට කියති!

by editor
ජූනි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

දෙස් විදෙස් විශාල ජනතාවක් සම්බන්ධවෙන කතරගම ඇසල මහා මංගල්‍යය තව දින 07කින් ආරම්භවන බවත්, මෙම උත්තම පුණ්‍යකර්මයට  සහභාගී වීම සඳහා පැමිණෙන බැතිමතුන් තමන් රැගෙන එන පොලිතින්, ප්ලාස්ටික් බෝතල් වැනි  කසල අවිධිමත්ව පුදබිමට බැහැර කර ශුද්ධ භූමියක් අපවිත්‍ර නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවත්    කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නා හිමියෝ පවසති.

උන්වහන්සේ බැතිමතුන්ට අනුශාසනා කරන්නේ හැඟීම් රහිතව තැන තැන කසල බැහැර කර ශුද්ධ භූමියක් අපවිත්‍ර කරන්නේ නම් එම  පින් බිම වන්දනා කර ප්‍රාර්ථනා කරන යහපත පුද්ගලයින් වෙත ලඟා නොවන බවය.  රහමෙර පානයෙන් වැලකී නිර්මාංශව පැමිණ  විනිතව සංවරව මෙම පුදබිම වන්දනා කරන ලෙස උන්වහන්සේ බැතිමතුන්ට උපදෙස් දෙති.

උන්වහන්සේ මෙසේ ද කරුණු පහදති.

” කිරිවෙහෙර සෑ රදුන් වදින්න එද්දී, කතරගම දෙවි හාමුදුරුවන් වදින්න එද්දී ඔබ රැගෙන එන පොලිතින් ආදි කැළි කසල තැන තැන බැහැර කරලා මේ පුදබිම අපවිත්‍ර කරන්න එපා. කැළි කසළ දැමිම සදහා මෙවරත් අපි විශේෂිත වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා. කසල බඳුන් තුළට පමණක්ම කසල බැහැර කිරිම කරන්න.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ ඇසල පෙරහැර මංගල්‍යෙය්දි ඔබ විවිධ පළාත්වල සිට මේ කතරගම පුදබිමට පැමිණෙන්නේ මහත් වු ශ්‍රද්ධාවකින් හා බැතියකින් යුතුව කිරිවෙහෙර සෑ රදුන්ගේ,අෂ්ඨ ඵළරුහ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න මෙන්ම කතරගම දෙවියන් වෙනුවෙන් විවිධ බාරහාර ඔප්පු කරන්නයි. ඉතින් මේ එද්දී ඔබ පුදබිමට ඇවිත් වන්දනාමාන සිදු කරලා බාර හාර ඔප්පු කරලා යන විට ඔබ රැගෙන ආ පොලිතින් ආදී කැළි කසල පුදබිමේ විවිධ ස්ථානවලට බැහැර කරලා මේ පුදබිම අපවිත්‍ර කරලා යනවා කියන්නේ ඔබ කතරගමට ඇවිත් සිදුකල පිංකම් වලින් ආශිර්වාදයක් ගන්න පුළුවන් වෙන එකක් නෑ.

ඔබ මේ පුදබිමට එන්නේ සැදැහැති සිතින් වගේම ඔබ වන්දනාමාන සිදුකරලා යළි මේ පුදබිමෙන් යන්න ඕනෙත් සැදැහැති සිතින්ම තමයි.ඒ තුළ තමයි දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ඔබට ලබා ගන්න පුළුවන් කම තියෙන්නේ.

මෙවර කතරගම වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය ජූලි මස 06 වන දින සිට 22 දින දක්වා පැවැත්වෙනවා.ලෝකවාසි සියළු ජනතාවට මේ සදහා එක්වන්න කියලා ආරාධනා කරන ගමන්ම යළිත් මම සිහිපත් කරන්නේ මෙයයි. පුදබිම අවට සෑම ස්ථානයකම කසළ බැහැර කරන්න ස්ථාන වෙනම ස්ථාපනය කරලා තියෙනවා. ඒ ස්ථාන වලට ඇරෙන්න වෙනත් කිසිදු ස්ථානයකට කසල බැහැර කිරිම සිදුකරන්න එපා .

මොකද සෑම වසරකදීම අපි විශාල කැළි කසල තොගයක් එකතු කරනවා පුදබිමට පැමිණි ඔබ විසින් තැන තැන ගස් යට දමා ගොස් තිබෙන. ඒ නිසා නිර්මාංශව, මත් පැන් බීමෙන් තොරව සැදැහැති සිතින් බැතියෙන් යුතුව දෙවියන් බුදුන් වදින්න එන්න කියන ඉල්ලීම කාරුණිකව කරනවා”

යැයි උන්වහන්සේ කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රංගේ ගේ පුතා අත් අඩංගුවට… ඔහු පැදවූ රථය පාරෙන් ඉවතට පැන ත්‍රී රෝද රථයක ගැටෙයි… ත්‍රී රෝද රථ රියදුරුට අසාධ්‍යයයි!

Next Post

ජූනි 30ට පසු කල් ඉකුත්වන විදේශ ගමන්බලපත්‍රවල වලංගු කාලය නොමිලේ වසරක් දීර්ඝ කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.