දිනසේන රතුගමගේ –
කොටි සංවිධානයේ නම් ගම් ලාංඡන භාවිත නොකොට ආරක්ෂක අංශ සාමාජිකයින් කුපිත වන අන්දමේ හැසිරවීම් වලින් තොරව උතුරේ ඕනෑම අයෙකුට යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට ඉඩක් ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ දෙමළ දේශපාලනඥයින්ට ප්‍රකාශ කොට තිබේ.
උතුරේ එවැනි උත්සව සංවිධාන කරණ පිරිසට ආරක්ෂක අංශ වලින් විවිධ තර්ජන එල්ල වන බව දෙමළ දේශපාලනඥයින් විසින් අමාත්‍යවරයාට තොරතුරු දැණුම් දුන් අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ.
අමාත්‍යවරයා විසින් කළ මේ ප්‍රකාශය උතුරේ මාධ්‍ය වල පල වීමත් සමගම මෙම නොවැම්බර් මස 27 වෙනිදා යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා බොහෝ පිරිසක් උත්සව සංවිධානය කරන්නට පටන් ගෙන තිබේ.
නමුත් ඔවුන් එම උත්සව වැඩි වශයෙන් සංවිධානය කොට ඇත්තේ එල්.ටී.ටී.ඊ. ස්මාරක හා ඔවුන්ගේ සොහොන් කොත් අබියසදීය.







