බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩාවැටුණු පුවත්පත් කර්මාන්තය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ පෙනී සිටින්න සජිත් ලෑස්තියි

by Lanka Sara Editor
ජනවාරි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පුවත්පත් කර්මාන්තයට වෘත්තීයමය සහ අලෙවිය අතින් එල්ල වී ඇති අභියෝගාත්මක තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ හඬක් නැගීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ පුවත්පත් කතෘවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුහද සාකච්ඡාවක් විපක්ෂනායක කාර්යාලයේදී අද (07) පැවැත්වූ අවස්ථාවේදී ය.

එම අවස්ථාවට සමගි ජන බලවේගයේ  මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, මනූෂ නානායක්කාර ඇතුලු පිරිසක් සහභාගි විය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,  

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් පුරුකක් වන්නේ ජනමාධ්‍යයි.ඉතින් එහෙම සුවිශේෂී භූමිකාවක් නිරූපණය කරන තම වසරේ හමුවීමට ලැබීම භාග්‍යයක් විදිහට සලකනවා. අපි මුලින්ම ස්තූතිවන්ත වෙනවා පසුගිය වසර තුළ ඔබතුමන්ලාගේ පුවත්පත් තුළ සමගි ජන බලවේගයටත් විපක්ෂය හැටියට අපටත් සහයෝගය ලබා දීම සම්බන්ධව. ඒ ගාන කෘතගුණ පූර්වකව අපි  සිහිපත් කරනවා.මේ වසරේදීත් අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ සහයෝගය අපිට ලබා දෙයි කියලා.

2020 පහුගිය වසර කියලා කියන්නේ මේ රටටත් ලෝකයටත් ඉතාමත් ම අභියෝගාත්මක වසරක්. ඒ අභියෝගය  මාධ්‍ය ක්ෂේත්‍රයටත් එහෙමම තමයි. නව මාදිලියක සෞඛ්‍ය අභියෝගයක් ලෝකයටම බලපෑවා .අපේ රටත් ඒ අභියෝගයට මුහුණ දුන්නා .2021 අපේ ප්‍රාර්ථනාව ඉතා කෙටි කාලයක් තුළ අපට මේ corona උවදුරෙන් මිදිලා නිදහස් රටක ජීවත් වීමේ වාසනාව ලැබේවා කියලයි.

මේ corona අභියෝගය තුළ මාධ්‍ය ක්ෂේත්‍රය අභියෝග රැසකට මුහුණ දුන්නා. ඒ සියල්ල මැද ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නට ඔබතුමන්ලා කටයුතු කරපු ආකාරය ගැන අපේ ප්‍රශංසාව සහ ගෞරවය පුද කරනවා. ඉතාමත්ම දැඩි ලෙස අපි ඒක අගය කරනවා.

විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍යයට මේ වෙනකොටත් අභියෝග රැසක් තිබෙනවා. මුද්‍රණ පිරිවැය ප්‍රශ්න, තවත් පැත්තකින් වෙළඳ දැන්වීම් ප්‍රශ්න අළෙවි ප්‍රශ්න වගේම මාධ්‍ය ආවරණ කටයුතු පවා විශාල අභියෝගයක්.

මේ නව තත්වයන් එක්ක ඔබතුමන්ලාට නව උපක්‍රම භාවිතා කරමින් සහ අලුත් විදිහට මුහුණ දෙන්න විධික්‍රම හොයන්න  සිද්ධ වුණා. ඒ අභියෝගය ජය ගැනීමේ ශක්තිය ඔබට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු විශේෂ දෙයක් තමයි නිදහස් නිවහල් මාධ්‍යය. ඒ වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා .විශේෂයෙන්ම මාධ්‍ය තුළින් තමයි ආණ්ඩුවේ වගේම  විපක්ෂයේත් යම් යම් ඌණතාවයන් තියෙනවා නම් ඒවා පෙන්වා දෙන්නේ.ඒවා අපි නිවැරදි ආකාරයට පිළිගන්න ලෑස්තියි .සත්‍ය මත පදනම් වූ වාර්තාකරණයට අපේ රට තුළ අසීමිත ඉඩක් තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

දැනගන්නට තිබෙන ආරංච් අනුව පුවත්පත් වල අලෙවිය අභියෝගාත්මක තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ වගේම වෘත්තීය අභියෝග රැසක්ම තියෙනවා .

පුවත්පත් කර්මාන්තයේ අභියෝගාත්මක තත්ත්වයන් තුළ අපගෙන් යම් සහයෝගයක් අවශ්‍ය නම් විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ ඔබතුමන්ලා වෙනුවෙන් කළ යුතු යමක් වේ නම් අපි ඒ වෙනුවෙන්  කටයුතු කරනවා.

 ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය වගේම රට ශක්තිමත් කරන හතරවෙනි පුරුක විදිහටයි අපි ජනමාධ්‍ය දකින්නේ .නිදහස් නිවහල් මාධ්‍ය තිබිය යුතුය කියන ස්ථාවරයේ අපි එදත් හිටියා. අදත් හෙටත් ඉන්නවා .සමහර විට
මාධ්‍ය අප වෙත කුමන චෝදනා, කුමන අභියෝග එල්ල කළත් කිසිම දිනක මම  මාධ්‍යයට එරෙහිව වචනයක් හෝ කතා කරලා නැහැ.

