වැඩබලන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහට සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වන ලෙස බලකරමින් විරෝධතා මාලාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
අද (18) සහ හෙට (19) තම ප්‍රදේශවල විරෝධතා පවත්වන ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් කිරීමට අපට හැකි වූයේ මුළු රටම එකතු වී ජාතියම උද්ඝෝෂණ භූමියක් බවට පත්කිරීම නිසා බව ඔහු පෙන්වා දුන්නේය.
වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙට (19) ජනතා විරෝධතාවක් පැවැත්වීමට නියමිතයි.








