වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ බලපෑම මත වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කරන්නට මුල් වී ඇත්තේ ප්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවන් 28 දෙනෙක් බව ලංකාසරට වාර්තා වේ.
මෙම කසිප්පු ජාවාරම්කරුවන් 28 දෙනා අදාල ඇමතිවරයාගේ නිවසේ දී ඔහු සමග කළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම බලපෑම එල්ල වී තිබුණු බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
වෙන්නප්පුවේ දී දේශපාලන ආශීර්වාදය සහිතව කරගෙන යන කසිප්පු ජාවාරම ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් වටලමින් සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා විසින් කළ මෙහෙයුම් නිසා මෙම ජාවාරම්කරුවෝ බලවත් අර්බුදයකට පත්ව සිටියහ.
කෙසේ වෙතත් මේ වනවිට ප්‍රදේශයේ බහුජන ව්‍යාපාර සහ ආගමික සංවිධාන නීතිය ආරක්ෂා කිරීම අපේක්ෂා කරන ජනතාව සමග එක්ව මේ අනීතික කටයුත්තට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.