මාධ්‍යට එරෙහිව කරන නිර්දය විවේචන මම හෙළා දකිනවා.ජනමාධ්‍ය තුළින් වේවා කුමන දෙයකින් හෝ වේවා අපි බැට කනවා නම් අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ නිවැරදි මාවත තෝරා ගෙන පන්නරය ලබන්න.

එවැනි අභියෝග ඉදිරියේ දී හැසිරෙන ආකාරය තුළින් තමයි අපි ප්‍රශස්ත වන්නේත් ප්‍රසංසනීය වන්නේත් .

ඒ නිසා ඔබේ සාධනීය විවේචන අපි ගෞරවයෙන්  භාර ගන්නවා.ඒ වගේම ඔබට සෞඛ්‍යය සම්පන්න  අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.” 

මෙහිදී කතෲවරුන් විසින් අසන ලද ප්‍රශ්න වලට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු ලබා දුන්නේය.

පළාත් සභා පිළිබඳව ඇසූ ප්‍රශ්නයට විපක්ෂ නායකතුමා ප්‍රකාශ කළේ දහතුන්වන සංශෝධනයේ දැන දැන් පවතින තත්වයට පළාත් සභා ක්‍රමය පැවතිය යුතු යැයි තමන් විශ්වාස කරන බව ය.

සමගි ජන බලවේගය තුළ ගැටුම් ඇති බවට ගෙන යන ප්‍රචාර සහමුලින්ම අසත්‍ය බවත් දිනෙන් දින ආණ්ඩුව අප්‍රසාදයට පත් වන විට ඔවුන් විසින්ම යම් යම් බොරු සමාජගත කරන බවත් විපක්ෂ නායක වරයා පැවසීය. සමගි ජන බලවේගය යනු ප්‍රතිපත්ති පිළිගන්නා සියලු දෙනාට එකට එකතු විය හැකි හැකි දේශපාලන බලවේගයක් බව පැවසූ විපක්ෂනායකතුමා පක්ෂයට අනුබද්ධ සංවිධාන ලෙස ඕනෑම සංවිධානයක් පිහිටු වීමේ හැකියාව ඇති බවද පැවසීය .මේ රටේ දේශපාලන පක්ෂයකට ඇති ප්‍රජාතන්ත්‍රවාදීම ව්‍යවස්ථාව සමගි ජන බලවේගය ට ඇති බව පැවසූ විපක්ෂනායකවරයා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවට අනුකූලව සිදුකරන සියලු කටයුතු වලට සිය අනුමැතිය හිමි වන බවද පැවසීය.
සමගි ජන බලවේගය තුළ නායකත්වය මුල් කරගත් බල පරාක්‍රම යක් නැති බවත් එහි සාමාජිකයින්ට වහලුන් මෙන් කටයුතු කිරීමට සිදු නොවන බවත් පැවසීය . 

සිය මතවාද සහ අදහස් උදහස් ඉදිරිපත් කිරීමේ උතුරා යන  ප්‍රජාතන්ත්‍රවාදයක් සහ භාෂණයේ උපරිම නිදහසක් තම බලවේගය තුළ ඇති බවද විපක්ෂනායකවරයා පැවසීය.

අපි කුඩා මන්ත්‍රී කණ්ඩායමක් වුවත් ප්‍රබල විපක්ෂයක් ලෙස අපේ කටයුතු සිදුකළ බවත් එමෙන්ම ඉතාමත් ම ප්‍රබල සංවාද පක්ෂය තුළ තුළ සිදුවන බවත් ඒ මහතා පැවසීය .පක්ෂයක අභ්‍යන්තර මතවාද මෙන්ම වාද විවාද සියල්ල පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සහ පක්ෂය අභ්‍යන්තරයේ සිදුවන දේවල් මිස අනවශ්‍ය ගැටුම් නොවන බවද තම පක්ෂය තුළ කිසිවෙකු වහල් මානසිකත්වය තුල නැති බවද ඒ මහතා පැවැසීය.

ඉතා කෙටි කලක් තුල පක්ෂය ආ ගමන ගැන සතුටු වන බවත්,එහෙත් උපරිම සතුටක් ලැබෙන්නේ ජයග්‍රහණය තුලින් බවද ඒ මහතා පැවසීය.
විශේෂයෙන්ම රටේ ජනතාව උදෙසා ජනහිතකාමීව අරගල කිරීමට මේ කෙටි කාලය තුල හැකිවූ බවද ඒ මහතා පැවසූ අතර එය සතුටක් බවද කීය.ඊට සිය මන්ත්‍රීවරු ලබා දුන් සහය ප්‍රසංශනීය බවද කීය.

විශේෂයෙන්ම කොරෝනා ප්‍රශ්නය මැද පවා අභියෝගාත්මකව ” දිනමු” වැඩසටහන හරහා පක්ෂය ගොඩ නගන බවත් එය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරු උපරිමව කැපවෙමින් ඉටු කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.ඊට අමතරව විපක්ෂ නායක ජංගම සේවය තමන් ක්‍රියාත්මක කරන බවද කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූවැලිකඩ නිවස බිඳ වැටුනේ හිමිකරුගේ අනීතික ඉදිකිරීම් නිසාමයි…

Next Post

කොවිඩ් රෝගීන්ට කායික මානසික සුවය දෙන ආයුර්වේද ප්‍රතිකාර  නාවින්නේ ඇරඹෙයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.